Tuesday, July 27, 2010

හීන යන්තරේ කළු පෙට්ටිය....


මදුරු දඟරය නම්
ගින්දර වාගෙ ඇවිලෙනවා.....
මදුරුවොත් ඔහේ කැරකෙනවා.....
කන් පැලෙන රොක් සංගීතය
මගෙ හිතේ සාහසික
හිතුම් උපද්දවනවා.....
හැරුනු අතෙ දුවන මයෙ ඔලුව.....
අනවශ්‍ය ප්‍රශ්න දාස් ගානක්....
එකපාර උරාගෙන......
මට හිතන්නැයි බල කරනව....
යලි යලිත්.....
නොනැවතී රවුමේ යමින්........

බාගය ඉවර උනොත් නම්
උඹේ කෙළි හමාරයි...
ඔළුව ඇතුලෙන්
මොකෙක්ද මොරදෙනවා......
ඇත්ත තමා....
උද්දීපනයට වුවමනා කළමනා....
හොයන හිත
ඇවිලෙනවා බුර බුරා...........
දාඩියෙන් පෙඟිච්චි සිරුර.....
මොකකදෝ
නොතෙරෙන වේදනාවකින්
ඇදුම්කනවා හරි හරියට....

මතක මංපෙත් ඔස්සේ.....
අතීතයේ...
විශ්ලේෂනාත්මක චාරිකාවක..
යෙදෙන හදවත.....
යල්පැනගිය 
සිතුම් පැතුම් ගොනු අවුස්ස අවුස්ස....
මොකක්දෝ හොයනවා.....

සද්දෙට කැරකුනාට...
හුලං පොදක් නැති පංකාව වගෙ
මගෙ ජීවිතයත්
ශක්තිය නාස්ති කරමින්...
ප්‍රයෝජනයක් නැතිව.....
එකතැන කැරකෙනවාදෝ කියලා...
මටම නොහිතෙනවා නොවෙයි......

මේ සංකීර්ණ 
හෝමෝ සේපියන් සේපියන් වටිනාකම් 
බල්ලට දාල.....
නියැන්ඩතාල් යුගයේ
පැලපදියම් වෙන්න 
මට හිතුනු වාර අනන්තයි 
නමුත්.....
බ්‍රෝඩ්බෑන්ඩ් නැතුව 
මොන ජීවිතයක්ද කියලා
මතක්වෙච්චි ගමන්....
ඒ හීන ඔක්කොම සයිබර් අවකාශයේ
දියවෙලා යනවා...
මගෙ අවිනිශ්චිත අනාගතයත් එක්කලාම......

13 comments:

Anonymous said...

ෂ්..ෂ්..ෂ්..
හෝමෝ හෝමෝ සේපියන්ස්
වටිනාකම් අතෑරලා
නියැන්ඩතාල් යුගයේ පැලපදියම් වෙන්න
හිතන්න එපා නිකමටවත්
ඕනෙම නම් පොඩ්ඩක්
පසුපසට ගිහිං එන්න
විතරක් හිතන්න
දුක හිතෙයි නැත්තන්
දැනටත් වඩා බොහොමත් ;-(

Amila Chathuranga said...

නියැන්ඩතාල් කාලෙ ගෑනු අය ගැන කවි ලියවිලා නෑ..මොකද ඔක්කොම එලියෙ තියෙනකොට පිටින් ගැස්සෙන දේවල ලස්සන පේනව හරියට පහන්කූඩුවක් ඇතුලෙන් බලනව වගෙ,,,,

charmi said...

මේ සේරම සාපේක්ෂයි යාලුවා. තව බර කාලෙකින් එකෙ‍ක් ලියයි මේ සේරම අත ඇරලා දාලා බ්‍රෝඩ්බෑන්ඩ් යුගයට යන්න හිතෙනවා කියලා. (හැබැයි ඌත් බොනගමං)

චේජනා said...

කවියෙ අන්තිමට ටික නම් ශෝක් ආ....
කොච්චර talks දුන්නත් අන්තිමට broadband නැතිව මුකුත් කරන්න බැ කියල මතක් වෙන එක..

වැප් said...

බ්‍රෝඩ් බැන්ඩ් නැතුව මොන ජීවිතයක්ද? හැකිස්

මේකනම් ඇත්ත කතවා .. තව පොඩ්ඩක් එකතු කලොත් ... සිංහල බ්ලොග් නැතුව මොන හුස්ම ගැනිල්ලක්ද?

ayesha said...

දුක දුළ සතුටත්
වර්ථමානය තුළ ආනාගතයත්
ආනාගතය තුළ අතීතයත්
අපි හැමවේලාවෙම හොයනවා යාළුවා

අතරමැදියා said...

මොනවද හැබැට ඔය කන් පැලෙන රොක් සංගීතය?

පිස්සා පලාමල්ල said...

බොන වෙලාවට හිතෙන ඒවා අකුරු කලොත් එක්කො බ්ලොග් ලියවිල්ලෙන් මාව එලවනවා... එක්කො අහ් එල / නියමයි කියයි හික් හික්...


මේක ගති.... ඒත් මොකක්දෝ මන්ද දුකක් හිස් ගතියක් දැනුනා...

Shadow/හේමලයා said...

@ nimanthi
කාලයත් එක්ක මිනිස් ජීවිතයෙ සරලත්වයෙන් ස/න්කීර්නත්වයට පත්ත්වෙද්දි....සීමිත අව්ශ්‍යතා අමතක කොරලා වුවමනා වලින් ජීවිතය මනිද්දී....ආපස්සට යන්න හිතෙනවා මොහොතකට හරි.....බොහොමත්ම ස්තුතියි අදහස් වලට....:)..

@ indi
ඇත්තම තමා....ඒක වෙන්න ඇති ආසන්නතම හේතුව......බොහ්මත්ම ස්තුතියි මේ පැත්තේ ආවට හා ප්‍රතිචාරයට.....

@ charmi
ඇත්තෙන්ම සාපේක්ශයි...මට හා මගේ කාලයට සාපේක්ශව තමා ලියා තියෙන්නේ....තාමත් සමහර වෙලාවට එකේ සද්දේ අහන්න ආස හිතෙනවා නෙව.....ත ඉස්සරහට මොනව හිතෙයිද...බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට.....

Shadow/හේමලයා said...

@ චේජනා
ඇත්තෙන්ම අපි කොයිතරම් මේ වාට පුරුදු වෙලාද.....ෆෝන් එකේ සිග්නල් නැතිවුනාම හර් බැටරිය බැස්සම හරියට හදවත නැවතුනා වාගේ...ඉන්ටෙර්නෙට් එක නැතිවුනාම ඇස් කන් නැති වුනා වගෙ...ඕක තමා අපේ තත්ත්වය....බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට...:)..

@ වැප්....
සිරාවටම...එක අමතක වුනා නෙව......තැන් කූ මචෝ කමෙන්ට්ස් වලටයි නිතර ඇවිත් යනවාටයි......:)........

Shadow/හේමලයා said...

@ ayesha...
ඇත්තම තමා......බොහොමත්ම ස්තුතියි අදහස් වලට.....:)

@ අතරමැදියා...
Death/Black Metal mainly....Thnx 4 the comment....:D

@ පිස්සා පලාමල්ල
මොකක්දෝ හේතුවක් හින්ඳ බීවම මගෙ මනස විවෘත වෙනවා.බොන එක සාධාරණීකරනය කොරනවා නෙමෙයි....හැබැයි තනිවුනොත් විතරයි...නැත්නම් ඉතින් කියන්න තරම් දෙයක් ඉතුරු වෙන්නේ නෑ නෙව....බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:)

අතරමැදියා said...

ශා ඔයා මරු නේ. මොනවද මේ දවස්වල අහන්නේ?

Shadow/හේමලයා said...

@ අතරමැදියා
හැබැයි මේ දවස් වලනම් ටිකක් විතර Rock n Roll පැත්තට බරයි.... Led Zepplin, AC/DC, Guns n Roses, Metallica, Rollin Stones, Areosmith, Pink Floyde, Def Leppard, Queen, CCR.....:)....