Sunday, June 20, 2010

යථාරූපී සිහින.......


සිහින කවදත්
අහංකාරයි.....
මතුල විට නිදි
මන්තරේ.....
ඇතුල පිටටත්
වපුල අදහස්....
යථාරූපී
යන්තරේ........

දෙනෝ දාහක්
දනෝ අතරත්.....
තනිවමයි
මේ ජීවිතේ.....
සතුට කවදත්
අපට ඈතයි....
නිවහනයි දුක
ජීවිතේ.....

මගෙ ජය නම්
වේ පරාජය...
සිතේ උපදින
මානයේ.....
අපේ වූ කල
එය සමාජය....
අසම්මත
නිර්මාණයේ.....

No comments: