Friday, June 25, 2010

Vegetarianගේ සිහිනය......


චුන්ද සූකර
ඇන්දුවා මට........
කුක්කෙකුට
එළුවෙක් කියා.........
දැනට නම්
නෑ කිසිම අව්ලක්.......
බයයි පය
ඉස්සෙයි කියා.........

හරක කෑවම
පව වැඩිලු.....
කුකුලාට
වැඩියෙන් බර නිසා.....
හල්මැස්සාට
පව් නැතුව ඇති....
කූනිස්සො ගැන
තව මොන කතා......

කන්නට එපා
ගම් බිත්තරේ.......
ඔය උපාසක ඒවා
ගනින්........
ඩිම්බයෙන්
Bullසායි දැම්මට.....
තාම අපි
Vegetarian….

දිය මසද නැත්නම්
ගොඩද......
Compare කොරමුද
පාපයන්.......
කොයි එකත්
ජීවිතයක් නෙ බං......
ඉතින් මොකටද
ඔය උලව්..........

පෝය දවසට
කන්න හොඳ නෑ........
හඳ මුදුනටම
එන නිසා.......
දානෙකට
මැරුවාට පව් නෑ.....
පිනට පව
Write-Off නිසා............

5 comments:

Amila Chathuranga said...

වටිනා අදහසක් ලමයො....

Shadow/හේමලයා said...

ThanQ වේවා...:D

Anonymous said...

හ්ම්ම් මේක නම් හරි තමා..වැඩි දෙනෙක් මෙහෙම කියනවා මටත් ඇහිලා තියනවා..

කුකුල් මස් නම් කනවා ඇත්තට
වෙන මසක් දෙස නොබැලුවත්
කොහොම පින පව කිරා ගත්තද
අසන්නට සිත් උනි මටත්

හොඳ අදහසක්..

Shadow/හේමලයා said...

හරියට හරි.....තලාගන්න ඔනෑ වෙලාවට කබරගොයත් තලගොයා කීව වගෙ කතාවක් මේක......අපි කියල ඉතින් මොනවා කොරන්නද.....ThanQ වේවා commenටුවට....:D

නිපු said...

මරැ