Wednesday, July 14, 2010

පරිවර්තනය.......



ගලප ගලපා
ලීව පලියට.....
මකා මකා
කොල ඉර ඉරා......
කවියෙ ලස්සන
හීන වේවිද.....
එලිවැටට
මත් අඩු නිසා....

හිතට දැනෙනා....
සිතුම් අකුරට....
පෙරලුවත්
වැර වැයමින්.....
දැනේවිද
හදවතේ ඇරයුම...
ආලයට
දුර නෑකමින්.....

අහඹු උපමා..
සොයා පීරා
හදේ අහුමුළු
සීරුවෙන්.....
ආල සිතුවම්...
සිලිටි කරලා...
කෙසේ මවමිද..
දූතයන්...........

6 comments:

Anonymous said...

ඉරා පොඩිකල වීසි කල හා
මක මකා ලිව් සියලු කවි පද
එලි වැටක් නැති වුවත් ඇත්තට
හරිම එලියට තියෙන්නට ඇති

උපමාව ගෙන මුලින් තැබු මුත්
කෝඇයට දෙන විශේෂන පද
හිතේ සැමතැන පීරලා නුඹ
සොයනවා නේ ඇයට හරි නම

ගල්මල්-Coral said...

ඉර ඉරා
මක මකා
ලී පද
නැතුවට වැට
එළිය එමට
ඇත පේන්නට

Shadow/හේමලයා said...

@ nimanthi

මිතුරුකමයි...ආදරයි....තරාදිය දෙපැත්තේ තියෙන වෙලාවට.....හරියටම ගැලපෙන උපමා නොයෙදුවොත් සමබරතාව ග්ලිහිලා දෙකම අහිමි වෙනවා නේද....ඕක තමා අවුල....බොහෝමත්ම ස්තුතියි පද පෙලට....:)..

@ ගල්මල්-Coral

වැට එලිය තිබුනාට පේන්නට ලස්සනට...විඳපු දුක දන්නේ මයෙ හති හලන හදවත.....බොහොමත්ම තුතියි..පද වලට...:)...

මැණික්(සුළඟ) said...

හිතට දැනෙනා....
සිතුම් අකුරට....
පෙරලුවත්
වැර වැයමින්.....
දැනේවිද
හදවතේ ඇරයුම...
ආලයට
දුර නෑකමින්.....
ම්..... ලස්සනයි.
මැණික්(සුළඟ)

වැප් said...

දැනේවිද
හදවතේ ඇරයුම...
ආලයට
දුර නෑකමින්.....

Shadow/හේමලයා said...

@ මැණික්(සුළඟ)& වැප්

ආදරයයි හදවතයි අතර නෑකම දුරස් වෙන වෙලාවලුත් තියෙනවානෙ.....බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාර වලට...:D.