Thursday, June 17, 2010

ඔය නෙතු ලඟ නැවතී..


තරුවක් වෙලා
ඉන්නම් අහසේ......
එළියක් වෙලා
සඳ නැති දවසේ....
සැනසුම් සුසුමක් වී
ඔබ පහසේ.....
රැඳෙන්නම් හොර රහසේ.....
තනිවුනු මොහොතේ.........

අතැඟිල්ලක එල්ලී
ඔය නෙතට එබී.....
හසරැල්ලක මුසුවී....
නුඹ ලඟම රැඳී......
ඉන්නට ඇතිනම්
ඔබෙ සුවඳේ වෙලී.......
මුළු ලොවට වඩා.....
මට ඒ මොහොත වටී.......

සිතුවිල්ලක් වී.....
නුඹෙ සිතට වැදී.....
පවනැල්ලක් වී
නුඹ ගත දැවටී......
සෙවනැල්ලක් සේ.....
ඔබ ලඟම රැඳී.......
ඉන්නම් සැමදා
ඔය නෙතු ලඟ නැවතී...

2 comments:

kesh said...

ලස්සන අදහසක් තියෙනවා

Shadow/හේමලයා said...

Than Q වේවා commenටුවට......:D