Wednesday, July 14, 2010

ඊඩිස්ගේ ආ ගිය කතා.....


ඌරෝ නම් ඇවිත් ගියා....
සාක්කියක්වත් නොතියා....
යන්තම් ඇති ඔයින් ගියා....
කට්ටියටම් හුලං ගියා.....

ඒත් අනේ බලපන්නේ.....
ඩෙංගුවා නෑ නවතින්නේ.....
කියුබාවත් නෑ දෙන්නේ.....
විප්ලවයට කෙලවෙන්නේ.......

එහෙන් මෙහෙන් එකක් දෙකක්...
වැලිගම්පිටි යනකන්නේ..
සුව පාකල මෙත් මීයා....
කට මැදගෙන දතකන්නේ....

දැය ආගම ගැන හිතපන්.....
ඩෙංගුවාට පොල් ගහපන්.....
මරන්න බැරි කමට නෙවෙයි...
පවට බයෙයි මේ විගඩම්........

තමන්ගෙ වතු එළට තියන්
පාරට කුණු පටවාපන්.......
කුහක සිතැගි අකා මකා.....
කසල සමග වලදාපන්.....

බිත්ති බැඳන් වෙන් කෙරුවට.....
නොදුන්නට අපි වීසා......
මදුරුවාට තේරෙනවාද....
අපේ Legitimate බාධා.....

කුල ආගම් ජාති බේද.....
නෑ නොවැ ඔය ඩෙංගුවාට.......
දැඟලුවාට අපි උඩ පැන.....
ලෙයට උඩින් ඇති පොත්තට...

ලොකු ලොකු දේවල් කීවට....
අහස උසට ඉදි කෙරුවට......
වෙලානෙ අද දණ නමන්ට.....
ඇබිත්තියන් මදුරුවාට.....

කවුරු කාට දික් කෙරුවත්...
ඉතුරු ඇඟිලි ටික අපිටයි........
කැඩපතකින් මූණ බලන්....
තව ජුන්ඩක් දෙහිකපපන්.........

9 comments:

මැණික්(සුළඟ) said...

කාලීන අර්ථවත් පද පෙලක්..
කවුරු කාට දික් කෙරුවත්...
ඉතුරු ඇඟිලි ටික අපිටයි........
ඒක නම් හරියටම හරි.
මැණික්(සුළඟ)

priyantha said...

ඇත්තම ඇත්ත හේමලයෝ. ඔය කාට කාටත් ඇඟිල්ල දික් කරන අයට මතක නෑ. ඕක ඉතින් උඩ ඉඳන් පහලටම තියනවානේ.
ඒකනේ අපට මේ පුංචි මදුරුවටත් බයේ ඉන්න වෙලා තියෙන්නේ.

``` Outsider``` said...

ඩෙන්ගුවොත් විදින්නෙ අහිංසකයන්ටම වගේ හැම වෙලේම.‍‍‍
අර්ථවත් පද පෙලක්

දුමී said...

ඔන්න බලපන් ඉතින්, ලෝක තියෙන ඔක්කොම ලෙඩ ටික අඩු නැතුවම අපේ ධර්ම විජිතයේ තියෙනවානේ . . . ! මම හිතන්නෙ අපි ධාර්මිෂ්ඨ වැඩියි. ඒකනෙ තාම මදුරුවො ටික ඉවර කරගන්න බැරි උනේ.

හේමලයො, නියමෙට ලියල තියෙනවා . . . !

Shadow/හේමලයා said...

@ මැණික්(සුළඟ) & priyantha.ඒබී...
සහතික ඇත්ත...අපි ඉතාම දක්ෂයිනේ අපෙ හෙලුව රෙදි කඩකින් වසා ගෙන අනුන්ට ඇඟිලි දික්කරන්න...බොහොමත්ම ස්තුතියි අදහස හා ප්‍රතිචාර වලට.....:D.

@ ``` Outsider```
A/C rooms වලට යන්න බැරුව ඇති නෙව....බලමුකො ඒකෙත් හැටි...අපිටම තමා මූත් කෙලින්නම එන්නේ..බොහොමත්ම ස්තුතියි අදහස හා ප්‍රතිචාර වලට.....:D...

@ දුමී..
ධර්මිෂ්ඨ භාවය ගැන නම් කියලා වැඩක් නෑ....පපු කැවුතු බටර් වාගෙ දියවෙල උතුරලා යනවා එකිනෙකාට ඇති ආදරෙයෙන්..මදුරුවෙක් තියා හතුරෙක් ආවත් මෛත්‍රියම තම පතුරවනව ඕං...ThanQ වේවා Commenටුවට...:D..

Anonymous said...

ඌරන් විතරක් නොවේය
කුරුළු උණත් ඇවිත් ගියේ
ඇහැට පේන්නේ නැතුවැති
මදුරුවො ටික අල්ල ගන්න
බී.ටී.අයි. එන්නේ නම්
මේ මාසේ අග දිහාට
මැරෙන කෙනෙක් මැරෙන්න දැන්
කාලය තියනවා එතකන්...
එහෙම හිතන් ඉන්නවා ඇති
කාට මොකද අපි මැරුනම
වතු පිටි ටික සුද්ධ කරන්
කුණු ටික විසි කරගත්තා නම්
හොඳයි තමා ඉස්සෙල්ලම
කෝ කරගන්නේ නැහැනේ

Shadow/හේමලයා said...

@ nimanthi

තිත්තම තිත්තයි ඇත්ත වගේ.......බොහොමත්ම තුති තවත් අදහස් එක් කලාට....:D...

ayesha said...

ඌරන්ගෙන්
මදුරැවන්ගෙන්
මහ උන්ගෙන්
විතරක් නෙවෙයි
සමහර විට
පාරේ යනකොට
කාක්කන්ගෙනුත්
බැට කන්නේ
සමාන්‍ය
අපිම තමයි..

Shadow/හේමලයා said...

@ ayesha

ඒක නෙව කියන්නේ....අපිටම තමා වෙන හැමදේම.....බොහොමත්ම ස්තුතියි පද පෙළට...:D..