Saturday, July 24, 2010

ගමට ලයිට්....


කොටන තුවක්කුවට
"පතරොම්" දමා....
අච්චු කූරෙනුත්
දෙක තුනක් කොටා....
මානලා මානලා
ගැස්සුවාට කොකා........
සද්දෙ විතරයි නෙව...
මේක මට එපා.......

15 comments:

ayesha said...

සද්දේ විතරයි තමා හුගක් දේවල්වල තියෙන්නේ එපා උනාට මොනා කරන්නද

Unknown said...

නිහාල් නෙල්සනුත් කිවුවෙ.. "හඬ විතරයි හරයක් නෑ.. නිකන් කොත්තු රොටිය වගේ ලූ"...

charmi said...

එපා නම් දෙන්න. හැබැයි අනිකත් ඔහොම තමා.

Shadow/හේමලයා said...

@ charmi...
මම දන්නවා බං කොයි එකත් එහෙම තමා........ආදි කල්පික කොටන තුවක්කුවකට...අලුත් පතරොන් දාල වෙඩිල්ලක් කෙටුවට පත්තුවෙන්නේ නෑ නොවැ...ඒ වාගෙ තමා හරි පදනමක් ය්ටිතල පහසුකම දියුණු නොකර තාක්ෂණය හඳුනවා දීමත්....මම මෙතන ගමට ලයිට් කීවේ නිකම් යෙදුමක් හැටියට...ඇත්ත මාතෘකාව කොරන්නන් වාලේ හඳුන්වා දෙන නව තාක්ෂණයයි....:)..

Shadow/හේමලයා said...

@ ayesha & වැම්පයර් ...
so true....thnx 4 ur comments....:D

වැප් said...

සමහර ගම්මාන තියනවා ඒ ගම උඩින් යනවා වොට් එක්ලක්ෂ විසිදාහා එත් ගමට විදුලි බලය නැහැ....

මේවා ඉතින් අනේ මන්දා ......

Amila, "සියපත් විල" said...

හිතන්ටනෙ ඩීල තියෙන්නෙ, මම කියවලා කොමෙන්ට්ටුව කියවකොටයි හරියට තෙරුම් ගත්තෙ. නියමයි. සම්පූර්න ඇත්ත

නිපු said...

අනේ අයියේ මට මෙක තේරෙන්නේ නැහැ නේ... :(

Shadow/හේමලයා said...

@ නිපු
කොටන තුවක්කුවට පතරොම් දාන්න බෑ මොකද ඒක පරණ ක්‍රමයක්...ආදි කල්පික කොටන තුවක්කුවකට..අලුත් පතරොන් දාල වෙඩිල්ලක් කෙටුවට පත්තුවෙන්නේ නෑ නොවැ...ඒ වාගෙ තමා හරි පදනමක් ය්ටිතල පහසුකම දියුණු නොකර තාක්ෂණය හඳුනවා දීමත්....Hope u got it....:).

Shadow/හේමලයා said...

@ වැප් ....
සහතික ඇත්ත මචෝ.......ස්තුතියි අදහස් හා ප්‍රතිචාරයට.....:)

@ Amila, "සියපත් විල"
කොහොමහරි දැනගත්තු එක ගැන සතුටුයි...ස්තුතියි ප්‍රතිචාරයට....:)

Amila Chathuranga said...

හරියට කොටල ඊයම් බෝල දමන තැන්වලට පතොරම් දැම්ම නම් මම හිතන්නෙ සැලකිය යුතු ප්‍රතිදානයක් ගත හැකි වෙයි...

පිස්සා පලාමල්ල said...

මටත් මුලින් තේරුනෙ නැහ. පස්සෙ උබේ තේරුම් කිරීම අනුව තේරුම් ගත්තා. :)

Shadow/හේමලයා said...

@ indi
පත්තුවෙන්නේ නැතිවෙයි මචෝ...මොකද පතුරම පිටුපසට වැදුනේ නැත්නම් ඒක පත්තුවෙන්නේ නෑ...කොටන තුවක්කුවේ තියෙන්නේ ගිනිගලක් නේ......බේත් දාල කොටපු හිඳ සද්දේ නම් එයි....හැබැයි පුස්....බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:)...

@ පිස්සා පලාමල්ල
Thnx 4 the comment Macho.....:)

Unknown said...

උඹේ වචන ටිකෙන් දහසක් දේ කියැවෙනවා..හරිම අගෙයි..
මේ රටේ කොතෙකුත් වෙන්නේ ඔය වගේ වැඩ තමා..සමහරවෙලාවට ගඟක් නැතත් පාළම් හදලාදෙන්නනේ අපේ කස්ටියගේ කථාව.
ජයවේවා!!!

Shadow/හේමලයා said...

@ sampathjt
ඇත්ත මචෝ...අපේ කස්ටිය ගැන කියන්න වචන මදි නෙව....ThanQවේවා commenටුවට...:).