Monday, June 28, 2010

තනිවෙන්නට.......


ආදරණීය හේමලයො….
මට ඩිංගක්
තනිවෙන්නට ඉඩ දීපන්.......
දුක් කරදර
සීරුවට අඩුක් කොරාපු
මේ ජීවිතය කියන
පරණ පෙට්ටගම…..
හිලව්වට තියාගෙන
මගෙ තනිකම
මට සින්නක්කරම ලියා දීපන්........
මතක අමතක කොරන්නට
මට කියා දීපන්......
හිතට අවනත නොවෙන්නට
මට දිරි දීපන්.......
හදවතට එකඟ වෙන්නට
මට ඉඩ දීපන්.....
ආලෝකයත් එක්ක
උඹ යන දිහාවක ගොහින්...
අන්ධකාරයට ඉඩදීපන්.....

8 comments:

Anonymous said...

හේමලයට එහෙමත් යන්න කියල මොනව කරන්නද හෑබෑට.
ලස්සන අදහසක්.

දිල් said...

යන්න කිව්වට යාවිද අත්හැරලා ?.............
හොඳ අදහසක්

Shadow/හේමලයා said...

ආදරයෙන් කියලා බලනවා....:D...Than Q වේවා commenටුවලට

Unknown said...

nice idea...
ජයවේවා!!!

Amila Pathirana said...

he මලයා

නියමයි

Shadow/හේමලයා said...

Than Q වේවා commenටුවලට.......

පබලු said...

හරි වෙනස්..ලස්සනයි..

Shadow/හේමලයා said...

Thanx.....:D