Sunday, July 18, 2010

අවලස්සන...


තිරෙන් එපිට......
දුක දිහා බලන...
කියවන...
රස විඳින....
විඳවන.....
අපි අපිම....
දුක හන්ඳාම
අඬන...
දොඩන...
ලියන...
කෑගහන......
අපි අපිම...........
තිරෙන් මෙපිට දැක්කම
හැබෑ දුක...
නෙත් කෙවෙනියක
ජීවත්වෙන.....
අහක බලන්නේ......
දුක දරාගන්න බැරි හන්ඳාද?

"The girl in the picture is Omayra Sanchez who was a 13-year-old victim of the 1985 eruption of the Nevado del Ruizvolcano, which erupted on November 13, 1985, in ArmeroColombia causing massive laharswhich killed nearly 25,000. Trapped for 3 days in water, concrete, and other debris before she died, Omayra captured the attention of the media as volunteer workers told of a girl they were unable to save"..... 

13 comments:

ගල්මල්-Coral said...

බොහෝමත් අනුවේදනීයයි කතිකාව, වෙන යමක් ලියන්න බැරිය

Jay said...

ගල්මල්-Coral හා එකඟ වෙමි.

"සියපත් විල" හි බිඟුවා said...

ගල්මල්-Coral හා Ansh Lucky Sri Jay ඔබේ ප්‍රකාශය තහවුරු කර ඇත

වැප් said...

වෙලාවකට හිතෙනවා උරුමය හෙවත් කරුමය කියන්නේ මේකද කියලත් .....

මැණික්(සුළඟ) said...

තිරෙන් එපිට පෙනෙන ලොව
තිරෙන් මෙපිට හැබෑ දුක
නොපෙන්වයි නිතරම

ඉලංදාරියා said...
This comment has been removed by the author.
ඉලංදාරියා said...

අනුවේදනීය කතාවක ...ඇතුල් පැත්ත.

පුතා said...

උඹ හරි...
උඹ හරියි කියල හිතන අපිත් හරි
අන්තිමට
කවුද මචං වැරදි....

දුමී said...

තරහ වෙන්න එපා මෙහෙම කමෙන්ට් එකක් දැම්මට.

අපි හැමෝම ගස්ලබු කොල ඩෙංගු ප්‍රතිකාරය ගැන අපේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාමුද ? මේක පුළුවන්තරම් ප්‍රසිද්ද කරමු. ජීවිත කීයක් මේකෙන් බේර ගන්න පුළුවන් වෙයිද ? ඔක්කොම බ්ලොග් යාළුවන්ටත් කියමුද මෙහෙම කරන්න කියලා ?

Anonymous said...

හ්ම්ම්ම්ම්
කඳුළු නෙත හංගාන
සිතින් හඬනා විටෙක
නොපෙනේය එදුක් සිත
කාටවත් කොහොමවත්...

Shadow/හේමලයා said...

ඇත්තටම මේ දරුවා දවස් 3 විතර මෙහෙම වතුරේ ඉඳලා...කකුල් දෙක සුන්බුන් අස්සේ හිර වෙලා.....අත් දෙක ඔය ලීයට ගැට ගහලා තමා තියාගෙන තියෙන්නේ....වටෙ සුව සේවකයන් උන්නත් සුන්බුන් අයින් කෙරන්න උපකරන නැති නිසා දවස් ගානකට පස්සෙයි ගොඩට අරන් තියෙන්නේ....ඒත් ඒවෙන කොට ඒයාගේ ශරීරය ගැන්ග්‍රීන තත්වයට පත්වෙලා .....

බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වූ සියලන්ටම....:)...

ජීවිතේ මල් said...

සසල වීමි මේ දැක... දින කිහිපයක් යනතුරු මේ මුහුණ අමතක කරන්නට ලේසි නැත :(

Shadow/හේමලයා said...

@ ජීවිතේමල්
මට මුලින්ම පින්තූරය ඇස් ගැටුනා....පොඩ්ඩක් කතාව සෝදිසි කලාම තමා හදවතට වැදුනේ.....ඒ ඇස් දෙකෙන් කියවෙන දේ...හිතාගන්න ඇහැකි නම්..she died in the same position.only her body was recovered after 3 days.....:(..