Monday, June 28, 2010

Note ආදරය........


මුළු දවල් වරුවම
ඔටු බංකුවේ
තනිකමට හේත්තුවෙලා
මොංගල් හීනවලට
මාට්ටු වෙලා.....
වර්තමානයට
නෝන්ඩි වෙලා
අනාගතයට
පින්සෙන්ඩු වෙවී
කාලයට අභියෝග
කොරාපු
මං.......

කාමරේටම වෙලා
අසම්පුර්ණ නෝට් ගොන්නකට
කොටු වෙලා
ලෝකෙම එපාවෙලා
චරිතයකට ආරූඪ වෙලා
තෙල් වඩියකින්
ප්‍රාණවත් වෙලා
පාන් වාටියකින් Season වෙලා
9.Thirty වෙද්දි
හීන වලට Good Night කියාපු
මං…..

අද Summer හට්
එකකට වෙලා....
පොඩ්ඩක් විතර
Decent වෙලා....
උඹෙ කට දිහා....
බලාගෙන...
කීකරු බළු පැටියෙක් වාගෙ...
හැම බම්බුවකටම
නගුට වනාගෙන...
බූරුවෙක් වාගෙ කල්මරන්නෙ
මං…..
ආදරේටද??????

6 comments:

රවා said...

ඔය සිද්ධිය බඳින්න කලින්නෙ කමක් නැහැ හයියෙන් දත් විකාගෙන ඉවසන් ඉදපන්. පස්සෙ බලමු මොකද වෙන්නෙ කියලා.

Shadow/හේමලයා said...

@ රවා
ඇත්තටම මේක මට අදාල කතාවක් නොවෙයි....මං ගොඩක් වෙලාවට දැකලා තියෙන දෙයක්..හරි වැරැද්ද ගැනනම් මම දන්නේ නෑ....
ThanQවේවා Commenටුවට....:D..

kesh said...

ලස්සනයි..මම හිතන්නේ එහෙම ඉන්නේ ආදරේ නිසා...

Shadow/හේමලයා said...

@ Kesh
Than Q වේවා commenටුවට......:D

CD Athuraliya said...

ආදරේට වෙන්න ඇති නේද?

Shadow/හේමලයා said...

@ CD A

"Let's hope so"....thanx mate....:D