Thursday, June 17, 2010

මිනිසත්කම...


අනුන් දුකට ඉවත බලන්....
හිස හරවන් යන මිනිසුන්...
තව කොපමණ කල මේ දිග...
නළුව රඟන්නද?.....
සිතිය යුතුයි මිනිසුනේ...
කල් එලඹී ඇති බව නම්....
මගේ හැඟීමයි.......

මරණය වේ උපදින විට
අප හැම ගෙන එන උරුමය.....
කරුමය නම් වී අමතක එය
රජයන නොමිනිස්කම......
හැරයන විට ගෙනයන්නට
බැරි බව සන්තක වස්තුව.....
කෙදිනක නම් වැටහේ විද
අගනා බව මිනිසත්කම......

සතුට කිය දුක පළඳා
යුද වැද ලෝකය වනසා.....
වෛරය ක්‍රෝධය වපුරා
නෙලමුද සැනසුම කවදා?....
ලොව ඇති අමිලම වස්තුව...
වේ අප සතු මිනිසත්කම.....
එබිකම් කර හද පතුළට....
දකින්න එහි ඇති ලස්සන..

No comments: