Wednesday, July 21, 2010

ආමන්ත්‍රනය.....


අයිස් වාගෙ
සීතල වුනත්....
ගලක් වාගෙ
තද වුනත්......
හැමදාමත් සෝබර වෙලා.....
මටම මාව
දැන් දැන් එපා වෙලා.....
ඔහොමම ඉඳපන්
මයෙ සාපලත් හදවත.....
මෙලෙක් වෙන්නට හෙම එපා
උඹ ආයෙමත්...
වතාවක්....
ගලක් වෙලාම ඉඳින්
මයෙ හිත් යායේ......
සුදුස්සෙකුගෙ පාදස්පර්ශයෙන්
පණ ලබන තුරු ආයේ...

10 comments:

වැප් said...

හේ හේ .... මොකද මේ හදවතට බනින්නේ ඈ ... :D

නිපු said...

ඈත්තටම හදවතට පුලුවන්නමි ගල් වෙලා ඉන්න..

priyantha said...

මොකෝ උනේ........?

මැණික්(සුළඟ) said...

සුදුස්සෙකුගෙ "පාද"ස්පර්ශය ලැබුනොත් නම් ගලක් වුනත් ඔය හිත චප්ප වෙයි නේද? පරිස්සමින් බලාගෙන
මැණික්(සුළඟ)

Anonymous said...

මට සැකයි හදවතක්
තිබුනේද යැයි ඔබට
සෙවනැල්ල හට කොහෙද
හදවතක් ඇත්තටම
එහෙම තිබුනාම නම්
හදවතක් ඔබ තුලත්
ආවෙ මොකටද කියනවද
හැමදාම මගේ පස්සේ ...??

ප.ලි.
සැබෑ හේමලයට මොකුත් වෙලා නෑනේ නේද..??

Shadow/හේමලයා said...

@ වැප්
බනින්නැතුව කොහොමෙයි හදවතනෙ මේ ඔක්කොටම මුල...:D...

@ නිපු
වෙලාවකට හිතෙනවා නේද....මොනා කොරන්නද.....

@ priyantha.ඒබී
මුකුත් නෑ මචෝ..කාලෙකට ඉස්සර ලියපු එකක්...අත් දැකීමක් නෙවෙයි...තාම නම්...:)..

@ මැණික්(සුළඟ)
ඒකනම් ඇත්ත...:)..

@ nimanthi
ලස්සනයි පිළිතුර......කිසිම අවුලක් නෑ හදවතට.... දුන්න කෙනෙකුට කාලෙකට ඉස්සර...එක එයා සේප්පුවේ දාලා වහගෙන......:)....

බොහොමත්ම ස්තුතියි සියල්ලන්ටම අදහස් හා ප්‍රතිචාර වලට...:D...

පුතා said...

---රැකියා ඇබෑර්තු---
ගල් වඩුවෙක්
සමාවෙන්න
ගල් වඩ්ඩියක්
ඕනැ කර තිබේ....

Shadow/හේමලයා said...

@ පුතා
ඔය තියෙන්නේ...:).
thanx 4 the comments macho.....:).

ayesha said...

ලස්සනයි. සුභ පැතුම්

Shadow/හේමලයා said...

@ ayesha ..
ThankQ very much 4 the comments.....:)...