Thursday, June 17, 2010

දෝරගලන සිතුවිලි..


මොරසූරන වැස්සක
දෝරගලන සිතුවිලි....
හදවත හැම අස්සක
මුල්ලක අත මැසිවිලි...
දුක සඟවාගෙන හිටියා
දැන් හොඳටම ඇති....
ඔබ හන්ඳා විඳි අවමන්
මේ මට හිමි නැති....

පුර හඳ නැති අහසේ
තරුවක් වෙලා....
මට හිමි නැති හදකට
පහසක් වෙලා.....
ගැරහුම් අවමන් මැද
නොසැලී එදා......
සිටි මතකය රිදවයි...
සිහිනෙන් පවා......

ඔබ දන්නවාද මිල
ආදරයක පිවිතුරු....
සිතුවිල්ලක බර
එක බිඳු කඳුලක මුහුවුනු...
නිහැඬියාව පවසන
වදනක ලියැවුනු තතු...
යලි එන්න එපා ඔබ
කඳුළු අරන් මින් මතු.....

1 comment:

බිඟූ said...

ලස්සනයි අකුරු කිරිම