Wednesday, June 23, 2010

නොගැලපීම.......


රිදුම් දෙනවා
මගේ හදවත.....
බිඳී ඉහිරුණු ආලයෙන්........
ඇදුම් දෙනවා
හිතේ අහු මුළු......
පරාජිත අභිමානයෙන්..........
කවුරු කාටද
වැරදි කෙරුවේ
පලක් නැහැ අනුමානයෙන්.........
බිඳුනු සෙනෙහස
මරා උදහස
බුරා එයි සන්තානයෙන්.......

නොගැලපුනු ගැලපුනු
සිතුම් ගැන
පලක් නෑ සෝබරවෙල.......
විස්සෝපයෙන් හිත
කීරි ගැහුනට
අපිට අපි ඉස්සරවෙලා........
වර්තමානය මරාගත්තත්
අතිතය
හා එක්වෙලා................
අනාගතයට ඉඩක් දෙමු
අප දෙපැත්තක
හිඳ ඉවසලා.....

නුඹට මටවත්
මට නුඹටවත්
නොම දැනුනු අප ආදරේ.......
ලොවට රහසක්
වෙලා තිබුනට
එබී බලපන් හදවතේ...........
කඳුලු අතරින්
සිනාසෙන්නට
අමාරුයි වස්සානයේ..........
මතකයේ
හුදු ශෙෂයන් ලෙස
සමුගනිමු අවසානයේ........

4 comments:

Amila Chathuranga said...

සිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විඳින්නේ....

නිපු said...

ලස්සනයි

Shadow/හේමලයා said...

Than Q වේවා....:D....

දිල් said...

හරිම ලස්සන අදහසක්...