Thursday, July 29, 2010

ආදරයෙන් කෑගැසීම.......


බලා හිඳින්නම්
මලක් පිපෙන හැටි..
ආදරයෙන්
සුපසන් සිතකින්......
කියාගන්න බැරි
හිතේ ඇඳුනු පෙම....
සෙමෙන් හදට
කොඳුරා ගනිමින්......

දරාගන්න බැරි
දුකක් වුනත්...
හද පාමුල සඟවා
නෙතු කඳුලින්.....
කුමාරියේ
මඟ බලා හිඳින්නම්..
හිතේ ඇඳුනු
සෙනෙහස නාමෙන්.....

නුඹ හා මොහොතක්
හිඳ හිනැහෙන්නට.....
සවනට මුදු වදනක්
මුමුනන්නට....
ඔය දෑතේ
සැතපී සැනහෙන්නට....
හදවත පවසයි..
නුඹ හමුවන්නට....

උමතුයි සිතිවිලි..
හදතුල නොදැමුණු.....
විමසයි හැමවිට
නුඹ ගැන තොරතුරු.....
නිදි නැති යහනක
තනිවෙමි නිරතුරු....
නුඹ හමුවූ දා සිට
මේ වනතුරු.....

9 comments:

දිල් said...

ආදරෙන් හිත අවදි කරන හැටි නම් හරිම අපූරුයි නේද.....

සුන්දර පද ටිකක්

චේජනා said...

බලා හිඳින්නම්
මලක් පිපෙන හැටි
ආදරයෙන්
සුපසන් හදකින්...

ලස්සන සිතිවිල්ලක්...

මැණික්(සුළඟ) said...

ලස්සනයි පද වැල. හීන ලෝකේ වගේ නේද?
මැණික්(සුළඟ)

ayesha said...

උමතුව හදේ නැඟෙනා සිතුම් හැමවිට විමසනවා
නොනිදන දෙනෙත් තුළ සිහිනය වි දැවටෙනවා
කඳුළැල් මකා හසරැල්ලක් සේ දෙතොලඟ ගැවසෙනවා
හද තුළ නොමැකි සෙනෙහසකින් මත් වෙනවා

ඉලංදාරියා said...

ලසනම ලස්සන් පද පෙලක් හරිම සුන්දරයි.......

ආදරයේ අපුරුව.......

Naදී said...

"ඔය දෑතේ
සැතපී සැනහෙන්නට
හදවත පවසයි
නුඹ හමුවන්නට"


ඒ දෑතේ උනුහුම ලඟ
ඔය සිත සනහා ගන්නට හනිකට
ඉඩ නිසි ලැබුනොත් යහපත් බැව් මට
වැටහිනි මේ පද පෙල කියවනකොට ;D

Nimesh said...

beautiful poem.

Shadow/හේමලයා said...

@ දිල්
Thnx 4 the commetns yaar....:D

@ චේජනා
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට....:D

@ මැණික්(සුළඟ)
ThanQ වෙවා commenටුවට...:)..

@ ayesha
ලස්සන පද ටික....බොහොමත්ම ස්තුතියි යාළු.....:D

@ ඉලංදාරියා
ThanQ 4 the comment macho...:D...

@ Naදී
බොහොමත්ම ස්තුතියි ලස්සන කවි පද ටිකට...:)

@ Nimesh Suranga (නිමේෂ් සුරංග)
Thnx Mate.....:D

malithi said...

මලක් පිපුන සේ
සුවඳ දැනේවා..
සියොත් හඬක් සේ
සවන පිනේවා..
තරිඳු බිඳක් සේ
සිසිල මැවේවා..
ඉදින් පෙමක සුව
හදක රැඳේවා!! :)