Sunday, December 26, 2010

නුඹ නැතුවම...


මයෙ රත්තරන්
මයෙ පණ....
ඉවසන්න බෑ තනිකම.......
වලාකුලින් තොර නුඹ.....
නොපෙනෙන්නෙ ඇයි පුර හඳ....
යන්තම් ගැහෙන හදවත.....
අයැදින්නේ
උඹෙ උණුහුම......
වස්සානයේ ඉම තව......
දුර ඈත නුඹ නැතුවම...

Friday, December 24, 2010

නිල් පාට හීන....


පට්ට පල් බොරු ගොතයි...
මගෙ වල් හිත....
මා එක්කම......
උත්තර බඳින්නට....
ඇහුවාම....
ආගිය තොරතුරු....
මගෙ යටි හිත.........

ඇහැගටුනු....
පින්තූරු.....
වැල් ඔක්කොම.........
තබා යට කොට.....
වසා ඉවසීමෙන.......
මවා ගෙන එයි....
යලිත් මේ රෑ මැද.......
හොරෙන් හොරෙන්...
ඔසවා තබා රාගී මන.......
වසා බෝසත් කම....

Sunday, December 12, 2010

සුබාසිරි....


අය වැය ඔළුවෙ තියාන....
යුතුකම් පයේ තියාන....
මාන්නය හිතේ තියාන....
පපුවට සීල් තියාන.....
ඉරන ලීය
ඇද වෙන එක
අහන්නත් දෙයක්ද?......

Saturday, November 27, 2010

හීතල හීන.....


ඇල්මැරුණු පෙම් හීන
කල්මරන රෑ පුරා......
ඉකිගසයි සන්තානයේ
ඇඳුනු වේදනා.......
මිහිර අමිහිරට
හුවමාරුවුනු යාමයේ.....
මං තාම අවදියෙන්
උඹ හීන ලෝකයේ......

Saturday, November 20, 2010

පාට පාට හීන....


මල් පිපෙන්නේ නැති
දාස් පෙතියා ගහකින්.....
හඳට ටිකට් එකක් අරං.....
බලාන ඉඳිමු අපි...
දළු දාන තුරු....
පරණ සිල්පර කොටං......
හඳ නැති රෑක
නැට්ට නැති ගෙඩියක්......
කොළ නැති ගහෙන් කඩං......
හිටවමුද අපි
ඇපල් ඇටයක්.....
නෙලන්නට හිතං දොඩං....

Saturday, November 13, 2010

ඉතින් ඊට පස්සෙ.........


රේගුවෙන් පන්නාපු.......
නැපෝලියන් කෙනෙක් එක්ක
යුධ පෙරමුණට ගොහින්......
මයෙ හිතත් එක්කම
ආයෙ ආයෙත් ඔට්ටුවෙලා
තනියෙන්ම කේන්තිවෙලා.....
හෝන්දු මාන්දු වෙච්චි හිතත්
කරදාසියක ඔතාගෙන.....
බයගුළු විලි වැහෙන්ට
සිංහ හමක් පෙරවගෙන.....
කොහොමෙන් කොහොමෙ හරි.....
කකුල් හතරට වාරු ඇරගෙන....
සාක්කුවටත් තට්ටු කරගෙන.....
හොරාට හොරාට ගෙදරට
ආවැයි කියමුකො....................
......................

Saturday, November 6, 2010

කරකැවිල්ල.......


රූං පෙත්තක් වගේ....
මයෙ හිත.......
සුලං රොදක් වගේ....
දුර ඈතකින් ඇවිදින්......
උඹ....
කරකවා කළඹවා....
යනවා.........
එක තැන.....
මේ හිත....
තවමත්...
තනිවම......
මගෙ ලඟ........

Sunday, October 31, 2010

අතුරු මිතුරු...


පිරිවරාගෙන
සිටියාට සහසක්
රන් තරු.......
අඳුර රජයයි
අහසේ.....
අමාවක මියෙන තුරු......
පලාගොස් ඇතිමුත්
කළගුණ නොදත්
තරු.....
එසැනින් දුරුකරයි.......
අඳුර.......
සඳ සුමිතුරු.....

Saturday, October 9, 2010

බකන්නිලා Theoryය.....


ප්‍රජතන්ත්‍රවාදය නම්වූ
රන් ආලේපිත.....
අසංසේචිත.....
තඹක්ක ඩිම්බය.......
හිරවී ජම්බාලිය අග...
මරහඬ තලන
දේශය නම්වූ...
නාකි කිකිළිය වටා හිඳ....
ඔල්වරසන් නඟන මහීෂ සමූහය.....
හිතාන ඇය කෙකර ගානාබව....
බලා හිඳිති වැටෙන තුරු රන් බිජුව......
මුව අයාන......
සියළු දොස් නසාන.......
මැවේයැයි සිතාන දිව සැපත.....

Friday, October 8, 2010

මැදියම් රැයේ දුටු හිරු.......


හිරු ගිලිහී.....
මා ලෝකයේ.......
ගියදා....
පටන්
නුඹ හැරදා.......
දිවි මාවතේ.....
සොම්නස සිඳී.....
සිත දුක් සුසුමින් පිරිලා.......
අතීතයේ....
සුන්දර පැතුම්
තව නෑ....
කඳුලින් මැකිලා....
තවමත් සිතේ....
සැනෙකින් මැවේ....
නුඹ මා.....
හැරගිය දා....

Sunday, October 3, 2010

ආයෙමත්..........


අංජනම් දේවියගෙ
තියා හනුමන්තාගෙවත්
රේඩාර් වලට මාට්ටු
නොවෙච්චි......
මගේ
Damage වෙච්චි හාට් එක....
මෙන්නේ බොලේ ගැහෙනවා
ඇහෙනවා හරි හරියට......
කුණු බක්කිය පතුළේ...
ඉඳන්......
ආයෙමත් වතාවක්............

Tuesday, September 21, 2010

ආවේගය......


හලෙමි....
ඇදි දුනු දිය.......
නෙතු පියාන.....
ආදෙසට හඬ.......
හිත තබාන.....

Thursday, September 16, 2010

අද....



දුක් වේදනා
මවා තියා.......
මට ආදරෙයි
කියූ....ඔයා......
අද
මා දමා.....
හද පාරවා.....
කොහිදෝ ගියේ......
වෙන්වෙලා.......

වසන්තෙයේ...
සුන්දර සිනා......
ගිම්හානයේ.......
කඳුලක් වෙලා........
මට ආදරෙයි
කියූ....ඔයා.........
කොහිදෝ ගියේ......
මා හැරදමා.........

අතිතයේ...
හිත සිරවෙලා..........
අනන්තයේ
නුඹ නැවතිලා.....
මට ආදරෙයි
කියූ....ඔයා.........
කොහිදෝ ගියේ......
මා හැරදමා.....

Wednesday, September 15, 2010

සම්මත....


මම
අතේ හුරුවට
ඇන්ද ඉර.....
උඹේ රූලට අනුව
ඇද වුනාට.....
ඔය රූල
කෙලින් කියලාද
උඹ හිතාන ඉන්නේ.....

Tuesday, September 14, 2010

සිහින.....


ඔය දෑස නිසා
සිත උමතු වෙලා....
දහසක් පැතුමන් පැතුවා.....
ඔය දෑත පතා
සිත සිහින පුරා.....
සහසක් පෙරුමන් පිරුවා....

නුඹ සඳමයි
මා හද විමනේ.....
එළියයි ජීවිතයේ....
නෙක සිතුවම්
රූ අතරින්
ඔය රුවමයි නෙතු පැතුවේ.....

රැඳි සුවඳයි
මා හද නුඳුරේ....
මිහිරයි ආදරයේ......
ගී පදවැල්
නද මිහිරින්....
හද ගැහෙනා බව දැනුනේ....

Monday, September 13, 2010

අන්තිම කැමැත්ත.....


සන්තානය පුරා රැඳුනු
ජීවන වේදනාවම
කැටිකොට
කඳුලු බින්දුවකට....
හඬන්නට හැකිනම්...
තව එකම එක වතාවක්.....
මිනිසෙකු ලෙස....

Sunday, September 12, 2010

පැටලීම....


නිකම් තියෙන
යන්තරේනෙ කියලා
දෙපාරක් නොහිතම....
ඔබාපු කැසට් පටිය....
පැටලිල නෙව ඇතුලෙ......
හිරවෙන්ටම.......
කිටිකිටියෙ....

Saturday, September 11, 2010

ලේ.....



ආදරේ හරියට
කූඩැල්ලෙක් වාගෙ.....
එල්ලෙනෙවා…
දන්නෙත් නෑ......
කොතැනක
කොහෙදිද කියලා....
දකිනකන්
තේරෙන්නෙත් නෑ...
මොකක්ද කියලා...
ගැලවිච්චි වෙලාවට තමා...
ගලන්න ගන්නේ ලේ....

Friday, September 10, 2010

තරු....


ආකාසෙ පායනා
එකම තරු රටාවක
නිදහසේ හිරවෙච්චි....
තරු දෙකක් අපි....
ලෝකයම දකින...
ලංව ඇති එකිනෙකාට...
සදාකාලිකව....
ඒ වුනත් හැබෑවටම
එහෙමද අපි ?.....
ඈතින් ඉඳගෙන...
ආලෝක වර්ෂ දහස් ගනනක්.....
රවටන්නෙමු අපි
මුළු ලෝකයක්......
තව කොයිතරම් නම් කල්...
රඟන්නද මේ නළුව....
රෑ අහසේ කළුවරට
මුවාවෙලා තනි තනිව....

Thursday, September 9, 2010

ගණුදෙනුව.....


ඈවරයි දෑවරයි.....
තුන් ඈවරයි කියා.....
වෙන්දේසි කරමි....
පපු කුහරයට
හිරකරගත නොහුණු...
හදවත....
බන්දේසියක තබා...
කොන්දේසි විරහිතව
නුඹ හට.....
උඹේ ඔය හදවතම
විතරයි
මට ඕනෑ
ආපහු හිලව්වට.....
තියාගන්නට සදහට.........

Sunday, September 5, 2010

පරස්පරය.....


හිත තිබුනේ ඉරිලා...
බෝතලේ නම් පිරිලා......
හිත පිරෙනකොට...
බෝතලේ හිඳිලා.....
දුක දැනෙන කොට....
කඳුලු කැට වේලිලා.....
හුළං පාරට
සිතිවිලි ගිය දිහාටම
තල්ලුවෙලා.....
මම මෙතැන......
හිස්බවත් එක්කලා
තනිවෙලා.....
මැලැවෙච්චි
හීන එක්ක ඔට්ටු වෙලාම
මට නම් දැන් එපාවෙලා...
ජීවිතේ ඇතුලේ…..
අනවසරයෙන්
පැලපදියම් වෙච්චි
සතුටක් හින්ඳා
හිත ආයෙම සුපුරුදු
දුකම හොයනවාද මන්ඳා?...

Friday, September 3, 2010

බිඳෙන බැඳෙන බැමි....


විශ්වාසය කියන
සිමෙන්තියෙන්.......
මිතුදම කියන
බ්ලොක් ගල් වලින් බැන්ද
අපේ...
සහෝදර බැම්ම....
පොඟලා පොඟලා.......
නාකපන සිතුවිලි වැස්සට
කඩගෙන වැටුනේ නැතැයි
එකපාරටම.....
ආදරය කියන හැඩ පහරට......

Thursday, September 2, 2010

ආර්ථිකය....


එහෙත් හරි වැස්ස
මෙහෙත් හරි වැස්ස කියලා...
කස්ටිය තකහනියම......
කුඩමිටි හරස් කොරගත්තට...
මේ මක්කැයි....
ගහකොළ ඔක්කොම මැලවිලා....
ඇළ දොළ වේලිලා.....
අම්මප කොහෙ ගියාද
ඔය වැටිච්චි වතුර කන්දරාව....
මං අහන්නේ......

Wednesday, September 1, 2010

Interview......


කට අරින්නත් ඉස්සරම
මම කියන්නේ.......
බොරු බව දැන දැනත්
උඹලා එකම දේ
ආයේ ආයෙත් අහලා......
ආතල් ගන්න
අපූරුව විතරක්....
මගෙං …
නොමිලේම...

Tuesday, August 31, 2010

යෝජිත....


කැමැත්ත....
අකැමැත්ත......
කෙසේ වෙතත්....
ගිරහයන්ගේ බර පැත්ත..........
නිමිත්ත කොටගෙන.....
පෙරැත්ත කරමින්....
පොවන්නට දඟලන....
සීනි ජුන්ඩක් තවරා.....
ලොසින්ජර කොළයක දැවටූ.....
තිත්තම තිත්ත...
බේත් ගුලිය.....

Monday, August 30, 2010

නෝ බෝල්.....


අමාරුවෙන්
ඉර බේරලා
කකුල තිබ්බට....
පෑගුනා නේද
කොලුවෝ
වලිගෙ...

(Inspiration: The two recent No-Ball controversies: The deliberate No-Ball by Suraj Randiv to deny Shewag a century & Mohammad Aamir's spot fixing No-Ball. Both being talented yet misguided rookies)

Sunday, August 29, 2010

ඔටුවාගේ ලියුම......


බැල්මෙන්ම
කොර විය...
හෝදා ගන්නට
බැරි විය...
ජැටියෙන්ම
විසි විය...
ඇය අල විය...
ඌ පොර විය......
මම ඇණ විය....

Saturday, August 28, 2010

හිස්....


ඇත් වසුරක
ඇති දිවුලක් වගෙ...
මගෙ හිතත්....
පිටින් තද...
හිස් මදයක්...

Friday, August 27, 2010

කියමු බලන්ඩ......


හරි !!
මී මැස්සා
මල නොතලා
රොන් ගත්තයි කියමුකො.....
ඒත් ගාගෙන එන
පරාග වලට වගකියන්නේ කවුද?..

Thursday, August 26, 2010

පලා පැහැ නෙත්......


මගේ හිත
මාත් එක්කල තරහවෙයි කියන
බයට...
උඹත් එක්ක හාද වෙච්චි මට......
මං ගැනම දුකත් හිතෙනව
අද........
මුලු ගැන්විච්චි පරාජිත
සිතුවිලි වලට
උඹ මහ ලොක්කෙක් වුනාට.....
මුළු ලෝකෙටම උඹේ
හැබෑ මූණ නොපෙනුනාට.......
උඹේ පාට මං නොදන්නවා කියලා
එහෙම නම් හිතන්න එපා......
දරාගන්න බැරි
මනුස්ස සමාජෙ පුහු වටිනාකම්
රජ කොරන තුරු......
උඹ මාත් එක්කම ඉන්න බවත් මම දන්නවා......
උඹට මාව ඕනෑ නැතත්
මට උඹව ඕනෑ බව මටත් වඩා
හොඳට උඹ දන්නවා......
හදවතේ දොරටුවට
යතුර උඹට දීපු වෙලාවෙ
ඇතිවෙච්චි අපුල...
මට තාමත් දැනුනට ඉඳහිට.....
උඹේ අක්මුල් මගේ හිත ඇතුලේ
පැලපදියම් වෙච්චි ඉක්මන නම්
මට දැනුනෙ නෑ නිකමටවත්.....
සුසුම් වලින් ගිමන්නිවාගෙන......
කඳුලු වතුරින් සැනසිලා......
වේදනාවෙන් උණුසුම්වෙලා......
උඹ ඉන්න අපූරුව විතරක්......
ආතුරවෙච්චි හිත ඇතුලේ පදිංචි වෙලා......
මාන්නයට වහන් වෙලා.....

Wednesday, August 25, 2010

හැදෙන ගහ......



තන බුරුල්ලෙන්
සූප්පුවට මාරු වෙච්චි....
සෙනෙහස.....
හරි පැත්ත
තෝරාවි කියලා
හිතනවද?
වට්ටවන්න අඹය...

Tuesday, August 24, 2010

මං බබා.......


කුඩේ තියෙද්දිත්
මම කියද්දිත්
ගාය වැඩිකමට 
උඹ වැස්සෙම
තෙමිලා.....
නහය බර වුනාට....
මං මොනවා කොරන්නද?
කියන්නෙ මට 
හොටු පිහින්නෙයි කියලද?..

Monday, August 23, 2010

විරාමය....



මෙගා ටෙලියක්
අස්සෙන්...
අනවසරයෙන් එබෙන
වෙළඳ දැන්වීමක්....
වගෙයි උඹ........
සුළු මොහොතකට
විරාමයක්.......
හිතට....
විවේකයක්
ගතට.......
විරේකයක්
දුකට......
කාලය එරෙහි වුනාට...
අපිට....
බැරිද.....
විඳගන්ට වත්මන...
සමාජ සම්මතයට
ඔබ්බෙන් සිට....
එකම එක නිමේෂයකට.........

Saturday, August 21, 2010

පාට පාට.....



ආදරයත් හරියට
සමනලයෙක් වගෙයි.....
පියාඹනව බලන්න ලස්සනයි....
ආසයි හිතට.....
අල්ලලා බලන්න ටිකක් විතර.....
හැබැයි ගෑවෙනවා පාට...
හැමතැනම......
ගත්තු හැටියෙම අතට.....
නොදැනීම මියැදෙනවා සැනින්.....
නෙත් ඉදිරිපිටම......
අත්ල මත....
දුක විතරක් ඉතිරිකොට.......
හද පත්ල මත.......
ඇඟිලිවල ගෑවිච්ච පාට ටික
තිබ්බාට...
සුළු මොහොතකට....
ආයේ නම් බෑ ඉගිල්ලෙනවා බලන්න.....
නිදහසේ මලින් මලට.....

Friday, August 20, 2010

බොළඳ සිතුවිලි.....



සාමයේ ගීතිකා...
නෑ ඇසෙන්නෙ නෑ.....
නුඹට ඇසෙනවද..
පවසන් සුමිතුර....
අප හැම පැතුමන්
ඉටුවේවිද හෙට...
නැති කිසි බාධා …..
වැට කොටු සීමා...
ලොවක් තැනෙන්නේ....
පවසන් කවදද.....

‍යුධ ගිනිදැල්
පවතින හැමකල්...
ලොව සැම රටවල්
තුල ඇත කඳුලැල්
කරමුද සුවපත්
ඇවිලෙන හදවත්
කෙලෙසක මිතුරේ....
මම නම් නොදනිම්...

සිත රැඳි ආශා
නෙත රැඳි මායා
දෙස බස රැස නම්
පවුරින් වටලා...
දුරලමු උදහස්
පරගැති අදහස්...
කෙලෙසක මිතුරේ....
මම නම් නොදනිම්...

Thursday, August 19, 2010

කැමැත්ත.....



මම
බහුවරණ ප්‍රශ්නයක්
දැම්මාම…..
ඔයා
රචනාවක්
ලියාගෙන ඇවිත්.....

Wednesday, August 18, 2010

අළු පාට හීන.....


දැලක පැටලිලා
පුංචි කුරුමිනියෙක්.....
දඟලනවා....
ගජරාමෙට....
ගැලවිලා යන්නට....
තව මොහොතක් හරි
වැඩිපුර ජීවත් වෙන්නට......
හිතෙනවා අතපොවා...
නිදහස් කරන්නට.....
පණ ගැහෙන ජීවිතය....
නෙත් ඉදිරිපිට....
ඒත් මොළය අනිනවා....
ඇඟිල්ලෙන් හිතට....
මොකද වෙන්නෙ....
මකුළුවාගෙ බඩගින්නට....

Tuesday, August 17, 2010

කොස් ඇට බෑවීම.......


එක එකාගෙ කීමට....
වැඩිපුර
කැඳ ඉල්ලන්න ගිහින්
ඇන ගත්තේ
ඔලිවර්...
විතරමද?...

Monday, August 16, 2010

මල්සරාගේ heart-seeking මිසයිලය....


හෝව් හෝව් කියන්නෙපා......
අයින්වෙන්න පාරෙන්....
ආදරේට බ්‍රේක් නෑනේ...
නවත්තන නූලෙන්...

හැබැයි පුතෝ හැප්පුනොතින්....
ගැස්සෙනවා සොමිය......
කයිට් වෙවි අතින් කටින්
Full-Option නැතිය.....

දුර බැලුවට අනාගතය
කාටද තේරෙන්නේ.........
ලඟ බැලුවොත් වලකින් 
දෙකකින් හරි බේරෙයිනේ.......

ලඟ පෙනුනට ඇහැකිවේද...
හොයාගන්න පාර......
මග හිටියොත් එහෙම ඔන්න
කන්ඩ වේවි තාර.....

ඉඳහිටලා එලවනව.....
වල් බල්ලොත් පාර දිගේ..........
වහිනදාට ලිස්සනවා
ABS  නෑනේ අනේ.........

එලෙවවාට හපන්නෙ නෑ
බුරනා ඔය බල්ලෝ.....
වහිනදාට කොයි රෝදෙත් 
ලෙස්සනවා ගොයියෝ..........

මල්සරාම කීවොත් මිස...
වෙයි අපි නම් Surrender....
සීනි දාල වෙඩි තියන්න....
කූඹි කාල මැරෙන්ඩ....

මල්සරාගෙ වැඩ ඔහොමයි.....
Insurance නැතේ....
මාලු කොටන කොට තේරෙයි...
කිඹුලගෙ ඇති අගේ.......

Sunday, August 15, 2010

එකෝමත් එක රෑක....


හදවත කියන
ජීවමාන කොම්පාසුවෙ
හරි උතුර මගහැරිලා....
අන්ධකාර රෑක....
ජීවන දියඹේ...
අතරමං වෙලා උන්නු මට.....
පහන් තරුවක් වෙච්චි උඹම
අද....
කළුවලාකුලක් එක්ක හාදවෙලා......
මාව දාල ගිහින්....
මූද මැද අතරමග.....
අන්ධකාර අහස යට....
දළ රළත් එක්ක තනිවම........
මයෙ මේ ඇස්වල
කඳුලු නැහැයි කියල...
පුදුම වෙන්න එපා උඹ....
අමනාපයකට හෙම නෙවෙයි.......
ඇහැ ගැටුන පහන් කණුවක එළිය....
දුර ඇත ගොඩබිමක.....
තුතියි තනි මැකුවට මංමුලාවුනු රාත්‍රියක.....
ඉදින් ආයුබෝවන් අතීතයට......

Saturday, August 14, 2010

වෙනස...



අව්වයි වැස්සයි
දෙකම.....
එපාවෙලා ඉද්දී
මෙන්න බොලේ...
දේදුන්නක් ඇවිත්......

Friday, August 13, 2010

උණුහුම.....


වැහි කෝඩෙ හිරිකඩට....
තෙමීගෙන බාගෙට.....
සමර් හට් ගානෙ....
හීතලට ගුලිවෙලා....
මන්දාරම යට....
හරි හරියට..........
උඹ එක්ක ආයෙම......
හොයන්නට ඒ උණුහුම.....
නොහිතෙනවාමත් නෙමෙයි මට....
ඉඳහිට.........
මතක් වෙනකොටත්
ගැහෙනවා මයෙ හදවත.....
කෑ මොරදෙනවා
නොනැවතී
තනිකමින් ඔත්පළ වෙච්චි හිත....
Vuvuzelaවක් වගේ.....
අවට ගැන නොහිතම........

Thursday, August 12, 2010

යුරේකා.....





හදිස්සියෙම මතක් වුනා
නිරුවතින් බව මම....
මහ දවල් පාර මැද..........
දැකපු ගමන් උඹේ කනවැල.........
තේරුනා.....
මම…
සැරයටියක් විතරක්ම විත්තිය....
උඹට......
කොහොම හරි
අන්තිමට….
හොයා ගත්ත නෙව මම……

Wednesday, August 11, 2010

ළමාවිය.....



අත්දැකීම් කියන
පාඩම් වලින් පිරිච්චි....
ජීවිතේ කියන
මහා පුස්ථකයත් එක්ක බැලුවාම....
උඹ නිකම් ම නිකම්
ඇක්සයි පොතක් විතරම වුනත්......
ඒකෙ තියෙන සටහන්
කොයිතරම් වටිනවාද...
කියා අමතක කරන්නේ
කොහොමද මම....
උඹේ අන්තර්ගතය
පිටපත් කරගෙන ජීවිතයට...
වනපොත් කරගෙන මතකයට.....
විසි කෙරුවට අතීතය කියන....
පරණ පෙට්ටගම ඇතුලට...
හැමදාමත් ඉඳීවි උඹ......
මගෙ හිත ලඟම
දැවටි දැවටි....
ඔච්චම් කර කර මට.....

Tuesday, August 10, 2010

Qualified.....



ඔයාට
Reverse Swing‎
කොරන්න පුලුවන් බව ඇත්ත...
ඒවුනාට
මේ මැච් එක ගහන්නේ
ටෙනිස් බෝලෙන්....

Monday, August 9, 2010

බූරුවාගේ චින්තනය ජෝකර්ගෙ ඇසින්...........



ධනාත්මක චින්තනය....
අතම රතු පාට
වුනාට මොකද...
තුරුම්පු
ඉස්කෝප්ප.....

ගේම.....
ඉල්ලුවට
කපන්න
පුලුවන්ද?

නෑම.........
කපෝතියක්
ගහන්න ගිහින්
කපෝතිවෙලා
ඉන්දෙද්දි
මේං
මේක බාල්දුවකුත්
කෙලළා........

භූමි දෝෂ.......
බූරුවා
ගහන කොට
නපුරු වුනාට...
ඕමි
ගහනකොට
නීච වුනාට...
304
ගහනකොට
9ත්..
පොරක් හරි.....


Strategic ප්ලෑනින්.......
කියන්නේ නම්
ආසි කපලා
ආසි ගහන්න එපැයි කියාලා....
ඒවුනාට..
එහෙමයි කියලා.....
අනිත් පැත්තේ චන්ඩියා
නෝන්ඩි වෙච්චි වෙලාවට....
අපේ ජෝකර්
ගෙනල්ල හරියනවැයි...
නයිට් වොච්මන් හැටියට
මං අහන්නේ......

සුභ සහ යස.......
ලෝකෙටම
ලොක්කයි කියලා
හිතාන උන්නට
මොකද….
304 ගහන කොට
ආසියත් බූරුවාට
කැපෙනවා...



Sunday, August 8, 2010

"න\ම" සහ මම.......



පළමුවෙනිම "න"යන්න......
හැම හත්වෙනි දවසකම
ඇස්දෙක නොඉවසිල්ලෙන්
පුරුදුවෙලා හිටිය හොයන්න
මගෙ මුල්ම "න"යන්න....

දෙවැන්න…….
හැම හයවෙනි දවසකම....
හොරෙන් හොරෙන් බලන්න
පුරුදුවෙලා උන්නු
"න"යන්න......
කොටුරූල් පොත් අස්සෙන්
විඳින්න වලිකාපු ඒ හිනාව......
Full try කෙරුවත් මං කියාගන්න.....
බැරිවුන මගේ දෙවෙනි "න"යන්න....

තෙවැන්න....
හිනාවෙලා හිනාවෙලා....
මාව ගොනාට අන්දාපු...
අං තට්ටුවකුත් එක්කකලා
කට අරින්නත් ඉස්සරින්......
පරාල ඇණයක් තෑගිකොරපු
මගෙ තුන් වෙනි "න"යන්න......

ඉතින් ඔය ඔක්කොටම හරියන්න
මට හම්බුවෙච්චි "ම"යන්න.....
"න"යනු වලින් මම කන
චාටර් වලින් මාව බේර ගන්න
දිව්‍යලෝකෙන් බිමට බැහැපු
මගේ ආදරණීය "ම"යන්න....
මෙච්චර කාලයක් උඹ නැතුව
මම කොහොම උන්නද ඇත්තට
මගෙ "ම"යන්න.....
මට කියන්න.....

Saturday, August 7, 2010

ජීවිතේට ටිකට් එකක් ගන්න පිකට් එකක්.......



ජීවිතේ කියන්නේ
Private Bus එකක යන
Ride එකක් නම්.......
Driver කියන්නේ
ඔනෑ වෙලාවට කොටන.....
නැති වෙලාවට අදින......
කාලයද?
කොන්දොස්තර වෙන්නේ
ඇතිවත් බැරි නැතිවත් බැරි.....
ආලයද?......
ජනේලය ලඟ සීට්
එකකට හීන මැව්වට.....
සුලං රැල්ලක සුවය
පැතුවාට.......
ලැබෙනවාද හැමොටම?
සමහරවිට ඉල්ලුවත්
නොලැබෙන ටිකට්...
සමහරුන්ට නොඉල්ලාම
ලැබෙන්නේ කොහොමද?...

හීන හොරෙන් ගන්න
පික් පොකැට් කාරයොයි........
ලෑල්ලකට හරි ලංවෙලා
කල දුටුකල වල ඉහගන්න
ජැක් කාරයොයි......
තෙල් බේත් විකුනන
පොත් කාරයොයි.......
හම්බ වෙලා නැතෙයි...
අනිත් උන්ගැන නොහිතා
අහක බලන් වුන්......
ලඟටම වෙලා
කිරා වැටෙන වුන්.......
කකුලක් නැති එකෙක් හිටියත්
සීට් වලට මුල් අල්ලපු වුන්......
ඔනෑ තරම් මේ ගමන පුරා වට.....

ජීවිතේට කරකවන්න
හිතන්නේවත් නැති මීටර්
බලෙන් ඇහෙන කොට........
යන්න ඉඩ නැතිවෙලත්
අස්සටම යවනකොට.....
තියෙන තියෙන අඩියට
තව කෙනෙක් පෑගෙනකොට.....
මොනවද හිතෙන්නේ
ඇත්තට ජීවිතේ ගැන...........
සමහරු කැමති සීට් එකක
වාඩිවෙලා Conservative
විදිහට යන්න......
තවත් අය කැමති ෆුට්බෝඩ්
Risk එක seek කරන්න.....
ඇත්ත, සුළං පාරනම් ආතල්....
පය වැරදුනොත් චැසි බොල්........
ඔයදෙකටම අකමැති අයයි..
හැකියාව හා වාසනව නැති අයයි..
බෑ නොකියා දෙපැත්තට වී
යහමින් තැලෙති...

ගමනාත්යෙන්ම බහින උන්
බොහො විට උදාසීනව
ගමනේ යෙදෙති.......
මග බහින වුන් Interestingය.....
බහින තැන නොදැන වට පිට බලමින්
යන වුන් අමු මොංගල්ය...
නමුත් ආතල්ය...
නවත්තනට පෙර පනින එවුන්ද.....
නැවත්තූ පසුවත් කිරන එවුන්ද
එකම බෝට්ටුවේ දෙපැත්තක
ඉන්නා උන් වෙති.....

කොන්දා සමග ඇරගන්නා
එවුන් මෙන්ම
ඌ කියන හැමදේම
කොරන එවුන්ද
දෙගොල්ලොම ඇන ගනිති......
සුමුදුව බදා නංවා අන්න අතින්ම
බහිනකොට තල්ලු කොට දමන්නේ.....
පස්සවත් නොබලාය.....

අත් වන වනා යන එවුන්
නිදහසේ යත්දී
බර ඇති එවුන් කට්ටම කති.....
මැද ඉන්න එවුන් අතරමගදී
නොතැලෙන නමුත් බහින්නට
ගියවිට ඇරියසුත් සමග චාටර් කති.....
දොරවල් අසල ඉන්නා එවුන්
දිගටම කට්ට කන නමුත්
පහසුවෙන් චුත වෙති....

Friday, August 6, 2010

බ්‍රේකින් News.....



ඊයේ රාත්‍රියේ
ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි
සැකකල....
වගා පාලු කිරීම සම්බන්ධයෙන්
චෝදනා ලැබ සිටින
සියලුම වංගෙඩි......
මේ වනවිටත්
අත් අඩංගුවට ගෙන ඇතිබව....
ආරච්චි ආරංචි මාර්ග පවසයි......

Thursday, August 5, 2010

Trend එක...



කණ අත්සන
ගහපු උන්ට
සමච්චලේට…
හිනා වෙච්චි
අපි අපිම.....
දැන් Finger Print
සිකියුරිටි දැක්කම
මාරයි කියලා…
බදාගන්නවා....