Saturday, July 31, 2010

සැනසීම....


උඹෙ ඔය හිත කියන....
හිස් කඩදාසිය මත.....
එකම එක පැන්සල් ඉරකි මම....
හිස්බව එක්ක තරඟකරන.....
දරාගෙන රුදුරු තනිකම....
කිසිදාක සිතුවමක් වනු නොහැකි බව....
දනිමි මා එය......
සත්තයි මට ඒ හොඳටෝම ඇති.......

උඹේ ඔය හිත කියන
අන්ධකාර අහසේ...
මං තනි තරුවක්....
එලිය වෙන්නට වලිකන...
දවාගෙන මයෙ හදවත.....
කිසිදාක උදෑසන වනු නොහැකි බව.....
දනිමි මා එය.....
සත්තයි මට ඒ හොඳටෝම ඇති.......

උඹේ ඔය හිත කියන
කාන්තාරයට...
වැටුනු පිණිබිඳුවක් මම....
හිරු එක්ක ඔට්ටුවෙන
ඉන්න තව එක මොහොතක්....
මැකීයන්නට පළමුව......
කිසිදාක වැස්සක් වනු නොහැකි බව....
දනිමි මා එය....
සත්තයි මට ඒ හොඳටෝම ඇති.......

16 comments:

හරී - පිණිපළස said...

මගේ හිත
හිස් කඩදාසියක් වුව
පැන්සල් ඉරක් නොවී නුඹ
සොඳුරු කවියක්ම වුව මැන,,,,

හෙළයා said...

ඇගේ ඒ හිත කියන,
හිස් කඩදාසිය මත...
අයාලේ ඇඳුණු පැන්සල් ඉරක් නොවී...
හිස් කොලය රටා මවන,
සොඳුරැ සිතුවම් මවනු මැන සොයුර,
ඇයට ඒ හොඳටෝම ඇති....


ඇගේ ඒ හිත කියන,
අන්ධකාර අහසේ....
තවත් එක් තරැ කැටයක් නොවී...
නීල පැහැයෙන් දිලිහෙන
එකම එක තරැවක් වනු මැන සොයුර,
ඇයට ඒ හොඳටෝම ඇති....

ඇගේ ඒ හිත කියන,
කාන්තාරයට...
වැටී පොලොවේ සැඟව යන,
සිහින් පිණි බිඳුවක් නොවී,
කෙම් බිමක් මවනු මැන සොයුර,
ඒ මවන පාරාදීසය,
ඔබ දෙදෙනාට හොඳටොම ඇති...

Teena said...

අන්ධකාර අහස් කුසේ
උදෑසනක් නොවූවාට
තනි තරුවේ නුඹව අගෙයි
කළුවර ඒ හිස් අහසට

කාන්තාරෙ ඇඳ හැලෙන්න
මහ වැස්සක් නොවූවාට
පිණි බිඳුවේ නුඹව අගෙයි
දැවෙනා ඒ වැලි කතරට

චේජනා said...

දුකෙන් වගේ ලියවිල තියෙන්නෙ...
අනේ මන්දා...

NUWAN said...

ඈත්තටම අගෙයි."දුක ලගම ඉන්නේ සතුට ලගම ඉන්නෙ දුක"

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

පෙලින් පෙල අමුනා විටින් විට,
දහස් වර සිතමින් ඇගේ ගැන,
ඇමුනු කවි පද දැනෙයි පපුවට,
හේමලයගේ කවි ගැන වැනුම් මොකටද :)

වැනුම් මොකටද කියලා ලිව්වට මොකෝ, කවි ටික ලස්සනයි කියලා නම් නොකියාම ඉන්න බෑ ;)

ayesha said...

හිතට ගොඩාක් දැනෙන පද වැළක්.......

තක්ෂිල said...

ලියපු දේ මනහර
සොයයි සිත් කොට යට
රිදෙයි දොම්නස
පිරෙයි ලස්සන

පබලු said...

හරිම ලස්සනයි !!

පිස්සා පලාමල්ල said...

මේක නම් කොල්ලො වැදුනා මුලු සරුවාංගෙටම... බොරු කියන්නේ මක්කටෙයි... අතීතයක් මතක් උනා... හ්ම්ම්...

හෙළයගෙ පිලිතුරත් අපූරුයි... එහෙම වෙන්න ඕනි හැමෝටම....

Shadow/හේමලයා said...

@ හරී
ඇත්ත.....කවියක් වෙන්න බලන්න ඕනෑ....ඒත් අකුරක් වෙන්න කොයිතරම් අමාරුද තනි පැන්සල් ඉරි කෑල්ලකට.....බොහොමත්ම ස්තුතියි අදහසට....

@ හෙළයා......
අගනා පිළිතුරක් සහෝ....ඇත්තටම පැතුම ඒක වුනත් මොනවා කරන්නද සමහර විට ලද දෙයින් සතුටු වීම තමා හොඳම විකල්පය.......බොහොමත්ම ස්තුතියි පද පෙළට......

@ ෆා..
ඇත්තටම ඔහොම හිතනවා නම් කොයිතරම් හොඳද හැමෝම...බොහොමත්ම ස්තුතියි අගනා පද ටිකට.......

@ චේජනා...
දුකක් මත් නෙමෙයි....කලකිරීමකුත් නෙවෙයි...හුදකලාවූ සිතිවිලි ටිකක කියලා කීවහැකි....බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට....

Shadow/හේමලයා said...

@ NUWAN"s lane
දුකේ පිළිඹිබුව තමා සතුට....ඉතින් අපි රැවටෙනවා මොකද ප්‍රතිබිම්බය දකින්න විතරනෙව ඇහැකි.....

@ ඉශාන් තිලිණ...
බොහොමත්ම ස්තුතියි පදටිකට මචෝ....

@ ayesha
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට යාළු......

@ තක්ෂිල
තැන් කූ තැන්කූ අදහස වලට මචෝ........

@ පබළු.....
ThanQ වෙවා commenටුවට......

@ පිස්සා පලාමල්ල .....
අතීතය නෙව අපේ හිතේ ප්‍රියතම නැවතුමපොල..බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට මචෝ........

Naදී said...

කවි සිතුවම ඔබ වේවා
ඇගේ සිතේ රටා මවන
පින්බර සඳ ඔබ වේවා
ඇගේ සිතේ අඳුර මකන
වහින වැස්ස ඔබ වේවා
ඇගේ ආදර මල් උයනට
සත්තයි ඇය ඔබේ නමින්
දල්වනවා ප්‍රේම පහන


හෙළයගේ පිළිතුරට මාත් එකඟයි.

Shadow/හේමලයා said...

@ Naදී
බොහොමත්ම ස්තුතියි පද ටිකට යාළු......:)

Anonymous said...

එකම එක පැන්සල් ඉරට වුව
වෙනස් කල හැකි බව ජීවිතය
නොදනීද නුඹ
අඳුරු පිරි රැය එලිය කරනට
පුංචි තරු එලිය වුව සෑහෙනා බව
නොදනීද නුඹ
කිසිදාක මහ වැස්ස නොවුවද
එකම එක පිණි බිදත්
සමහර වෙලාවට සෑහේය දිවි රැකෙන්නට
නොදනීද නුඹ..

ලියලත් පෝස්ට් කරන්න බැරිඋන එක කමෙන්ට් එකක් මේ. අද උදේ වැඩ අල්ලපු නැකත හොඳයි වගේ :P
දැන ලෙඩේ හරි ගිහිං මෙන්ට් පෝස්ට් කරන්න බැරුව තිබුන.:-)

Shadow/හේමලයා said...

@ nimanthi
ස්තුතියි ලස්සන පද ටිකට සහ මතක තියාන උන්නට.....:)...