Thursday, June 17, 2010

මායාව.....


සිත නිදිබර හෝරාවක
නෙතු අභියස මායාවක
සිරිගත් රූ ඡායාවක
මතක මැවෙනවා.........

අඩවන් නෙතු පියන් දොරින්
මැවෙන දසුන් හැම අතුරින්....
එකම රුවක සොඳුරු සිරිය
සිතට දැනෙනවා........

පාඩම් පොත් පිටු අතරින්...
සටහන් මිටි රූ පතරින්....
සොඳුරු නෙතින් නුඹ මා දෙස
බලා ඉන්නවා......

හෝරා ගතවන ඉක්මන...
නොදැනේ හද විල සක්මන....
ආදරයෙන් නුඹ මා හද
පුරා ඉන්නවා.....

ගැහෙන හදවතේ රිද්මය...
සමග මුසුව ඇත විස්මය....
නුඹේ සුවඳ මා හදවත
පුරා ගලනවා......

No comments: