Friday, July 23, 2010

කෙලෙසද ???


කෙදිනද කොතැනද
සිතුවිලි මැවුනේ.....
පෙම් හැඟුමන්
මට නොම දැනුනේ...
නොමදුටු ලෙසකිනි
මුලු ලොව පෙනුනේ....
කෙලෙසද සිත
ආදරයක බැඳුනේ....

සුපුරුදු ඔය රුව
හඳුනන නිතැතින්....
කිම නෙත ගැටුනේ
නුපුරුදු ලෙසකින්....
මින්පෙර නොමදුටු
සුන්දර වෙසකින්...
ඔය රුව හඳුනයි
හදවත පතුළින්.....

මිතුරිය ඔබ හා
පවසන බසෙකින්...
මුවගින් ගිලිහෙන
මුදු මද හසෙකින්...
නෙතු මුණගැසෙනා
මොහොතක් පමණින්..
මා හද පොපියයි
ආදර හැඟුමින්....

17 comments:

වැප් said...

නෙතු මුණගැසෙනා
මොහොතක් පමණින්
මා හද පොපියයි ........

නිපු said...

අයියා මෝකෝ??????

මැණික්(සුළඟ) said...

විසඳගන්න බැරි ප්‍රශ්නයක් වගේ.
මැණික්(සුළඟ)

Anonymous said...

Beutifull...hmmm...
How do you find such nice and 100%matching pictures for your thoughts?
(only if u dnt mind, u may answer or esle u hv the right to ignore this as well...no worries in any case)

Sashi

Jay said...

අදහස නම් අගෙයි.

Shadow/හේමලයා said...

@ වැප්
ThanQ වේවා commenටුවට මචෝ.....:)..

@ නිපු
විශේෂයක් නැත....සුපුරුදු ලෙසම පිස්සු අදහස් අමුණමි...Thnx 4 the comments...:).

@ මැණික්(සුළඟ)
ප්‍රශ්නයක් නේන්නම් අනේ......බොහෝමත්ම ස්තුතියි ප්‍රතිචාරයට.......:)

@ sashi....
thx 4 ur comments yaar.. actually the pictures inspire me...so i'm very careful to pick the right one 4 the right post.....:)....

@ Ansh Lucky Sri Jay
බොහෝමත්ම ස්තුතියි ප්‍රතිචාරයට.......:)

``` Outsider``` said...

හේමලයට සිකුරු ලබල වගෙයි මෙදා පාර..
නියමයි..පද පෙල

ayesha said...

ආදර හැඟුමින් තෙරපෙන අර මඳනළ පැවසුවාද
මදහස ගෙන ඔමරිපාන මල් කුමරියෝ තෙපළුවාද
නැඟි සෙනෙහස මහ මෙරකට සම යැයි නුඹ සිතනවාද
සුන්දර වෙනසක් දැක දැක තනියෙන් නුඹ තැවෙනවාද

Shadow/හේමලයා said...

@ ``` Outsider```
තැන් කූ තැන් කූ..:)..

@ ayesha
බොහොමත්ම ස්තුතියි ලස්සන පද වැළට.....:)...

ayesha said...

පොඩි වැරැද්දක් උනා delet කලා ඔක්කොම ගියා

Shadow/හේමලයා said...

@ ayesha
that's ok...i activated comment moderation....that might've been the problem.....sorry....thnx 4 ur comments.....:)

malithi said...

ලස්සනයි ..වෙනස්!:)

Shadow/හේමලයා said...

@ malithi ....
thx a lot yaar.....:)

තක්ෂිල said...

ලස්සන දෙ
සුන්දර දෙ
පිවිතුරු දෙ
එලෙසම හිතට වැදුනා

Shadow/හේමලයා said...

@ තක්ෂිල ...
thnx macho......:)

Unknown said...

තවත් අපූරු නිර්මාණයක්..
මට දිවුල්ගනේගෙ "මා ඔඹත් එක්ක සුහද කථාවක්..." කියන සිංදුව මතක්වුණා..
අර කලින් පෝස්ට් එකේ කියන්නේ මෙයා ගැනද මචං??
ජයවේවා!!!

Shadow/හේමලයා said...

@ sampathjt
එයා ගැනම තමා මචෝ..ටිකක් ඉස්සර ලියාපු එකක්.......බොහොමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාරවලට....:)....