Saturday, June 19, 2010

ලස්සන ඇස්.........


ලස්සන ඇස්වල
රැඳුනු සුපෙම් සුව....
විඳිනට මා හට
නොමැත වරම්....
සිතෙ රැඳි සෙනෙහස
සිඳිමිද කෙලෙසක....
මේ දුක වාවනු
නොහැකි තරම්...

නොසිතූ මොහොතක
නොපැතූ ලෙසින්
හමුවූවත් අප
නුහුරු වෙසින්
නෙතුවැල් බඳුනා
සිත් මුණගැසුනා...
අප පෙම් ලොව තුල
සැරිසැරුවා.....

දෙසිතක බැඳි පෙම්
දැහන ඉරා...
ලොවම අපට දැන්
එරෙහි වෙලා....
නෙතු කඳුලු ගලා...
සිත උමතු වෙලා......
සොඳුරී...අප අපටම
අහිමිවෙලා...

2 comments:

kesh said...

හරිම ලස්සනයි

Shadow/හේමලයා said...

Than Q වේවා commenටුවට......:D