Wednesday, June 30, 2010

Antique නැටිල්ල සහ Modern නැටවිල්ල........


බිංකුන්ඩෝ....
බොල බිංකුන්ඩෝ....
මං කියනා දේ...
අහපන් ඩෝ....
තෝත් නටාපිය...
මාත් නටන්නම්
ඒවා Antique
කියමන් ඩෝ....

බිංකුන්ඩෝ...
බොල බිංකුන්ඩෝ...
මේවා අහගෙන
ඉඳපන්ඩෝ...
තෝම නටාපිය...
මම නටවන්නම්.......
ඒකයි Modern
Theoryය ඩෝ…..

බිංකුන්ඩෝ....
බොල බිංකුන්ඩෝ....
මං කියනා දේ...
අහපන් ඩෝ......
කියනා විදිහට
නටපන්කෝ.......
නිදහස උගසට
තියපන්කෝ......

උඹේම් හොඳටයි
මේව කොරන්නේ....
පොඩියක් හිමීට
ඉවසාපන්නේ.....
නටන්න විතරයි
උඹට තියෙන්නේ....
මගේ මනාපෙට
පදේ වැයෙන්නේ.......

9 comments:

රවා said...

බිංකුන්ඩාගෙන් ඔයා මාර දෙයක්නෙ කියන්න උත්සහා කරන්නෙ.. ලස්සනයි ස්තුතියි.

Shadow/හේමලයා said...

@ රවා

බිංකුන්ඩා තේරුම් ගැනීම ගැන සතුටුයි......ThankQ වෙවා Commenටුවට.........

මැණික්(සුළඟ) said...

උපහාස්සාත්මකව ව්‍යාංගාර්ථයෙන් කියන දේ හරිම වැදගත්. හොඳ නිර්මානයක්.
මැණික්(සුළඟ)

Shadow/හේමලයා said...

@ මැණික්(සුළඟ)
ThankQ වෙවා Commenටුවට.....:D...

RanDil said...

මේ හේමලයා කියලා ඇවිත් ඉන්නේ අපේ පිටස්තරයා ද කියලා වෙලාවකට මට හිතෙනවා.

අර්ථවත් පද පෙළක් හරිම ලස්සනයි දැන් කාලේ ගාය ඇති ගායකයෙකුට දුන්නා නම්.............. :D

Shadow/හේමලයා said...

@ RanDil.....

ThankQ වෙවා Commenටුවට.....:D..

Jay said...

හ්හ්ම්ම්... අගෙයි..
:)

Shadow/හේමලයා said...

ThankQ වෙවා Commenටුවට.....:D.

ඩ්‍රැකී said...

සිරා සයිට් එක, අදමයි ආවෙ.