Monday, August 2, 2010

මේ මං...



නොගැඹුරු දියේ කරනම් ගසන
නාකි තල්මහෙකි........
අනනුන්ගේ ප්‍රශ්න වලදී
දාර්ශනිකයෙකි......
දහවලට ෆ්ලෑශ් ලයිට් එකක් වන
කනා මැදිරියෙකි.....
දළ සිතුවිල්ලක ගැඹුරේ එරෙන.....
පණ්ඩිතයෙකි...........
කොළපාට ඇස් ඇති යක්ෂයෙකි....
සතුරාට බිය ඇති වීරයෙකි......
මිතුරාට එකඟවන ද්‍රෝහියෙකි...
අළුපාට ගැන හීන මවන..
සීබ්‍රා කෙනෙකි.....
රතු පාට කොළ පාට වන
අන්ත ලක්ෂ්‍යය ගැන කියාදෙන
වර්ණ අන්ධ ගුරෙකි.....
උන්මත්තක ලෙස කඩවසම්.....
මාන්නය කරපින්නං......
ඉන්නා පල්ම පල් මෝඩයෙකි....
මේ මං....

17 comments:

හෙළයා said...

:D :D
නියමයිනේ. මොනවා කියන්නද කියලා එක පාරටම ඔළුවට එන්නේ නෑ.

වැප් said...

මට ග්‍රිනි ට් එක්ක දීපන් හේමලයෝ

Unknown said...

ඇත්තටම එහෙමද...???ඒත් එච්චර අවුලක් නෑ වගේ..බහුතරයක් ඔය වගේ තමා...ඒත් එහෙමයි කියලා පිළිගන්නේ කීයෙන් කී දෙනාද...
ජයවේවා!!!!

Amila, "සියපත් විල" said...

නියමයි!
මට හිතා ගන්න බෑ මෙච්චර මංමුලවෙච්ච සිතුවිලි එන සීග්‍රතාවය ගැන

දිල් said...

හික්ස්......

මට නම් හිතුනේ මාත් මෝඩයෙක් කියලා....
බලාගෙන යද්දී කවුරු කවුරුත් මෝඩයෝ වගේ

නියමයි. හැමදාම වගේ වෙනසක්

පුතා said...

මේ කා ගැනද කියල හිතාගන්ට බැරි වුනා මචං එක පාරටම.. දෙපාරක් තුන්පාරක් උඩට පල්ලෙහාට කියවගෙන ගියාම තමා තේරුනෙ මේ කියවන මං ගැනමනේ ලියල තියෙන්නෙ කියලා...

``` Outsider``` said...

ඒත් ඔය කිසිවක්ම නෙවෙයි ඔබ හෝ මම.

නියමයි.. අදහස..

හරී - පිණිපළස said...

ඇත්තමනේන්නං ලියල තියෙන්නෙ මම ගන නොවැ, කොහොමද හරියටම දැනගත්තෙ,
අපූරු පද පෙළ මලේ,,,,,,,,,,

මම ඩුමාංජරිය said...

මමත්
නැති දාට තිබුනා නම් කියන
ඇති දාට අගය නොතේරෙන
නුඹට වඩා මෝඩයෙකි.

(ඩුමාංජරියගෙනි)

priyantha said...

මගෙ අම්මෝ මේ මොකද මේ. කොහොමත් කාටත් අනුන්ගේ ඇහේ පොල්කෙන්ද පෙනුනට තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නෑ කියනවනේ. අපි කාගේත් අඩුපාඩු අපට පෙනෙනවනම්....

ඉලංදාරියා said...

අලුත්ම වෙනසක් මචෝ ..

එත් කතව ..ඇත්ත..
අපිට හරිකියල හිතෙන
හැමදේම කලාම..
අයෙත් හැරෙනකොට ..
හිතෙනවා...
මමත් ..මහා......
මොඩයෙක් කියලා....

Jay said...

මැක්සා...

පිස්සා පලාමල්ල said...

මේක නම් උපරිමයි.

Shadow/හේමලයා said...

@ හෙළයා...
ස්තුතියි මචෝ ප්‍රතිචාරයට........

@ චැප්....
මොකක්.....හික්ස්...
තැන් කූ මචෝ ප්‍රතිචාරයට...:)..

@ sampathjt
ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි මක්කටෙයි බං බය වෙන්නේ.....ස්තුතියි අදහසට මචෝ...

@ Amila සියපත්විල
මටත් හිතාගන්න බෑ මචෝ....වාං දමනවා නෙව හිතිවිලි....බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට....

@ දිල්....
මෝඩයන්ට ජයවේවා...හික්ස්..(අපිට ).thnx 4 ur comments yaar...:).....

Shadow/හේමලයා said...

@ පුතා.....
අපි ඔක්කොටම මේක ටික ටික අදාලයි....අඩු වැඩිය තම තමං තෝරගන්න නැතෑ...ස්තුතියි ප්‍රතිචාරයට.....

@ ``` Outsider```
අපිත් කොහෙන් කොහෙන් හරිඇත්ලත්වෙනවා නෙව මේ කුලකයට....:)..

@ හරී...
අපි ඔක්කොම ගැන තමා අනේ...
ස්තුතියි ප්‍රතිචාරයට...:)..

@ Nuwan
ස්තුතියි අදහස් හා ප්‍රතිචාරයට මචෝ.....

@ priyantha.ඒබී
ඇත්තම ඇත්ත මචෝ.....ඒකම තමා අවුල....ස්තුතියි ප්‍රතිචාරයට....

@ ඉලංදාරිය...
ස්තුතියි මචෝ පද ටිකට....ඇත්ත තමයි......

@ Ansh Lucky Sri Jay
ThanQ වෙවා commenටුවට.....

@ පිස්සා පලාමල්ල......
තැන් කූ තැන් කූ මචෝ........

Naදී said...

හප්පටසිරි මාත් ඇතුලුව අපේ කැරැට්ටුව කල එලි බැහැල වගේ. හෆොයි ලැජ්ජාවෙ පන නෑ.

Shadow/හේමලයා said...

@ Naදී
ඒකනෙ කියන්නේ....ස්තුතියි ප්‍රතිචාරයට......