Tuesday, August 3, 2010

සැටලයිට් තියරිය.......


කක්ෂ ගත වෙච්චි
චන්ද්‍රිකාවක් වාගෙ
ඔයා වටේ කැරකෙනවා මං
අහුවෙලා ගුරුත්වයට........
ඇදි ඇදී ටික ටික
ලංවෙනවා වාතලයට උඹේ.......
ඒත් ඔනෑවට වඩා
කිට්ටුවුනු දාට...
ආශාව කියන වේගයට හසුව
ගින්නෙන් දාහල......
මයෙ සුන්බුන් වෙච්චි හිත
වැටේවි උඹේ හදවතේ...
පෘෂ්ඨය මතුපිටට......
ආයෙමත් වතාවක්
උපදින්න පතාගෙන....
ඉවරයක් නැති සංසාර සාගරේ......

9 comments:

දුකා said...

බැරිද හිත හදා ගන්න
ලං නොවී දුර ඉඳන්ම
බලන් ඉඳ ආදරේ කරන්න
අයිති කර ගන්න ලෝබ නොවී . .. .
හැකි වේවී අළු නොවී
කලක් රැඳෙන්න
සංසාර සාගරේ පීනලා
ගොඩ යන්න
මඟකුත් හොයා ගන්න
ලං නොවී දුරින් ඉඳ
ආදරේ කලොත් . . . .!!

හෙළයා said...

ලංවෙලා ඉන්නහැකි,
නියම වේගය අරන්....
මන්ද එය නොකරන්නේ,
දරාගත නොහැකි නම්,
පිහාටුවක සැහැල්ලුවෙන්
ඇදී යා හැක ඔබත්
තෙරක් නොපෙනෙන විශ්වයට
දැන්වත් නිදහස් වුවොත්...

වැප් said...

ඇවිත් ගියා

Jay said...

දුකා අයියා කියන එකත් හරි..

hasithahands said...

මිනිස් ආත්මයක් තුල,
නොසිදෙන බලවේගය,
මවකගේ සෙනෙහසයි.

හොද සැට් එකක් හදමු.....

Naදී said...

සහතික ඇත්ත !

priyantha said...

දුර ඉඳන් බලා ඉන්න. වැටෙන්නේ නැතුව

තක්ෂිල said...

දුක කියා කිවත්
සොම්නස යි කිවත්
ඡිවිතය.....
මහා අමුතු කවුලුව
සොයායන්නට මිරිගුවක් පසු
හබාගොස් හති වැටුනු තැන
ආදරය ලංව කොදුරයි ලු අපහට

Shadow/හේමලයා said...

@ දුකා.....
වැඩේ කියන්නේ ලංවෙන්නෙම නෙව හිතෙන්නේ.හරියට අර විදුලු එලියක් වටේ කැරකෙන මෙරුවෙක් වගෙ....ස්තුතියි පද ටිකට.....

@ හෙළයා.......
නිදහස වෙන්න නම් ආසයි...ඒත් මේ ආසාවත් එසේ මෙසේ එකක් නෙවෙයි නේ.....ස්තුතියි අදහස් වලට සහෝ....

@ චැප්...
තැන් කූ තැන් කූ.....

@ Ansh Lucky Sri Jay
ඇත්ත නම් තමා ඒත් බෑ නෙව කොරන්න මේ හිතත් එක්ක මොකවත් යහපත් වැඩක්...අදින්නෙම වලට..ස්තුතියි..

@ hasithahands...
සහතික ඇත්ත මචෝ......ඒ ආදරයට සම කල හැකි දෙයක් නම් නෑ මුලු විශ්වයේම...ස්තුතියි මේ පැත්තේ ආවාට සහ අදහස් වලට.....

@ Naදී
හ්ම්ම්.......ස්තුතියි ....

@ priyantha.ඒබී
කියන්න නම් ලේසියි...මමනෙ දන්නෙ අමාරුව...බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට.....

@ තක්ෂිල...
සිරාවටම මචෝ...බොහොමත්ම ස්තුතියි පද පෙළට.......