Thursday, June 17, 2010

නැවතුනු තැන..


සිතුවිලි මල් මැලැවී
බලපොරොතුවේ
සුවඳ වියැකී......
හදවත නිසලව
බලා හිඳී......
සැනසුම කඳුලක දියැවී
අනාගතයේ..
පැතුම් සැඟවී.....
අඳුරට ඉඩදී
හිරු මිලානවී........

සෙවනැලි.....
රජයන මාවතේ.....
සොයමින් අරුතක්
ජීවිතේ.....
පමණ දුටිමි
සංසාරයේ....
සුවය නැමැති
සන්තාපයේ......

ඉමක් කොනක් නැති
ජීවිතේ....
සදා නොනිමෙනා
රාත්‍රියේ.....
පහන් කණුව
අවබෝධයේ......
සොයා ඇදෙමි සිල
ඥානයේ....

No comments: