Friday, July 23, 2010

වැරදිකරු ස්වාමිනී.............



බිත්තර කටුවක් දෙනවද
මට හැංගෙන්නට......
ඔබ එනකොට
මා හමුවන්නට........
සිතුවිලි සහසක්
පැතුම් දඩ කොළ
එක්ක උණ්ඩි කරගෙන.........
සොඳුරු අවනඩුවලට
සිතාසි අරගෙන.....
මිහිරි නෝක්කඩුවලට
තර්ක හොයාගෙන......
හාදු වෙඩිසැර එකතු
කරගෙන.......
මදි පාඩුවට මුව සිනහ
අරගෙන......
එන බව දන්නව ඒකයි
මම ඔය හැටි බය...
ඔය සියුමැලි මාංචු කුට්ටමට
මාට්ටු වෙල.....
උඹේ අත්අඩංගුවට
පත්වෙන්ට......

15 comments:

දිල් said...

wow............

මේක නම් නියමයි...හරිම ලස්සනයි

Jay said...

මට මුකුත් කියන්න වචන හොයා ගන්න බැහැ..
අගෙයි.

හෙළයා said...

බිත්තර කටුවක මටසිලිටි ගුණ
සොඳුරැ සෙවනක් මවා පානු ඇත,
ඔබ දෙදෙනාට...
එක්ව ලංවී සදා සිටිනු මැන...
මිදෙන තෙක් ඒ ආත්මයෙන්

ayesha said...

විශිෂ්ටයි යාළු

charmi said...

හොඳ වැඩේ.
(ඔහොම වෙලත් මදි)

පුතා said...

වෙන මොකුත් කියන්ට නෑ
සිරාවටම පට්ට මචං...

Anonymous said...

woooooooooooooooow.... brilliant...what a nice thought...

maaaaaaaaaaaaaaaaaara siraaa!!!

Sashi

``` Outsider``` said...

බය ගුල්ලෙක්නෙ..
නියමයි කවිය...

Shadow/හේමලයා said...

@ දිල්
thnx 4 ur comment yaar.....:D

@ Ansh Lucky Sri Jay
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට.......:)

@ හෙළයා
බොහොමත්ම ස්තුතියි මචෝ අදහස හා ප්‍රතිචාරයට.....:)

@ ayesha
ThanQ වේවා commenටුවට...:)

@ charmi
මටම මයි වෙන්නේ....Thnx 4 the commetns macho...:)....

@ පුතා
තැන් කූ තැන් කූ මචෝ........:D

@ Sashi
thnx a lot yaar.....:)

@ ``` Outsider```
අපිනම් ඕං බයයි......බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට......:)

පිස්සා පලාමල්ල said...

හපොයි මේක නම් නියමයි. හික් හික්.... බයයි වගේ ටිකක්

Shadow/හේමලයා said...

@ පිස්සා පලාමල්ල
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට......:)

Unknown said...

හරිම අපූරුයි..අද තමා කියවන්න ලැබුණේ..පට්ටයි මචං...
ජයවේවා!!!

Shadow/හේමලයා said...

@ sampathjt
තැන් කූ තැන් කූ මචෝ...:)....

ජීවිතේ මල් said...

උ ප රි ම යි.... අපූරුතම පද ටික.... ජය වේවා!

Shadow/හේමලයා said...

@ ජීවිතේමල්
ThanQ වේවා commenටුවට...:)