Wednesday, August 4, 2010

අලි ඩොං සහ දඩ බඩෝං............


අලි ඇතුං...
අපේ පාරම්පරික ඉඩම්
බලෙන් අල්ලං
වැටවල් ගහං
ඒ විතරක් නම් මදෑ
වෙඩිත් කාපංකො දැං....
කෙලිනවනේ මේ දළ දෙකට හිටං.....
නොදකිං
මේ දෙපා සත්තු නං............

කැලැ මහත්තුරු...
තාම හොයනවා...
තනියව....
දොයි කරවන්න
පැටියව.....
එන්න එහෙම එපා
කිට්ටුවට....
ඕකා හරි හප්පා....
ඔහොම හිටියට.....

ගම්මු....
වැටවල් කඩලා....
ගෙවල් සමතලා කරලා....
වී ටිකටත් කෙලලා.....
පැලටිකත් තලලා...
අපිවත් මරල.....
ඒත් අලි නම් ඔය
කමක් නෑ කියමුකො...
ඒත් මුං....
විකාර නැතුවට....
තියන්නෙ නැතුව ඔලුවට..........
ඔය ඉන්නෙ හැම තැනම...
හොයනවලු තවම....
තනිවෙනකං වෙන්නැ
මයෙ හිතේ බලා ඉන්නෙ
"තනිය".......

පරිසරවේදියෝ......
අලි බේරා ගනිමු...
උන්ගේ නිජ බිම් වල අයිතිය
වහා ලබාදෙනු.....
අලි අයිතිවාසිකම් සුරකිනු....
මිනිස්සු පිටුවහල් කරනු.........
හේන් තහනම් කරනු...
වනාන්තර සුරකිනු.....

නායකයෝ...
මිනිස්සු ටික අන්දමු....
ඇත්දල ටික
පරිස්සමට තියාගමු....
හේන් ඩෝසර් කරමු...
ලී ටික මොරටුවට පටවමු....
අලිත් ඕනෑමනම්....
කියුබාවෙන් හරි Import කොරමු...
තව ඩිංගෙන් අමතකත් වෙනවා.
අර පරිසරවේදියෝ ටික
Export කොරමු.....

(Inspired by a poem written by Indika Gunawardana on ""අලි මිනිස් ගැටුම")

19 comments:

පිස්සා පලාමල්ල said...

සහතික ඇත්තක් ලස්සනට අකුරු කරලා

මතක මංපෙත said...

කටේ මසුරං දාන්න වටින කතාව.
ඒත් ඉතිං දැං 5හේ කාසියක් වත් හොයාගන්න නැති කාලෙ දෙදාහෙ කොල ටිකක් හරි නවල දාන්නම්කො.

දිල් said...

නියමයි...................අපූරු නිර්මාණයක්

ජීවිතේ මල් said...

ජය වේවා! නියමයි මේ නිර්මාණය!

charmi said...

ෂහ් මං ආසම වැඩේ....
එක දෙයක් ගැන point of views 5 ක්.
නියමයි.

BLOG ගඩොල් said...

අති විශිෂ්ටයි සර්!!!

හෙළයා said...

කතා ගොඩක් නියමෙට කියලා තියනවා.
මැක්සා මචං. මැක්සා

චේජනා said...

ඒක නම් නියමයි... මම වැඩියෙන්ම කැමති හැබැයි
අර "අලි ඇතුං..." කියන කොටසට, ඒක හරිම ස්වභාවික විදියට ලියවිල..

ඉලංදාරියා said...

මේ මොහොතේ වැදගත් නිර්මානයක්....

සියලු කොනවලින් බාලා කල නිර්මානයක්

මැණික්(සුළඟ) said...

හොඳ නිර්මානයක්. අලි මිනිස් ගැ‍ටුම. සිද්ද වෙන්නෙත් මේ ටික.

ayesha said...

අලි මිනිස් ගැටුම අසුන්දර වුනත් ඔයාගේ පද ටිකනම් හරිම ලස්සනයි.

Jay said...

නියමයි

``` Outsider``` said...

අලි මිනිස්සු කෙල ගත්තත් අන්තිමට ගොඩ යන්නෙ නායක පැලැන්තිය තමයි.
නියමයි...

Naදී said...

අපේ රටේ ප්‍රශ්න විසඳන කට්ටියට වඩා ප්‍රශ්න පැළ කරන කට්ටිය වැඩි නිසා මේවගේ ගැටලු නිව්මෝනියාවටත් හැරිලා. හැමෝගෙම විව්පොයින්ට් එකෙන් බලන විදිහ මරු !

වන්නි said...

මගේ හිතේ මේ පළවැනි කමන්ටුව හේමලයගේ බ්ලොග් එකේ දාන්නේ. ආවට ගියාට ලියලා ගියේ නෑ නෙව.

චේජනා කිව්වා වගේ මමත් වැඩියෙන්ම කැමති අලි ඇතුන් කොටසට.

ජය.

priyantha said...

අලි, මිනිසුන්, පරිසරවේදීන්, කැලෑ මහත්තුරු එකට හැප්පෙනවා....
නායක අපි බලන් ඉන්නේ නැතිව බොරදියේ මාළු බාමු.....
හේමලයත් දකින දෙවල් ඇත්තට...

Shadow/හේමලයා said...

@ පිස්ස පළාමල්ල....
ස්තුතියි මචෝ....:)...

@ මතක මංපෙත......
හපෙ අප්පෝ...හුස්ම ටික එහෙම හිරවුනොත්.....ස්තුතියි ප්‍රතිචාරයට.......

@ දිල්
ThanQ වෙවා commenටුවට.....:)

@ ජීවිතේ මල්...
තැන් කූ තැන් කූ....ජයෙන් ජයම වේවා......

@ charmi
බොහොමත්ම ස්තුතියි...මම යටින් සඳහන් කවියේ අලින් සහ මිනිස්සුන්ගෙ පැත්තෙන් ලියලා තිබුන...මම මිනිස්සු ටිකත් ටිකක කාණ්ඩ කලා....:)

@ blog gadol
ස්තුතියි ප්‍රතිචාරයට...:D....

@ හෙළය....
බොහොමත්ම ස්තුතියි මචෝ ප්‍රතිචාරයට.....

@ චේජනා....
ඇත්ත ඒක් තමා මගෙත් කැමතිම ටික...ස්තුතියි අදහස්වලට.........

@ ඉලංදාරියා.....
thanQ වේවා commenටුවට......:)

Shadow/හේමලයා said...

@ මැණික්(සුළඟ )
බොහොමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාරයට.......:)

@ ayesha
ස්තුතියි යාලු.......:)

@ Ansh Lucky Sri Jay
තැන් කූ තැන් කූ......

@ ``` Outsider```
ඒකනෙ කියන්නේ...කොහෙන් ගියත් උන්ට නම් වරදින්නේ නෑ.....ස්තුතියි ප්‍රතිචාරයට.....

@ Naදී
ආයෙත් අහලා......වවාගෙන කන එකයි පැලස්තර විසඳුමුයි තමයි අපේ රටට කෙළවන්නේ....ස්තුතියි අදහස්වලට....

@ කුෂාන් ඇස්. වන්නිආරච්චි
බොහොමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාරයට.....:)

@ priyantha.ඒබී
ඒකනෙව අලුත්ම කලාව.....ස්තුතියි ප්‍රතිචාරයට....

වැප් said...

කාට පවසම් මේ වින් නැහි .....

[ ඇත්ත ඇති සැටියෙන් නවමු විදිහට ]