Wednesday, July 21, 2010

පොරොන්දුව......


ජීවිතය පොදි බැඳන්
යන්න දුර ඈතක......
එනවාද මා එක්කලා උඹ.......
කඳුල විතරයි
පොරොන්දු වෙන්න
ඇහැකි මට......
හිනාවෙන්නත් බලමු
අපි ඉඳ හිට.......
ජීවිතය පුරාවට
විඳින කරදර ගොන්න
මා එක්ක බෙදා ගෙන
ඉන්න හැකි නම් එන්න......
කඳුලු මල් අතරින්
හිනාවක්ව පිබිදෙන්න.....
වැහිබිඳුවක් වී
මහද කතර වැතිරෙන්න.....

23 comments:

හෙළයා said...

පාලුවූ ගෙමිදුල...වල් වැදී ඇත, අඳුරැ වී...
ආත්මයක් අවැසිය එක්,
යලිත් පූදින්නට ජීවිතය...
පෙර සේ...

පැතුම් ඉටුවෙන්නට සුබ පැතුම්...


ලස්සන නිර්මාණයක් හේමලයා සහෝදරයා

dinithi said...

විරසක වුනොත් මා නුඹ එක්ක...
මං ගැන කියනු මා කා එක්ක...
මිතුරෙක් වෙලා ඇවිදින් තනි රැක්ක...
කදුලේ ඉදින් නුඹ මගෙ හිත එක්ක...

සුභ පැතුම් යාලු....

ගල්මල්-Coral said...

බොහෝම සරළ එත් නිර්ව්‍යාජ පොරොන්දුවක්...

සුබ පැතුම් යාළු

වැප් said...

ලස්සනයි මචන් .........

නිපු said...

ලස්සනයි...

මැණික්(සුළඟ) said...

ජීවිතය පොදි බැඳන්
යන්න දුර ඈතක......
කඳුලු මල් අතරින්
හිනාවක්ව පිබිදෙන්න.....
ම්... ලස්සන ආරාධනාවක්. සුබ පැතුම්!!
මැණික්(සුළඟ)

අනෝමි ගමගේ said...

ලස්සනයි.....

Shadow/හේමලයා said...

@ හෙළයා
බොහොමත්ම ස්තුතියි ඔබේ පද පෙලට හා සුබ පැතුමට සහෝ.......:)........

@ දිනිති Deepika
ලස්ස්නයි පද වැල......බොහොමත්ම ස්තුතියි යාළු...:)...

@ ගල්මල්-Coral
සරලත්වය සුන්දරත්වය නොවේද...බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට.....:)..

@ වැප්
තැන් කූ මචෝ....:D...

@ නිපු
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:)...

@ මැණික්(සුළඟ)
බොහොමත්ම ස්තුතියි ලස්සන පද ටිකට සහ නිතර ඇවිත්යන්න එනවට...:)...

@ අනෝමි ගමගේ
ThanQ වෙවා commenටුවට....:D.......

ayesha said...

දෙනෙතේ ගලන කඳුලැලි දැන් පිසදාලා
සිනහව තුළින් දුක් කඳුලැලි ගෙන හැරදා
ජීවිතයේ දුක තුළින් සැනසුම ගෙන සොයලා
මිතුරේ ඉතින් යනු අත්වැල් බැඳ පටලා

පුතා said...

එන්න කිමිදෙන්න
කඳුලු වැසි වැටී
දෙගොඩ තලා යන
සතුටු සිහින නදියේ..

Shadow/හේමලයා said...

@ ayesha....
ලස්ස්නයි පද වැල......බොහොමත්ම ස්තුතියි යාළු...:).

@ පුතා
ThanQවේවා commenටුවට සහ අදහස් වලට මචෝ...:)...

RanDil said...

ඇයි වදේ ඔහොම කිව්වාහම ගෑණියෙක් එයිද මං අහන්නේ? කැන්දන් යන්න කලින්ම ඇඬිල්ල ගැන කිව්වහම ඉතිං ගියාට පස්සේ මොනවා වෙයිද කියලා හිතෙනවානේ අනේ. :D

``` Outsider``` said...

ඇත්තම කියල කතා කරන එක තමයි හොඳ කොහොමටත් අනාගත සෞඛ්‍යයට..
අපූරුයි පෙල ගැස්ම..

priyantha said...

ඇත්ත කියන්නයි
බිම ඉඳගන්නයි
ඇයි බය වෙන්නේ...

Shadow/හේමලයා said...

@ RanDil....
කලින්ම කියලා දැම්ම අනේ....එනවානම් ආපුවාවේ...නැත්ත්නම් පස්සට වදේ නෙව......:)..

@``` Outsider```
හරියටම හරි...:)......

@ priyantha.ඒබී
නියමයි මචෝ...ඇත්ත කියන්න මක්කටෙයි බය වෙන්නේ......

බොහොමත්ම ස්තුතියි සියල්ලන්ටම අදහස් හා ප්‍රතිචාරවලට......:D...

Anonymous said...

කඳුළු නෙත ළඟ සිනා රඳවා
ජීවිතය කුසුමක්ව පුබුදා
එකිනෙකා හා බෙදා ගමු අපි
සතුට සැමදා රැදෙනු ඇත එහි..!

Anonymous said...

තනි අතකින් බැහැ සමිදුන් පුදන්න
තනි තටුවෙන් බැහැ අහසේ රැදෙන්න
තනි හිතකින් බැහැ පැතුමන් ගොතන්න
තනි නුඹ ඇයට අතදී හිත පුදන්න

Anonymous said...

හිතට හිතක් එක්වුන විට ශ්‍රියාවයි
අතට අතක් එක්වුන විට දයාවයි
නෙතට නෙතක් එක්වුන තැන සොබාවයි
නුඹට ඇයත් එක්වනු සැමදා සිනාවයි

Shadow/හේමලයා said...

@ nimanthi
බොහොමත්ම ස්තුතියි පද වැලට......:)

@ wath...
ඒක සැබැයි.....බොහොමත්ම ස්තුතියි අගන පැදි පෙළට......:)

Jay said...

නියමයි.

Shadow/හේමලයා said...

@ Ansh Lucky Sri Jay
තැන් කූ තැන් කූ....:)...

malithi said...

කඳුලත් සිනහවත් දෝතින්ම දරාගෙන
එකසිතින් පියමනිනු හෙට නැගෙන හිරු දෙසට
සුපැතුම් සොහොයුර!

Shadow/හේමලයා said...

@ malithi
ThanQ වේවා commenටුවට හා සුබ පැතුමට yaar....:)