Thursday, June 17, 2010

හිරුට බැඳි පෙම්....


හිරුට බැඳි පෙම් දැහැන හළුවූ
සොඳුරු සඳවතියේ......
නොවෙමි බබලන....
තෙදැති දිනකර....
පහන වෙමි අඳුරේ.......

සයුර කෙතරම් විසල් වූ මුත්
පවස නොනිමන්නේ...
නොවෙමි සිඳු
නුඹ පවස නිමනට...
දොළක් වෙමි නිබඳේ....

රුවින් බබලන කපුරු කුසුමින්
සුවඳ නොහමන්නේ.....
පැහැති සුන්දර
කුසුම නොව....
මල් සුවඳ වෙමි ලඳුනේ.....

No comments: