Thursday, June 17, 2010

නිමක් නැති දිවි ගඟේ....


නිමක් නැති දිවි ගඟේ
සිත බිඳී විසිරිලා........
ජීවිතේ මල් සමය
මට හොරෙන් ඉඟි කලා......
තුරුණු සිත යදින මුදු
පෙම් හැඟුම් පසෙකලා.....
මදහසින් කඳුළු පිනි
රැවටුවෙමි නෙතු අයා...

දුර ඈත කෙම්බිමක...
පෙර නොදුටු සුව සොයා.....
පොත් පිටු අතර දෙනෙත්
තව තවත් තනි කලා.....
ආදරේ මිහිරි හඬ....
කව්ළු දොර මුල තියා.....
ඉකිබිඳින සිත දොරටු...
සිරකලෙමි යතුරු ලා....

පැතු ලොව හමුවෙලා....
ඇතත් සිත පිබිදිලා....
ජීවිතේ නිම්වලලු...
තනිකමින් වියැකිලා....
කව්ළු දොර හැර පියා...
සෙවූ මුත් සිත පුරා.....
මල් සමය මට හොරෙන්...
සමු අරන් ඉගිලිලා....

No comments: