Sunday, June 27, 2010

නොපිපි සිහිනය.........


ලියනවා ලියනවා
ඉවරයක් නෑ....
සිතුවිලිත් උනනවා.......
නැවතුමක් නෑ.......
හිත තාම එහෙමමයි......
සැනසුමක් නෑ.......
මම තාම මෙතැනමයි
ඔබ තාම නෑ.......

උණ්ඩි කල කඩදාසි
කාමරේ පුරා........
නිම නොවුනු කවි පේලි
තාම ඇත බලා.......
හිත තාම උණුහුම්
සිතුම් දෝරෙගලා........
ගසාගෙන යයි නොපිපි
පෙම ඉවුරු තලා.......

කාලයක් තිස්සෙ මැවු
හීන හඬ හඬා......
ඇවිලෙනව හදවතේ
පතුළෙ බුර බුරා......
ජීවිතේ සඳ මඬල
නුඹයි මගෙ සදා.......
ඒ වුනත් නැහැ එළිය
ඇවිත් කළු වලා.......

4 comments:

දිල් said...

දන්නවද...බලාගෙන ඉදිමත් එක්තරා බලාපොරොත්තුවක්ලු...ජීවිතේ තව දවසක් ජීවිත කරවන බලාපොරොත්තුවක්ලු. මම එහෙම අහලා තියෙනවා....

දෝරා ගලා යන ආදරය හිත ඇතුලෙ මිටි බැඳගෙන බලාගෙන ඉන්න එක ඊටත් වඩා සුන්දරයි...ඉවසපන් පපුව නේද :D

Shadow/හේමලයා said...

I guess u r correct....ThanQ 4 the comments......:D

නිපු said...

හරිම ලස්සනයි..

Shadow/හේමලයා said...

ThanQ වෙවා commenටුවට...:D