Wednesday, June 23, 2010

හඳට බල්ලො බුරාපුදෙන්....(Moonshine with Mr.MOON)


අනේ හඳ මාමේ
මා කියන දේ අහගනින්......
නිකන් වේලෙන් නැතුව
ගොහින් බුදියා ගනින්......
උඹෙ ඔය Recondition
කොරපු ඉර එලියේ...
උඩුබුරන්නේ බල්ලො
විතරයිනෙ මෙ හරියේ.....
තරු එක්ක දැම්මාට
ඉඳ හිටල ගණන්....
එව්ව නම් බෑ මෙහේ
කරන්ට් එක ගිනි ගණන්.......

කම්මැලිම නම් ඉඳහිටල
මෙහෙ ඇවිත් යන්න......
බැරියැ Skyscraperයක
වහලෙ උඩ සෙට් වෙන්න.......
හඳ එලිය (Moonshine) බාගයක්
විතර වැඩකරන කොට.....
කියහන්කො බන් උඹේ
හාවාගෙ story එක.......
"ශක්‍රයගෙ ***ට"....
එපා අවුලක් ගන්න......
නිකමටයි ඇහැව්වේ මම
අනේ මට sorry වෙන්න......
ඔනෑනම් උඹට ඔය
හාවගෙන් ගැලවෙන්න.....
ඕක ඩෝසර් කරමු
Seatඑක රත්වෙන්න............

එපා ඔය කිසි දෙයක්
සිරාවට අරගන්න.....
තව එකක් අරගෙනම kick
එකට සෙට් වෙන්න......
ප්‍රේම කවි කාරයෝ
කීවෙ සිසි වත කියල.....
දැනුයි බොල තේරන්නේ ඒ
කින්ඩියට කියල.......
මීටර් උනොත් කෙල්ලොන්ට
උඹේ Crater....
උන්ගෙ කවි copy කෙරුව
ඔක්කෝම චාටර්.....
ඒ මොක උනත් හඳේ
උඹ නියම බුලට් එක......
මට ටිකක් වැඩියි වගෙ
Lose වෙලා රිවට් එක.............

5 comments:

Dev moorthi said...

එල වැඩක්. ඒත් එක දෙයක් හොඳ නෑ. ස්ක්‍රයගෙ දෙමවුපියො ගැන තියෙන දේ තමයි චාටර්.

Shadow/හේමලයා said...

හිතල නෙවෙයි බං...ආපු අතට ඔහෙ ලියලා දැම්ම....ඒක වෙනසකරල දාන්න ඕනෙ....Thnx 4 the comment මචෝ....

පිස්සා පලාමල්ල said...

අමුතුම ගතියක් තියෙනවා

Shadow/හේමලයා said...

ThanQ 4 the comments

SuPuN said...

ela lokka.... shkara case eka ethanta match ban.... podi deyak ne . tibba den