Thursday, July 1, 2010

චව් චව්ලාගේ Positive Thinking


මං කිව්වෙ......
ඕක හරියන්නේ නෑ කියලා
ඔක හරියනේ නෑ නෑ නෑමයි......
කෝ කියන දෙයක් ඇහුවැයි....
මෙක ඇහුවහම කාවද මතකයට එන්නේ.........
උත්තරේ සිම්පල්...
"චව් චව්"........
මතකද අර මූදු කොල්ලක්කාරයා.......
"දොස්තර හොඳ හිත" එකේ
ආවද මීටරේට......
ඒ වුනාට හැබෑ ලෝකෙ මෙහෙම එවුන් නැත්ද?......
මට නම් ඔනෑතරම් හම්බවෙලා තියෙනවා.......
"නැ" යන්නයි "බැ" යන්නයි තමයි
උන්ගෙ හෝඩියේ මුල් අකුරු.......
මොනවා කොලත් දකින්නේ
කණපිටම තමයි.........
වෙලාවකට හිතෙනවා මුන්ට තියෙන්නේ
උඩ යට මාරුවෙලා පෙනෙන
Lens එකක් වත්ද කියලා......
මේ වගෙ එවුන්ට තියෙනව අරුම පුදුම හැකියාවක්
නොස්ට්‍රැඩමසටත් වඩා ගින්දර වාගෙ
අනාගතේ පේනවා.........
වැඩේ පටන් ගන්නෙ කලින්ම
උන් ඒකට කෙලවෙන හැටි හිතින් දකිනවා.....
හැබැයි ඒක හරියට
අති ප්‍රබල අවතල කාචයකින්
බිම බලල
පෘථිවිය ගෝලාකාර බව
ඔප්පු කොරන්න යනවා වාගෙ වැඩක්.....
හැබැයි මේ "චව් චව් දෘෂ්ඨිය “
ලෝකයාගෙ සන්තුඨ්ටිය
උදෙසා යොදාගන්න
පුලුවන් මොකක් හරි “කරමයක්”
තිබ්බානම් කියලත්
වෙලාවකට මට හිතෙනව.....

වැඩේ කියන්නේ කොච්චර Plan කෙරුවත්
Positive Thinking ගැන කියාල දුන්නත්
මේ වාගෙ එකෙක් ඇති
වැඩක් අනල දාන්න......
මොකද සිය දෙනෙක්
යම් දෙයක හොඳ කියද්දී
මොකෙක් හරි එකෙක් උදැල්ලක් දානවානම්…...
අපි හැමොම එකෙ දිහා හැරිලා බලනවානෙ......
හරියට අර සුදුපාට කොලයක
එකම එක කලු තිතක් තියෙද්දි
අපිට අර තිත මිසක් කොලේ පාට නෙමෙයි නේ......
එකපාරටම ඔලුවට යන්නේ.....
මනුස්ස හිතෙ හැටි මයෙ හිතේ....
පුදුම වැඩේ කියන්නේ
එහෙම කොලා කියල මේ "චව් චව්ලට"
ලැබෙන විශේෂ වාසියකුත් නෑ......
සමහර විට
මොකක් හරි අමුතු Kick එකක්
තියෙනවාද දන්නේ නෑ......
හැබැයි වාසි ලබන කොටසකුත් ඉන්නවා......
ඒ තමයි කම්මැලියො ටික.......
උන් තමයි හැමවෙලාවෙම
'චව් චව්ලාට" හූ මිටි තියන්නේ....

5 comments:

නිපු said...

හ්ම්ම්ම්

මැණික්(සුළඟ) said...

ඕනෙම වඩක් කරන්න ගියාම චව් චව්ලා කෙලවරක් නැතිව ඉන්නවා. ඒක ලෝක ස්වභාවය. ඒත් ඒ අය හිටියා කියලා ලෝකය ඉදිරියට යන එක නැවතුනේ නැහැ. හැම දාමත් චව් චව්ලාගෙ කතා ඇහුනා නෑහුනා ගානට ඉදන් වැඩ කරන තවත් කොටසක් ඉන්නවා.
මැණික්(සුළඟ)

Shadow/හේමලයා said...

@ නිපු .....
හ්ම් හ්ම්......ThanQ වෙවා Commenටුවට...:D..

@ මැණික්(සුළඟ).....
සහතික ඇත්ත.......ස්තුතියි ප්‍රතිචාරයට...:D...

Anonymous said...

නොත්‍රදාමුස් පරදා
අනාගතය දුටුව ඇසින්
දුටුවා නම් හොඳ පැත්තත්
කොච්චර හොඳ වේද ලොවට

Shadow/හේමලයා said...

@ nimanthi

සිරාවටම......

ස්තුතියි ප්‍රතිචාරයට....:D....