Thursday, July 1, 2010

ගන්නෝ දනිති දන්නෝ නොගනිති.......


සමාජ සම්මතය නම්
තිර රෙදිකඩින් වැසුනු
මිනිස් සිත……
ජනේලයක් නම්.......

නීති රීති නම් ග්‍රිල් වලින්
සීමා කොට ඇති......
බලන්නට පමනක් අවසර...
අතපතගෑමට තහනම්...
පුරා වස්තුවක් බඳු
සදාචරත්මක ආශාවන්.....

විනීත ලෙස
ඇඳුම් අන්දවා
කීකරු ලෙස
රඟපෑමට
හුරු කොට ඇති
නොදැමුණු සිතුම් පැතුම්....

පරාර්ථය නම්
මුර භටයින්
පෙරටු කොට ගෙන
සීරුවෙන් ඉදිරියට
ඇදෙන ආත්මාර්ථයේ
රිය පෙරහැර.......

කරපින්නාගෙන ඇත්තේ
කුමක්දැයි නොදන්නා නමුත්
කඳුකර මාර්ගයක
තනිවම
ගමන් කරන
යැක් ගවයෙක් බඳු
බලාපොරොත්තුව.......

මරණය නම්
විශ්වාසනීය රේල්ලුව
ගමන් කරන
කාලය නම් රේල් පාර
හරහා වැටුනු
ජීවිතය නම්…..
අනරක්ෂිත රේල් ගේට්ටුව.....

7 comments:

ඉලංදාරියා said...

මිනිස්කමේ කන්නාඩිය කවමදාකවත් ගලවන්න එපා...........

අමු ඇත්ත පද අතර...

රවා said...

ඔයා හැමතිස්සෙම අපිට යමක් දෙන කෙනෙක්, ස්තුති මෙ පද ටිකට, නොදන්න යමක් නොවුනට, දන්න දෙ අලුත් යාකිරිමක් එක්ක මනසට පුංචි සැහැල්ලුවකුත් සිද්ධ වුණා.

මැණික්(සුළඟ) said...

සම්මත කඩතුරාවන්ගෙන් මිදී "ජීවිතය" දෙස ඇති සැටියෙන් බැලිය හැකි නම් !!!

Shadow/හේමලයා said...

@ මැණික්(සුළඟ)

බැරිකමකුත් නෑ.......

ස්තුතියි ප්‍රතිචාරයට...:D.....

Shadow/හේමලයා said...

@ රවා & ඉලංදාරියා...

ස්තුතියි ප්‍රතිචාරයට...:D...

Anonymous said...

This is truly beautiful....reality of "life"....

Sashi

Shadow/හේමලයා said...

@ Sashi......
ThanQ 4 the comments.....:D