Thursday, July 1, 2010

ගනංකාර හෝහපුටුවා.........


තඩිම තඩි
මදුරුවෝ ගොන්නක් මැද
එකම එක හෝහපුටුවෙක්.......
වැඩි සද්ද
නැතුවට මොකද
මූ වෙනම සෙල්ලමක්.....

රිදුනාට විද්දාම
මදුරු හැතිකරේ.....
මළ පැන්නට
කන ගාව
උන්ගෙ චර බරේ.....
නැත්තෙමත් නෑ
පොඩි රෙස්පෙට්ටුවක්
බයක් ඇනෝපිලිස්
And ඩෙංගුලාට...
තවමත්.....

ඒත් අනේ උඹ ගැනනම්
Sorryම තමයි කොලුවෝ.....
ඉන්නවද නැත්ද කියල
කැසිල්ලටයි බැලුවේ.....
දන්නව උඹේ
Sorry ස්ටෝරිය....
බඩගින්නට ආ කාරිය....
ඩෙංගු වාගෙ නැති උඹගේ
Clear කැරැට්ටුව......
හැබැයි අහුවුනොතින්
හම්බුවෙන්නේ
එකම සෙරෙප්පුව......

පොල් සයිස් මදුරුවො
එක්කල හරි හරියට
පියෑඹුවට….
තල්මස්සු අතර
හාල්මැසෙක් වාගෙ.....
උඹ තවත් එක Sorry
හෝහපුටුවෙක් විතරයි............
මොන කෙළිය කෙරුවත්
අහුවෙච්චි වෙලාවට.....
මදුරුවටත් උඹටත්
දෙන්නටම
අබ සරණයි...
චටාස්.....

8 comments:

චමිදේවා said...

පට්ට මචෝ...

priyantha said...

හෝහපුටුවත් කෑවම නරකම නෑ. හොඳට දනවා කසනවා. එල අදහසක්.

දිල් said...

හපෝ................
මගේ කාමරේ හවස් වෙද්දී ඉන්න බෑ ..පොඩි උනාට සැර කොහොමද ?

නියම කවියක් ....නියමයි

Shadow/හේමලයා said...

@ චමි
ThanQ වේවා commenටුවට...:)..

@ priyantha.ඒබී
ඒක සැබැයි...
ThanQ වේවා commenටුවට..;D...

@ දිල්
සහතික ඇත්ත...
ස්තුතියි ප්‍රතිචාරයට.....:D.....

Pasan said...

නියමයි මචෝ.. පට්ට විදිහට දාල තියනව

...ජය...

Shadow/හේමලයා said...

@ Pasan

ThankQ වෙවා Commenටුවට මචෝ.....:D

Anonymous said...

ඩෙංගු පරදා
යන්න ආවට
හොඳ වැඩේ තරමට
නොහිටියට
ආ...ව්.. S..O..R..R..Y

Shadow/හේමලයා said...

@ nimanthi

සොරිම තමයි.......ThanQ වේවා Commenටුවට...:D