Monday, July 19, 2010

ඩෙංගු එක්ක ඔට්ටු වෙමුද?.


ඩෙංගුවාව මට්ටු කොරන
Weapon එකක් හමුවෙලාලු.......
මැජික් එකක් නෙමෙයි මේක
හැම ගෙදරම තියෙනවාලු.....
ඔය ඔක්කොම Drugs වලට
වැඩියෙන් වැඩ කොරනවාලු.....
හැබැයි ඉතින් නිලලත් අය
තාමත් තරු ගනිනවාලු.....

අනේ බොලල්ලා ජීවක
මහත්තුරුන් ඇස් ඇරෙන්න.....
ගෙඩිය ගෙඩිය අරන් ගහමු
පොල් වෙනුවට දේවාලෙට....
ගෑණු පිරිමි වෙනසක් නැති
මොකද්ද මේ අරුම පැලය.......
හැම අස්සෙම වලට හැදෙන
මේක තමයි පැපොල් කොලය.....

කියුබාවෙන් හම්බෙනතුරු
බලියාගෙන ඉඳිමුද කට.........
අතපය ඩිංගක් හොලවා
පිරිසිඳු කොරමුද වට පිට.......
දන්නා හැමටම කියපන්
අනේ බොලං මේ වතගොත.....
තවත් එකෙක් යන්නට පෙර
ඩෙංගු නිසා වල පල්ලට...



(The following article was extracted from www.dailymirror.lk)
Papaya leaf juice mixed with honey will increase the blood platelet level of dengue patients, claimed a doctor who had treated 20 patients using this method.

Dr. S.M.N. Ameen, a doctor at the Welipitiya ayurveda hospital has treated 20 patients using this treatment. Dr. Pradeep Kumara at the Matara general hospital said although he didn’t know the scientific background regarding the papaya treatment, said there were no complications in giving papaya leaf juice in between liquid diets.

Medical Superintendent of the Aparekka district ayurveda hospital, Dr. W.K.M. Abeysekara also said the juice of the papaya leaf increases the blood platelet level in humans. 

10 comments:

Thanoja Rajapaksha said...

බරපතල ප්‍රශ්නයක් ලස්සනට අකුරු කරලා... එක් අයෙක් හරි බේරුනොත් ලොකු පිනක් අත්වේවි....

ගල්මල්-Coral said...

රබානක් අරන් කියන විරිදු තාලයක් පදතුලින් මතුවෙන්නේ...

වැදගත් කාර්යභාරයක්, ජය

RanDil said...

හොඳ ළමයා
හේමලයා
කවි කාරයා
වැඩ කාරයා

අදත් කරලා
යසට වැඩක්
රටට ලොවට
වැඩැති වැඩක්

වැප් said...

පණීවුඩය ලස්සනට දීලා තියනවා

තිස්ස දොඩන්ගොඩ said...

අර කිව්වත් වාගේ ගුඩ් ජොබ් මචෝ... වෙල් ඩන්..!!

දුකා said...

niyamai machan . .

Anonymous said...

මම ඔය වග මගේ බ්ලොග් එකේ කිවිවෙ මේ ඩෙංග් වසංගතේ මේ පාර එන්නත් කළින්.....
කොහෙද ඉතිං... අපේ පොරවල් කියන දෙයක් අහන එකක් යෑ.........

සෝරෝ said...

ම්ම්ම්ම්...
මම අද හිරැ එකේ නිව්ස් අහනකොට ඒකෙ කිවුවා ලංකාවෙ වෛද්‍යාචාර්ය කෙනෙක් ඩෙංගු වලට බෙහෙතක් හොයාගෙන කියලා. ඒ වගේම එයා ඒ බෙහෙත ලියාපදිංචි කරලත් තියෙනවලු..

එයා හොයාගෙන තියෙන්නෙත් මේ ගස්ලබු ආශිත බෙහෙතක්.. එතුමා කියන විදියට රෝගය හැදුන කෙනෙක්ට ‍ගස්ලබු ගෙඩියක් කන්න දීලා පිරිසිදු කිරි වීදුරැ 3ක් බොන්න දුන්නම ලෙඩේ හොද වෙනවලු..


(මේ නිවුස් එක මට ඇහුන හැටි..)

ඉලංදාරියා said...

ලසනයි මචෝ වැඩේ..එල කොල්ලෙක් ඔයා

Shadow/හේමලයා said...

ඩෙංගු මාරයා පරදන්නට නම් අපි හැමෝටම යම් වගකීමක් ඇති බව මතක තබා ගනිමු....සියල්ලන්ටම ස්තුතියි අදහස් වලට...:)...