"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Thursday, June 17, 2010
නිර්වචනය..
උද්‍යානයක් බඳු දියතෙහි...
සක්මන් කරන
සංචාරකයන් වන අප
ජීවිතය
නම් වූ නිවහනට
මඳකට
ගොඩවැදුනු
අමුත්තන් වන්නෙමු...
කාලය නම් රිවි.....
පිබිදී සැඟව යන තුරු.....
ඔරලෝසුව නම් දැලකින්...
අප සුළං බදන්නෙමු.....
අනන්තය පරමණු වලින්
කිරන්නෙමු......
සැබැවින්න්ම චලිත වන්නේ....
හිරුමද?......
නැත්නම් අපිමද?
සැබැවින්න්ම වැයවන්නේ...
කාලයද?......
අපි අපිමද?
විශ්වයේ ඉමක් කොනක්
නොදන්නා නමුදු.....
අපි එහි පාලකයින්
ලෙස සිතන්නෙමු.........
කාලය සමග
ගැටෙන්නෙමු.....
ඇදවැටෙන්නෙමු....
යලි නැගී සිටින්නෙමු....
හිනැහෙන්නෙමු....
වැලපෙන්නෙමු....
අමරණීය සිහිනතුල
මිනිසුන් ලෙස මැකීයන්නෙමු...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment