Wednesday, June 30, 2010

Lilliputගේ සුවිසැරිය......


Bonsai කොරපු
තුරුසෙවනකට වෙලා.......
ඉඳිමු අපි
ලිලිපුට්ටො වගේ......
Pulsar එකක් වාගෙ
නිවි නිවී පත්තුවෙමු......
ඇහැක් පමණින් අඳුර
එක්කලත් ඔට්ටුවෙමු............
සංසාරෙ තියෙන තුරු
අපි ඔහේ කැරකැවෙමු.........
කන්නාඩි ඉවත ලා
දියත නිරුවත දකිමු.....
ආලයට අතපාල.......
වැලපීම අත් විඳිමු......
කාලයට ඉඩදීල
අපි අපේ ගමන යමු.....

ගලිවර්ලාට
මුළු ලෝකයම
බාර කොට.......
පාට් එක දාමු අපි
අහිංසක කූඹින්ට.......
උන්ගෙ උස ගැන අහල
කින්ඩියට හිනාවෙමු......
අපේ දොස් පාගමින්....
අනුන්ටම දෙහි කපමු......
දෑස හිමි වුන් අතර
එකැස් අඳ කණුන් වෙමු....
අන්ධයන් අතර
එක් ඇසක් ඇති රජුන් වෙමු.......

අහස අමතක කොරල
පොලොව දෙස නෙත් යොමමු......
ඇති දෙයට තුති පුදල......
නැති දෙයට ගතු කියමු.....
හීන පැණි රහ වුනත්
තිත්ත ඇත්තම විඳිමු.......
තේරුනේ නැතත්
අපි මරණයට හිස නමමු...

9 comments:

ඉලංදාරියා said...

සමාජය යතාර්තයක් විදිහට දකින තවත් එක් මනුස්සයෙක්....

මේ අකුරු අතර හිරවෙලා තියෙන්නේ තිතම තිත ඇත්ත.....

අර්ද ශතකයට මගෙන් සුබපැතුම්..... ජයවෙවා......!

Shadow/හේමලයා said...

@ ඉලංදාරියා......

ThanQ වේවා...:D....

දිල් said...

මම මේ හැමදාම කියන දෙයක්.ඔයාට නම් තියෙන්නේ අමුතුම අදහස්...ටිකක් රැඩිකල් පැත්තට බර වෙලා වගේ...
ඒත් ඒ තුලින් සමාජයට යම් පණිවිඩයකුත් දෙනවා......

all the Best for your wonderful thoughts....

Hasitha Gunasinghe said...

අමූලික ඇත්ත සහෝ....

Anonymous said...

සිරා මචං....

Shadow/හේමලයා said...

@ දිල්....
හිතේ තියෙන ඒවා තමා පුලුවන් හැටියට ගලපන්නේ.ThanQ වේවා..:D

@ Hasitha....
ThanQ වේවා සහෝ ප්‍රතිචරායට.....:D.......

@ Anon.
Thnx මචෝ.....

Anonymous said...

නියමායි මචං

priyantha said...

මරු නියමෙට ලියනවා.

Shadow/හේමලයා said...

@ Anon.
Thnx මචෝ....:D

@ priyantha.ඒබී
ThanQ වේවා......:D