Tuesday, July 13, 2010

වැලන්ටයින්ට වරෙන්තුවක්..........

නැන්දෙ මාමෙ මේ බලන්න...
හොඳ නැහැ නොවැ බොරු කියන්න...
දුවත් එක්ක Love කරන්න.....
මට ලයිසොන් එකක් දෙන්න......

Park එකක ඉන්නෙට නෑ
වැඩසිටියෝ ඔරවනයා......
Beach එකට යන්නට බෑ
පොලෝසියෙන් අල්ලනවා......

පෙම් මුල්ලත් හෙණ Upset.....
ගෙරි කොල්ලො ඇහැ දෙනවා.....
බයිස්කෝප් එක්ක ගියොත්
පර්ස් එකට කෙල වෙනවා......

ප්‍රේමයෙ පිවිතුරු බව ගැන...
දැන් හැමෝම බණ කියනවා......
වැලන්ටයින් අහුවුනොතින්....
අනිවා උල ඉන්දුවනවා.....

Love දොස්තර ගනේෂ්ලා......
ආදරයට සිල් කවනවා.......
Love කොරලා නැතැයි උනුත්.....
අනේ අපිට පව් පිරෙනවා.....

ආදරයේ Lethal බව....
පඬිවරු Market කොරනවා.....
එකේ ඇති ආතල් එක…..
Love කොරනා අපි දන්නව....

බලාන ඉන්නට බැරි නම්…..
ඔය ඇස් දෙක පියාගන්න......
සංස්කෘතිය කියනා ඔය….
කඩතුරාව ඉරා ලන්න....

කොරන්න හොඳ නම් සැමටම්….
දකින්න ඇයි පැකිලෙන්නේ.....
හැංඟි හොරා වෙස් බැන්දට
නටන්න වෙන්නේ එළියේ.......

රට ජාතිය ගැන කැක්කුම....
ඇත්තට අපිටත් තියෙනව......
ඒ වුනාට වෙලාවකට....
අනේ අපිත් මද කිපෙනවා.......

නැන්දෙ මාමෙ මේ බලන්න...
හොඳ නැහැ නොවැ බොරු කියන්න...
අවුරුදු ගානක් මේකට.....
මට Pension එකක් දෙන්න......

22 comments:

BLOG ගඩොල් said...

අනේ අම්මපා අමූලික ඇත්ත.ලස්සනයි යාලු!!

Anonymous said...

හි හි... එකනම් ඇත්තම ඇත්ත තමයි.

Nasha

RanDil said...

මොනවා කරන්නද? කාලයක් පෙම්වත්තු කාලෙකදි දෙමව්පියෝ වෙනවා. එතකොට පෙම්වතුන් කාලේ ලෝකේ දැක්ක විදිහට නෙමෙයි ලෝකේ පේන්නේ. තමන්ගේ දරුවන්ට කරදරයක් වෙයි කියලා පණ බයයි. දැන් මලේ මෙහෙම හිතන්න. ඔයාගේ දුව ගැන ඔහොම කවියක් කියලා ඉල්ලීමක් කලොත් කොළුවෙක් දැලි රැවුලත් එන්න කලියෙන්?.........

අනේ මෙන්න අරන් යන්න
පාර්ක් එකට වුනත් මොකද
බීච් වුනත් අපට මොකද
ඒ කාලේ අපිත් ගියා
කෙල්ල අරං පිචැර්
එකක් බලලා එන්න

කියලා දුවව දෙන්න පුළුවන් වෙයිද එදාට?
මේවා මෙහෙම විසඳන්න පුළුවන් ප්‍රශ්න නොවෙයි මලේ. කෙල්ලෝ කොල්ලෝ වුනාම තුරුල් වෙලා ඉන්න ආස තමයි. ඒත් ඒ සීමාව හැම දරුවාම දන්නවාද? කියන එකයි ප්‍රශ්නේ. පොලීසියෙන් පැනලා කුදලාගෙන යන එක හරි කියලා කියන්නේ නැහැ මෙතැන මම. ඒත් යන්න පුළුවන් උපරිම දුර ගිහින් ගැහැණු දරුවෙක් අමාරුවේ වැටුනොත් අද රංචු ගැහිලා විරෝධය ප්‍රකාශ කරන අය ඉඳීද එදාට උපදින දරුවාට උප්පැන්න ලියන්න?

මටත් ඇත්තටම මේකට විසඳුම මොකද්ද කියලා හිතාගන්න බැහැ. ඒත් ළමයින්ට දැන් දැන් කියන ආකාරයට හිතු මනාපේ හැසිරෙන්න අවසර ලැබෙන්නත් හොඳ නැහැ. මේක මට නම් සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. රටේ දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.

Shadow/හේමලයා said...

@ Randil......

ඇත්තටම මම මෙතෙනදී උපහාසය මුසුව පෙම්වතුන්ගේ point of view එකෙන් සරල සිල්ලර වචන වලින් තමා මේක ලියා ඇත්තේ...මෙහි මතු පිටින් ඇති බොළඳ වදන් වලට යටින් කියැවෙන්නේ අපේ රටෙ ආදරය සම්බන්දව ඇති කුහක චින්තනයි.......
ඔබ කියන දේ සහතික ඇත්ත....නමුත් කොයි තරම් ආරක්ෂා කලත් අපට යථාර්තයෙන් පැන යා හැකිද?...
කල යුත්තේ තහනම් කිරීමද දැනුවත් කිරීමද?...තහනම් කිරීමෙන් අශනය වැඩි වනු මිස අඩුවෙවිද?..ඇත්තටම පෙම්වතෙකු පෙම්වතියක ලෙස කෙරන මෝඩකමක් ජීවිතය්ටම අභාග්‍යක් වීම කෙතරම් ඛේදනීයද?...ඊට වගකිව යුත්තෝ කවුද?...සංස්කෘතික කන්නඩියෙන් ලෙඔකය දෙස බලන අපි අපිම නොවේද?....මම තරුණ වෙයේදි කෙල දෙයක්...මගෙම දරුවෙකුට තහනම් කිරීම කොයිතරම් සාධාරණද?...මම නම් හිතන්නේ කෙල යුත්තේ විවෘතව දැනුවත් කිරීම විනා....රහසිගතව සීම කිරීම නොවේයි.....මෙය කිසි සේත්ම වින්දය උදෙසා ලියු ආතල් පද පෙලක් නම් නොවෙයි....


බොහෝමත්ම ස්තුත්යි අදහස් වලට.....:D.

Shadow/හේමලයා said...

@ blog gadol & Nasha.......
Thanx 4 the comments.....:D

RanDil said...

මම දන්නවා මලේ ඔයා එහෙම ආවාට ගියාට නොලියන බව. තහනම් කිරීම හොඳයි කියලා මමත් අදහස් කලේ නැහැ. අපි පස්සේ දවසක මේ ගැන කථා කරමු. :D

Unknown said...

මේක නම් සිරා. ටොප් එකට ලියවිලා තියනවා.

හසී said...

නියමයි.දෙපැත්තකින් බැලිය යුතු දෙයක් කියලයි මට හිතෙන්නේ...
"මම නම් හිතන්නේ කල යුත්තේ විවෘතව දැනුවත් කිරීම විනා....රහසිගතව සීම කිරීම නොවෙයි"

මේ අදහසට එකග වෙනවා, ඒ වගේම රන්දිල්ගේ අදහසත් දෙමවුපියන්ගේ පැත්තෙන් හරි..

Shadow/හේමලයා said...

@ RanDil....:D.....

@ වැම්පයර්...ThanQ 4 the comment Macho.....:D

@ හසී
ඇත්තෙන්ම ඔව්...සංවේදි මාතෘකාවක්...තරාදියේ බර කොයි පැත්තට වැඩිවුනත් එතන ඇතිවන්නේ ප්‍රශ්නයක්ම තමයි......:(.

බොහෝමත්ම ස්තුත්යි අදහස් වලට.....:D

Anonymous said...

hee hee...really sweet idea...siraawatama aththa...
sashi

malithi said...

spot on shadow! :D
ඒත් දෙපැත්තක් නම් තියෙනවා තමයි...

Shadow/හේමලයා said...

@ sashi..
ThanQ 4 the comments & following my posts regularly...:D..

@ malithi
ඇත්තටම බැලුවොත් හැම දේකටම අඩුම තරමේ දෙපැතක් හරි තියෙනවා නේද?..ඒත් හැම වෙලාවෙම අපි එක පැත්තකටම බර වෙන්නේ ඇයි.....:)..

ThnaQ 4 ur comments....:D

අනේ මන්දා..?? said...

නියම නිර්මාණයක්...දෙපෑත්තක් හිතන්න තියෙනවා

Shadow/හේමලයා said...

@ අනේ මන්දා..??

indeed...thanQ very much 4 ur comments....:D

Anonymous said...

මරු කවි ටික! නියම අදහස්! මල් හතයි!!!!⋆⋆⋆⋆⋆⋆⋆

Shadow/හේමලයා said...

@ annanmannan
Thnx 4 the comments macho......:D

පිස්සා පලාමල්ල said...

නිර්මානය නම් උපරිමයි මචන්... ඔය සංස්කෘතිය කියන එක ඉස්සරහට දාල පාර්ක් වල... බීච් එකේ ලඟින් වාඩි වෙලා කතා කරන අහිංසක කොල්ලො කෙල්ලො කූඩුවෙ දාන එක මහ තුච්ච වැඩක්...

හැබයි රන්දිල් මතු කරපු දේ එක්ක දිගට හිතන්න වෙන දෙපැත්ත ම තීයෙන ප්‍රශ්නයක්....

Shadow/හේමලයා said...

@ පිස්සා පලාමල්ල.....

ඇත්ත මචෝ...දෙපැත්තම සමබරව තමා බලන්න ඕනෑ..හැබැයි සංස්කෘතිය කියන කණ්නාඩි කුට්ටම ගැලෙව්වේ නැත්නම් දෙගොලන්ගෙන් එක් කෙනෙක්ටවත්...සමබරව හිතන්න හැකිවේවිද?...
Thanx 4 ur comments...:D..

Paraya said...

Wow maxza.Nice Artical.It have two view.Lovers & other personz.you expressed both sides well.

Shadow/හේමලයා said...

@ පොජ්ජේ....
Thnx 4 the comments & welcome to my blog mate......:D

ගීත් (සහෘදයා) said...

මල් 7යි......එල කවි ටික

Shadow/හේමලයා said...

@ ගීත් (සහෘදයා)

ThanQවේවා Commenටුවට සහෝ...:D.