Saturday, June 26, 2010

නිහැඬියාවේ දෝංකාරය.....


ඔබ ඔතැනමද
තවමත් හිඳින්නේ......
මෙතැනමයි
තනිවම...
මා නම්
කඳුල ඉකිබිඳිනා
රැයේ.......
විරහ සිතුවම්
පාවුනේ....
ගත රිදුම් දෙන
සීතලේ....
කොහිද උණුසුම
ආදරේ....
හීනයක් දෝ....
නපුරු...
ගීතයක් දෝ...
නුහුරු....
ජීවිතය දෝ...
මේ අපේ...

ඔබ මා දෙස
මා ඔබ දෙස
නෙතු නොසලා...
බලා හිඳින්නෙමු.....
නාඳුනනා
වේශයෙන්...
නෙතු රවටා
හඬා වැටෙන්නෙමු...
ලොව හමුවේ
සිනා සලන්නෙමු
මිලාන වු....
හීනයක තනිවී...
හද විලාපදේ....
ස්නේහයෙන්
තොරවී.....

2 comments:

දුකා said...

කඳුලට ජීවය සපයන විරහව . . . . !!!!

Shadow/හේමලයා said...

විරහවට මංපෙත් සාදන ආදරය......ඇත්තටම ආදරයත වඩා විරහව තීව්‍රවෙන්න ඇයි..??....ThanQ වෙවා commenටුවට...:D