Monday, July 5, 2010

නාකි හුරතලේ.........


චූටි ටීචගෙ චූටි ටෝච් එකෙන්......
රතු චීත්ත දෙජාතියක් තෝරලා......
ගන්නෝ දනිති දන්නෝ ගනිති කියලා........
ලුණුයි ලූනුයි නූලුයි අරගත්තා........

සමරෙගෙ සරමෙ සමර හන්ඳා......
තරහම තරහයි කපන්නද එපාද ඇහැව්වා....
තරහ නම් හරහට පොල්ලක් බැඳන්...
ලිඳේ පන්නිනයි අමර කිව්වා......

සිරිමත් මගෙ සකියකු වුනාට....
යහපත් ලමයෙකු බවත්........
වැඩටත් සමතෙකු බවත් දන්නා
අම්මා නටන්න එපාය කියලා මට බැන්න........

ෆ්‍රිජ් එකේ හිර වෙච්චි ජිරාෆ්ට
හෙම්බිරිස්සාව හැදිච්ච නිසාම.....
රජ්ජුරුවෝ කුඩු කෑ විත්තිය
බක තපස් රකින කොක් හාමි කිව්වා....

බූන්දි කරත්තෙකට යට වුනු
ගාන්ධි තුමාට අපහාස කොරයි කියාල.......
උපාලි මහත්තයාව මුදලාලි
මග්ගොන යවනයි කියලා බැන්න......

නරි කුකුල් දීගය අස්සෙ..
හීන් සැරේ රින්ගපු කටුසු හාමි.......
කිරා බුදිද බං කියාල.......
ඔලොක්කුවට හිනාවෙනවා......

මැංචොසන් සාමිවරයගෙ කතා අහලා
කලකට පස්සේ වෙලකට බැස්ස
කිරිහාමි අයියාගෙ හිසත්
පයත් එකසේ සීතල වෙලාලු.......

බහිරව නිධානය ගොඩ අරගෙන
ඒක සියදොරිස්ගෙ සයිකලේ තියාන......
වැහිවලාකුලට මුවවී අරගෙන ඇවිදින්
ඇලෙක්සිනොෆ්ගෙ කොට්ටේ යට හැංගුවා.......

6 comments:

ඉලංදාරියා said...

පුන්චි කාලේ මතක් උනා ...

එකාලේ ඇහුව කියවපු ගොඩක් ජති මෙතන තියනවා...

ඔබට ජය...

පිස්සා පලාමල්ල said...

පුන්චි කාලේ රි මිx එකක් වගේ.

පසන් Sid said...

red lorry yellow lorry..... hehe

Shadow/හේමලයා said...

සියල්ලන්ටම ස්තුතියි අදහස් හා ප්‍රතිචාරවලට....අමතකම වෙන්නේ නැති කාලයක අහපු කියපු රසවිඳපු අමතකම වෙන්නේ නැති දේවල්...:D

Jay said...

පුංචි කාලේ මතක් උනා..
:D

Shadow/හේමලයා said...

@ Ansh Lucky Sri Jay
thnx 4 the comments yaar......:D