Friday, June 25, 2010

පිරමිස් සහ තිස්බි.....Pyramus & Thisbe.


ඔබ මගෙද?
මා ඔබෙද?
නොමැත වැටහෙන්නේ........
හිත මගෙම...
මා ලඟද?
ඔබ තමයි දන්නේ........
හදවතට
දැනෙන දුක...
නොමැත වාවන්නේ......
අපි අපේමද?
ඇත්තමද?
මේ කියන්නේ.........

ඔබ ඔතැන
මා මෙතැන
ජීවිතය අන්තැනක.....
අපි අපිම
නොදැනුවම......
වැලඳගෙන ආදරය.....

කඳුලු කැට
සඟවන්න......
ඉඩක් නැහැ හදවතේ......
ගලා යනු මැන
නෙතින් දුක.....
අරන් සිත් මලේ.....

හීන අහුරක්
අරන්....
එන්න ඔබ රාත්‍රියේ......
වැතිරෙන්න
නිහඬවම......
මගේ සන්තානයේ.....

2 comments:

SuPuN said...

wow........ hondata weduna... hemalayo... keep itup

Shadow/හේමලයා said...

ThanQ වේවා...commenටුවට....:D