Tuesday, June 29, 2010

Funky Beat එකකට Yankee Doodle කියමුද?


සාමය හා ඉස්ලාමය.....
අතර පාවෙන අපේ ප්‍රාණය......
වැඩිම ලංසුවට වෙන්දේසි කරමුද
යැංකින්ට පිණිස ලාභය......

හැංගිලා Bin Laden
ගැහුවාට ඔටුවන්ට ලාඩම්......
ඕවා හොඳ පාඩම්.......
අනේ සාමය ඉතින් නාඬන්.....

අතීතය නිහඬයි......
නමුත් ගතයුත්ත බොහොමයි....
Cover-up නම් එමටයි........
ලොක්කො කවදත් ඔන්න ඔහොමයි.....

අද Che අනිච්චේ......
Allende ට උන්ඩේ..........
Cuba හන්දියේ.......
බලාපන් අද ඇත්තෙ G-Bay ….

Buffalo කැල්වරිය
නැතත් අද පොත් පත් වල.....
මුලු Africaවම......
අයිති වෙන්නේ නැද්ද ඒකට....

Oil Spill එක මිදුලේ
නිසයි හොරණෑ පිම්බේ.............
ගල්ෆ් යුද කාලේ....
කොරපු පච වැඩ මතක නෑනේ.......

ගැහුවට ඉරාකෙට
පොඩි ඇෆ්ගනිස්තනෙට......
බයයිනෙ ඉරානෙට........
ආයෙ ගහමුද වියට්නාමෙට.....

තෙල් ටිකක් හන්ඳා....
සාමයට වැට බන්ඳා.....
Saddam උල ඉන්දා.......
කියයි වැදි බණ අපිට අන්ඳා......

තම්බි ටික පන්නා.....
යුදෙවන් උසිගන්වා.......
කොරියාව පෙන්වා.........
කියයි පැටියෝ ඕක "හප්පා".......

පොඩි පොඩි ටුවන් කැන්ඳා......
‍යැංකි සිහිනය පෙන්වා.......
ගානකට අන්ඳා.......
ඔලුව අතගා ටොක්ක ඇන්නා.....

ආවට Obama...
වෙනස් වේ නම් මේවා........
මෝල්ගස් ලියලා......
පණ පලයං ලබන පෙරෙයිදා.......

7 comments:

වැප් said...

උපාහසයෙන් උපරිමයි ............... ඔහෙම යමුමුමුමුමුමුමු

චමිදේවා said...

අප්පට සිරි.....නියමෙට ගලපලා තියනවනේ....
නියමයි...

ඉලංදාරියා said...

නිය්ම කතාටික මෙව අදාල අය දැක්කනම්...නියමෙටම නියමයි..............

උපරිමයි

Shadow/හේමලයා said...

@ වැප්, චමි & ඉලංදාරියා......

ThanQ වේවා commentuවලට...:D......

ගීත් (සහෘදයා) said...

මල් 7යි

CD Athuraliya said...

කිවයුතු බොහෝ දේ එක කවියකින්!

Shadow/හේමලයා said...

@ ගීත් (සහෘදයා)& CD Athuraliya........

Thanx 4 the comments......:D