Sunday, August 1, 2010

කහට.......



ප්ලේන් Tea…
බොන්න එපාලු
වැඩිවෙනවාලු ඒකට ගෑස් ....
ගත්තාට ලාබෙට...
තියෙන්නේ
යකඩ කහටලු....
එමට..
බීපල්ල ලාබෙට...
පළයල්ල
වලපල්ලට........

ග්‍රීන් Tea….
බොන්න හොඳලු.....
තෙල් මන්ද
දියවෙනවාලු ගානට...
බාගෙට අඹරපු හන්ඳාද
මන්දා.....
ගාන වැඩි නෙව
බොහොම.....
කෙලලා අම්බානක...
ගහමු ග්‍රීන් Tea...
ගජරාමෙට.......

11 comments:

හෙළයා said...

:D

විකිණෙන වැඩක් වෙයි. හැබැයි වැඩේ නම් ඇත්ත කියලා හොයාගෙන තියනවා. ඒත් ඉතින් ප්‍රායෝගිකව කතා කරන්න ගියොත් ඔය ලියලා දේ තමයි හරි.

නියමයි

වැප් said...

ග්‍රීන් ටි බොන්න ගිහින් හැදෙන පපුවේ අමාරුවට? :D

නිපු said...

ඈත්තටම ග්‍රීන් ටි බිවුවාම කෙටිටු වෙනවද? එහෙනමි ඒ ගැන සලකල​ා බලන්න් ඔනේ

priyantha said...

අනේ මන්දා. මොකද කරන්නේ. ග්‍රින් ටී වලටත් මොකක් හරි ලෙඩක් එයිද?

ayesha said...

අනේ මන්දා... කොච්චර නරක උනත් අපේ ප්ලේන් tea අපිට හොඳයි

Naදී said...

ඉඟුරු කෑල්ලක් දාපු ප්ලෙන්ටිය තරම් දෙයක් කොහෙද තියෙන්නේ අප්පා

Shadow/හේමලයා said...

@ හෙළයා
ඔව් මචෝ...වැඩේ ඇත්ත...ඒත් ඔය පළතුරු, දුං ගැසූ ආහාරවලත් වල එහෙම යහමින් තියෙනවා ඔය කියන anti oxidants......thnx 4 the commetns...:D

@ වැප්
ගාන අහපු ගමන්...ස්ස්ස්ස්ස්....පපුව තම මචෝ..thnx..:)

@ නිපු
කෙට්ටු නම් වෙනවෝ......:D

@ priyantha.ඒබී
ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නෑ නෙව.....thnx 4 the commetns macho...:D.

@ ayesha
ඒක සැබැයි සැබැයි යාළු.....ස්තුතියි ඇවිත් යන්න ආවට.....

@ Naදී
අම්මපල්ල....ඒකට ගහන්න කොහෙද තව ඒවා......ස්තුතියි ප්‍රතිචාරයට...

Unknown said...

හ්ම්...දැන් ඉතින් කන බොන හැම දේකම වගේ මොනා හරි අවුලක්..මොක උනත් ඉතිං අවුරුදු ගාණක් තිස්සෙ දවස ඇරඹුවෙ අම්මගෙ ප්ලේන්ටියෙන්..උදේ හයට ඇහැරෙන එකත් පුරුදු කෙරුවෙ අම්මගෙ ඔය ප්ලේන්ටිය තමා..ප්ලේන්ටි කිව්වම මතක්වුණෙ හොස්ටල් ඉන්න කාලෙ ඉතින් උදේට කො‍යින්ද ප්ලේන්ටි..අම්මෝ ඒ දවස්වල ... ගණන්.හරියට කෝපි බිව්වම වගේ.. පෝළිම වැඩිවෙලා අනෙක් එකා දොර ගලවන්න හඳනකොට තමා එළියට එන්නේ.. කොහොම උනත් ඉතින් මට මම හදාගන්න ප්ලේන්ටිය තරම් කවුරුවත් හඳන ඒවා හරියන්නේ නෑ..ආ කියන්න බැරිවුණා අපෙ කැන්ටිමකත් තියෙනවා පට්ට ප්ලේන්ටියක්..රුපියලයි..ආයි කියලා වැඩක් නෑ කොත්තමල්ලි පරාදයි..
කියලා ඉවරකරන්න බැරිතරම් ප්ලෙන්ටි කථා..දැන් ඇතිවගේ..
ජයවේවා!!!

Jay said...

මරු

පිස්සා පලාමල්ල said...

මාත් ඔය ග්‍රීන් ටී බොනවා ඉතින් හොඳයි කියන හින්දම... අනේ ඒ උනාට කහට එකක් ඉඟුරු කෑල්ලක් දාල බොන තරම් කොහෙද අප්පා ගතියක්

Shadow/හේමලයා said...

@ sampathjt
ඇත්ත තමයි මචෝ....ප්ලෙන්ටියේ රසය කොහෙන් ගන්නද ......ස්තුතියි අදහස වලට හා මතකය අවදි කෙරුවට..........

@ Ansh Lucky Sri Jay
Thnx 4 ur comment yaar...:D

@ පිස්ස පළාමල්ල.....
මමත් බොනවා අප්පච්චියේ ඔය ජාති දෙකම....ස්තුතියි ප්‍රතිචාරයට...:)...