Monday, June 28, 2010

මතකය...


තෙරපි තෙරපි
ඉන්න එපා
හදවත ඇතුලේ.......
ඉපිලි ඉපිලි
එන්න එපා
සිතුවිලි සයුරේ.......
සසැලි සසැලි
ඉකිබිඳිනා
කඳුලැලි හමුවේ....
එන්න ඇවිත්
අරන් යන්න
මතකය නුඹගේ......

නුඹේ සතුට
මට නොසතුට
වුනේ කවද ඉඳන්ද?
පරාදවුනෙ
මං විතරද?
මොකද්ද හරි වැරැද්ද?

අසුරු සැනින්
කිමද මියුරු ස්වරය
වුනේ බැරෑඬී ?...
හිනා මලේ පෙති
හැලුනද?
හිතේ දුකට වියෝ වී........

අඳුරු
මතක සේයාවක
දැවටුනු චෝදනාවන්.........
ඉවත හෙලයි
කඳුලු වතුර......
දියකර වේදනාවන්.......

No comments: