Monday, June 28, 2010

බලාපොරොත්තුව......


ඇත්තටම උඹ කවුද?......
සැපත නම් වු
කඳු මුදුනේදී.......
අප කරමත වී හිඳින නුඹ......
අවාසනාව නම්වු.......
බෑවුමේදී
අප වැටෙන්නට නොදී
රඳවාගෙන හිඳියි...........
දෝමනස්සයන්ගෙන් පිරුණු
සාගරක ගිලෙන
නැවියෙකුට.......
විටෙක ඔබ තිමිංගලයෙක්
වන බැව් සැබැවකි..........
නමුත් නුඹට කිසිදිනෙක
දුර ඈත පෙනෙන
කුඩා එලි තිතක් වනු නොහැකිය...........
කාන්තරයක අතරමං වුනු මගියෙකුට
විටෙක නුඹ මිරිඟුවකි......
නමුත් නුඹට කිසිදිනෙක
ක්ෂේම භුමියක් වනු නොහැකිය.................
මග වැරදුනු කප්පිත්තෙකුට......
නුඹ වලාපෙළින් ගහන රෑ අහසක
තනි තරුවක් විය හැකිය....
නමුත් නුඹට කිසිදිනෙක
මග පෙන්වන…..
පහන් තරුවක් වනු නොහැකිය.....

5 comments:

නිපු said...

ලස්සනයි...

චමිදේවා said...

නියම සිතුවිල්ලක්...
ලස්සණයි...

Shadow/හේමලයා said...

ස්තූතියි......:D

nalina pathirage said...

ඒත් මිනිසා ජීවත් කරවන්නේ බලාපොරොත්තුයි කියලා මං කොහේදි හරි අහලා තියෙනවා... :P

Shadow/හේමලයා said...

@ඇවරියා.....

මිනිසාවජීවත් කෙරන්නෙ උත්සාහයයි කියලයි මට නම් හිතෙන්නේ......බලපොරොතුව කියන්නේ පොඩි උත්ප්‍රේරකයක් වාගෙ මට දැන්නෙනේ.......

ThanQවෙවා Commenටුවට.......:D....