Saturday, August 7, 2010

ජීවිතේට ටිකට් එකක් ගන්න පිකට් එකක්.......



ජීවිතේ කියන්නේ
Private Bus එකක යන
Ride එකක් නම්.......
Driver කියන්නේ
ඔනෑ වෙලාවට කොටන.....
නැති වෙලාවට අදින......
කාලයද?
කොන්දොස්තර වෙන්නේ
ඇතිවත් බැරි නැතිවත් බැරි.....
ආලයද?......
ජනේලය ලඟ සීට්
එකකට හීන මැව්වට.....
සුලං රැල්ලක සුවය
පැතුවාට.......
ලැබෙනවාද හැමොටම?
සමහරවිට ඉල්ලුවත්
නොලැබෙන ටිකට්...
සමහරුන්ට නොඉල්ලාම
ලැබෙන්නේ කොහොමද?...

හීන හොරෙන් ගන්න
පික් පොකැට් කාරයොයි........
ලෑල්ලකට හරි ලංවෙලා
කල දුටුකල වල ඉහගන්න
ජැක් කාරයොයි......
තෙල් බේත් විකුනන
පොත් කාරයොයි.......
හම්බ වෙලා නැතෙයි...
අනිත් උන්ගැන නොහිතා
අහක බලන් වුන්......
ලඟටම වෙලා
කිරා වැටෙන වුන්.......
කකුලක් නැති එකෙක් හිටියත්
සීට් වලට මුල් අල්ලපු වුන්......
ඔනෑ තරම් මේ ගමන පුරා වට.....

ජීවිතේට කරකවන්න
හිතන්නේවත් නැති මීටර්
බලෙන් ඇහෙන කොට........
යන්න ඉඩ නැතිවෙලත්
අස්සටම යවනකොට.....
තියෙන තියෙන අඩියට
තව කෙනෙක් පෑගෙනකොට.....
මොනවද හිතෙන්නේ
ඇත්තට ජීවිතේ ගැන...........
සමහරු කැමති සීට් එකක
වාඩිවෙලා Conservative
විදිහට යන්න......
තවත් අය කැමති ෆුට්බෝඩ්
Risk එක seek කරන්න.....
ඇත්ත, සුළං පාරනම් ආතල්....
පය වැරදුනොත් චැසි බොල්........
ඔයදෙකටම අකමැති අයයි..
හැකියාව හා වාසනව නැති අයයි..
බෑ නොකියා දෙපැත්තට වී
යහමින් තැලෙති...

ගමනාත්යෙන්ම බහින උන්
බොහො විට උදාසීනව
ගමනේ යෙදෙති.......
මග බහින වුන් Interestingය.....
බහින තැන නොදැන වට පිට බලමින්
යන වුන් අමු මොංගල්ය...
නමුත් ආතල්ය...
නවත්තනට පෙර පනින එවුන්ද.....
නැවත්තූ පසුවත් කිරන එවුන්ද
එකම බෝට්ටුවේ දෙපැත්තක
ඉන්නා උන් වෙති.....

කොන්දා සමග ඇරගන්නා
එවුන් මෙන්ම
ඌ කියන හැමදේම
කොරන එවුන්ද
දෙගොල්ලොම ඇන ගනිති......
සුමුදුව බදා නංවා අන්න අතින්ම
බහිනකොට තල්ලු කොට දමන්නේ.....
පස්සවත් නොබලාය.....

අත් වන වනා යන එවුන්
නිදහසේ යත්දී
බර ඇති එවුන් කට්ටම කති.....
මැද ඉන්න එවුන් අතරමගදී
නොතැලෙන නමුත් බහින්නට
ගියවිට ඇරියසුත් සමග චාටර් කති.....
දොරවල් අසල ඉන්නා එවුන්
දිගටම කට්ට කන නමුත්
පහසුවෙන් චුත වෙති....

23 comments:

වැප් said...

බස් එකේ සත්‍ය කතාව ...
උදේ හවහා විඳින දුක අන්තිම පදපෙලෙන් නියෙමෙට විග්‍රහ කරනවා :D

හිරු ප්‍රභා said...

මරු බස් කතාව,

හෙළයා said...

බස් එකේ ජීවිතේ අපුරැවට විග්‍රහ කරලා තියනවා. හරිම අගෙයි මචං. ඔබට ජය

dinesh said...

අදහසනම් සුපර්.....ප්‍රයිවට් බස් ජීවිතේ....

රවා said...

මචං අයියා මෙක දැකලා තියන්නෙ ටික දෙනයිනෙ..මෙක පට්ටම පට්ට..

හරිම රසවත් , ඔබගෙ දැකිම, ගැලපිම ගැන මම ඔබට සුභපතනවා ... ඔබට ජය ...

චමිදේවා said...

උඹට හැමදේම වෙනස් විදියට පේනවා කොල්ලෝ...
මම මාර ආසයි ඒකට...

Abeetha Edirisinghe said...

උඹ ලියන විදිහ නම් පට්ටම පට්ට

Nimesh said...

කොන්දොස්තර නැත්නම් බස් එකේ නිකන් යන්න පුලුවන් වගේ ...............??

විහඟ ගීතය said...

දකිත් අළුත් ඇසකින් හැමදේම මනා
හිතත් අලුත් වෙයි සිතුවිළි සසළවෙනා
ඇවිත් යනෙන මුත් කිසිදා නිම නොවෙනා
අපිත් හැමදාම එක බසයේම යනා

ayesha said...

very nice.....

තක්ෂිල said...

බස් එකත් වේලාවට එපාවෙනවා එවගේ තමයි ඡිවිතේ

priyantha said...

ජීවිතේ කියන්නේත් ඕකටමනේ. වෙන මොනව කියන්නද. අපේ ජීවිතත් ප්‍රයිවෙට් බස් එකේ යන එකා වගේ තමා....
ලස්සනට අදහස ගලපලා තියනවා.

පුතා said...

උඹටත් හිතෙන දේවල් ඈ...... පට්ට මචං...

Teena said...

කෙසෙල් පට්ට.. පුවක් පට්ට.. දෙහි පට්ට.
පට්ටම පට්ට..! කොහොමද අප්පා මෙහෙම හිතෙන්නේ..?? නියමයි..

හරී - පිණිපළස said...

ජීවිතේ හැටි,, තවත් අපූරු සටහනක්,,,,

BLOG ගඩොල් said...

හේමලයා @ හිස් බෙස්ට්!! එලකිරි මචං..

පිස්සා පලාමල්ල said...

උබ නම් ජීවිතේ ගැන හරිම ලස්සනට හිතන දකින කොල්ලෙක්.... මේක ගැන මොනව කියඳ බන් මේ මම... ෆා ගේ ලිස්ට් එකට රබර් පට්ට ත් එකතු කරන්නම්.

උබේ දැකපු ඒවයෙන් හුඟක්ම වැදුන එකක්.

Unknown said...

උඹත් නිකං එක විදියක් ඈ.. එල එල.. මම කැමතියි උඹ හිතන විදියට..

Shadow/හේමලයා said...

@ චැප්...
තැන් කූ තැන් කූ මචෝ........

@ හිරුප්‍රභා...
ස්තුතියි.....

@ හෙළයා....
ස්තුතියි සහෝ......

@ dinesh
ආයෙත් අහලා...ස්තුතියි මචෝ.....

@ රවා....
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට.....

@ චමි දේවා.....
පොඩි වෙනසක් තියෙන්නටත් එපාය...ස්තුතියි මචෝ......

@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට......

@ නිමේෂ් සුරන්ග...
ආයිත් අහලා...ස්තුතියි මචෝ.....

@ විහඟ ගීතය
බොහොමත්ම ස්තුතියි පිළිතුරු පද පෙළට......

@ ayesha
thanQ yaar.....


@ තක්ෂිල
ස්තුතියි මචෝ.....

@ ප්‍රියන්ත ඒ.බී...
ස්තුතියි ප්‍රතිචාරයට.....

Shadow/හේමලයා said...

@ පුතා...
ස්තුතියි මචෝ......

@ ෆා..
දෙල් පට්ට මිස් වුනා නේද....ස්තුතියි ප්‍රතිචාරයට.......

@ හරී..
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට......

@ blog gadol
ස්තුතියි ප්‍රතිචාරයට.....

@ පිස්සා පළාමල්ල...
බොහොමත්ම ස්තුතියි මචෝ....

@ වැම්පයර්....
අපි එහෙම තමා ...ස්තුතියි මචෝ....

RanDil said...

අම්මෝ මට නං බස් ජීවිතේ එපා.............. වෙලා තියෙන්නේ. හොඳ වෙලාවට බස් එක පටන් ගන්න තැනින් නැගලා අවසානෙට කලින් එකට කලින් එකෙන් බහිනවා. ඒත් සමහර වෙලාවට ඒකත් එපා...........වෙනවා. මහත්තයා ලක්ෂ පතියෙක් වෙනකම් බලාගෙන ඉන්නේ බස් ජීවිතේට ආයුනොමවන් කියන්න.

Chamila said...

නියමයි මචන් නියමයි.....පිස්සු හැදෙන්න ලියල තියනවා. කොන්දා ගොඩක් වෙලාවට ඔරවා ඔරවා සද්දෙ දැම්මට සමහර වෙලවට හිනා වෙනවා. විහිලුත් කරනවා....
අනික සමහර අය බස් එකට නැගගන්ඩ බැරිවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදුත් වෙනවනෙ.

masking said...

නියම ප්‍රයිවට් බස් Journey......a