Tuesday, June 29, 2010

සුන්දර රැවටීම....


හැමෝම කිවේ නම්
ආදරය.....
උණුවතුර බෝතලයක්
කියලා.....
ඒ වුනාට....
පස්සේ තමයි තේරුනේ
ඒකේ දලා තියෙන්නේ....
අයිස් වතුර කියලා...........

ඉස්සර
මට හිතුනේම
ආදරය.....
සරුංගලයක් කියලා......
ඒවුනාට ලං වෙලා
බලනකොට
ඒ ඇවිල්ල ජීවිතය….
ආදරේ තමයි නූල් පන්දුව........

මම හිතාගෙන
හිටියේම
ආදරය......
මහා සාගරක් කියලා.......
ඒ වුනාට
පස්සේ තමයි තේරුනේ
ඒක බාගෙට වේලිච්ච
පුංචි දිය කඩිත්තක්
විතරයි කියලා..........

දුරට නම්
පෙනුනේම
ආදරය
නැවතුමක් නැතුව දුවන
කෝච්චියක් වාගෙ.........
නැග්ගට පස්සෙ
තමයි දන්නේ
ඒක මැරිගො රවුමක් කියලා.......

21 comments:

ඉලංදාරියා said...

පට්ටම පට්ට......

චමිදේවා said...

වාව්...නියමයි හේමලයෝ...

Shadow/හේමලයා said...

තැන්කූ තැන්කූ දෙන්නගෙම අදහස් වලට.....:D.....

දිල් said...

හික්ස් හිනාත් ගියා.....

එතකොට ඔයා ආදරය දකින්නෙ ඔහොමද ?

Shadow/හේමලයා said...

@ Dil

වෙලාවකට......:D

ThanQ 4 da Comment.....:)

sri said...

මමත් හිතුවේම
ආදරේ හිරිපොද වැස්සක් කියලා..
දැන්නෙ දන්නෙ,
ආදරේ මහා කුනාටුවක්..
අහුවෙන හැමදෙනාම
ඈතට ඈතට ගහගෙන යන....


හ්ම්..........‍මංමුලාවූ සිතිවිලි වලට ආවේ පළමු වතාවට....ඔයා ලස්සනට ලියනවා...තව ටිකක් මංමුලාවූ සිතිවිලි වල සැරිසරලා එන්නම්...ජයවේවා.....

Buddhi said...

මේ අලුත් අදහස් වලට මම නං ගොඩාක් කැමතියි! සුබ පැතුම් මගෙන්...

Shadow/හේමලයා said...

@ Sri.....

ලස්සන පද පෙළ.....

ThanQ 4 da Comments & Warm Welcome to මංමුලාවූ සිතිවිලි .....:)

Shadow/හේමලයා said...

@ බුද්ධි

ThanQ වෙවා Commentuවට......:D....

RanDil said...

කාලෙකින් වෙනස් අදහසක් දැක්කා. සුභ පැතුම්. මෙරිගෝ රවුමක් එහෙනම් ආදරය නේද?

Shadow/හේමලයා said...

@ RanDil

එහෙම තමා මට හිතුනේ........

ThanQ වේවා අදහස් වලට....:D....

මැණික්(සුළඟ) said...

අනේ මංදා ආදරෙත් මංමුලා වෙලා වගේ. කොහොම වුනත් වෙනස් අදහසක්.
මැණික්

වැප් said...

ආදරයට Definitions

සෝරෝ said...

කියන්න දෙයක් නැ මචං උපරිමයි...

priyantha said...

ඒ කියන්නේ ආදරය හැමදාම එතනමයි මෙරිගෝ රවුම වගේ කියලද? හොඳ අලුත් අදහස් ටිකක්

Shadow/හේමලයා said...

@ චැප්...Definition මත් නෙවෙයි....:D..TahnQ 4 the comments........

@ මැණික්...ටිකක් විතර හරි...TahnQ 4 the comments............

@ සෝරෝ....ThnQවේවා Commenටුවට මචෝ..:D.....

@ priyantha.ඒබී එහෙම තමා මට හිතුනේ...:D..Thnx 4 the comments.....

අනුරාධ said...

හෙ හෙ... ම‍රේ මරු

Mandy said...

yatharthaya dutu hemalaya

Shadow/හේමලයා said...

@ අනුරාධ....ThanQ වේවා Commenටුවට මචෝ.....:D

@ මධු....I guess so....ThanQ වේවා Commenටුවට..:D.

sithaniwanathana said...

සහතික ඇත්ත......

Shadow/හේමලයා said...

ThanQ වේවා commentuවට.....