Sunday, August 8, 2010

"න\ම" සහ මම.......



පළමුවෙනිම "න"යන්න......
හැම හත්වෙනි දවසකම
ඇස්දෙක නොඉවසිල්ලෙන්
පුරුදුවෙලා හිටිය හොයන්න
මගෙ මුල්ම "න"යන්න....

දෙවැන්න…….
හැම හයවෙනි දවසකම....
හොරෙන් හොරෙන් බලන්න
පුරුදුවෙලා උන්නු
"න"යන්න......
කොටුරූල් පොත් අස්සෙන්
විඳින්න වලිකාපු ඒ හිනාව......
Full try කෙරුවත් මං කියාගන්න.....
බැරිවුන මගේ දෙවෙනි "න"යන්න....

තෙවැන්න....
හිනාවෙලා හිනාවෙලා....
මාව ගොනාට අන්දාපු...
අං තට්ටුවකුත් එක්කකලා
කට අරින්නත් ඉස්සරින්......
පරාල ඇණයක් තෑගිකොරපු
මගෙ තුන් වෙනි "න"යන්න......

ඉතින් ඔය ඔක්කොටම හරියන්න
මට හම්බුවෙච්චි "ම"යන්න.....
"න"යනු වලින් මම කන
චාටර් වලින් මාව බේර ගන්න
දිව්‍යලෝකෙන් බිමට බැහැපු
මගේ ආදරණීය "ම"යන්න....
මෙච්චර කාලයක් උඹ නැතුව
මම කොහොම උන්නද ඇත්තට
මගෙ "ම"යන්න.....
මට කියන්න.....

22 comments:

හෙළයා said...

:D

" ම" යන්නෙන්වත් නවතීවා.
පට්ට මචං

පිස්සා පලාමල්ල said...

මම තේරුම් ගත්ත හරිනම්... " ම " යන්න උබට හැමදාම අයිති වේවා.

Amila, "සියපත් විල" said...

නියමයි,
"න" වලින් ඇණ කාපු
"ම" යන්නෙන් ගොඩ ගියපු
උඹට
'ම" යන්න සදා කල් උරුම වේවා

වැප් said...

යන්නෙන් නවතිනවා ...

ඇද්ද උබට ආයිත් නැහැ නු

Jay said...

හෙළයා කියපු දේ තමයි කියන්න තියෙන්නෙ.
:)

පුතා said...

"ම" යන්න දිගටම තියෙන විදිහට ගැටේ ගහපන් මචං....

Naදී said...

අම්මපා පලවෙනි පාර කියවද්දි ටියුබ්ලයිට්. :D
"න" යන්නෙන් විතරක් බේරිලා ගියා ඇති සිංහල හෝඩි‍යෙන්ම ඇණ නොකා.
දැන් ඉතින් "ම" යන්නට ඇණයක් හයියට ගැහුවනම් හරි.

දිල් said...

wow.........

නියමයි.....මොනා කියන්නද හිතාගන්න බෑ
උපරිමයි

Unknown said...

හික් අයියො හේමලයා අයියාට ඇනයක් වුන "න" යන්න මට නම් දිව්යලෝකෙන් බැහැපු "න" වුනා.
ඔයාගෙ "ම" යන්න උපදින උපදින හැම ආත්මෙකම ඔයාගෙම වේවා!!!!!!

Unknown said...

මචන් මට "ර" යනු වලින් ඕකම උනා.. හැබැයි අම්මප මට ආයෙමත් අයිති උනේ "ර" යන්නක්.. හැබැයි දැන්නං මැරෙනකං ඒ "ර" යන්න මගේ.. අත්සම ගැහුවා!

ගීතික බුලත්සිංහල said...

මටත් න යන්නෙන් ඒකම උනා

තක්ෂිල said...

හරිම අමුතු සිතුවිල්ලක්

මම ඩුමාංජරිය said...

"න" යන්නෙන් චාටර් කනකොට අන්තිමේදි ඉතුරු වෙන්නෙ "ම"ම විතරයි.නියම අදහසක්,පට්ට.

priyantha said...

ඇති ඔයින් ගියා. ම යන්නේම හිටහන්. ආයෙ න යනු හොයන්නේ නැතිව.....

ඉලංදාරියා said...

ඇන වෙච්ච "න" යන්න මකලා දාලා ....
ගොඩ ගත්ත "ම" යන්න ...‍රැකගන්න...
ජිවිතේ හැමදාම "ම" යන්න
නුබ ලග ‍රැදෙන්න....
"ම"යන්නට මුලු ජිවිතයම් නුබම වෙන්න..

ස්වප්නා said...

හික් :) මරු.. :) ඔයා හොද වෙලාවට strategy එක මාරු කලේ :D

නොම්මරේ said...

පළවෙනිම 'න' යන්න
දෙවෙනියත් 'න' යන්න
තුන්වෙනිත් 'න' යන්න...
නිසයි නුබ උගත්තේම 'ම'යන්න
අපුරුයි නුඹේ
'ම' 'න' රම් 'ම' ජීවිතය

RanDil said...

'න' යන්න ගියාවේ
'ම' යන්න රැඳුනාවේ
ඔබ වෙනස් නොවුනාවේ
'නම' එයින් දිලුනාවේ

Shadow/හේමලයා said...

@ හෙළයා
ස්තුතියි මචෝ....අතරින්නේ නෑ "ම" යන්න නම් කවදාවත්.......

@ පිස්සා පළාමල්ල...
බොහොමත්ම ස්තුතියි මචෝ........

@ අමිල සියපත් විල...
ස්තුතියි මචෝ....

@ චැප්...
අපෝ..."න" යනුනම් මතක් කොරන්න එප....:)

@ Ans Luckey Sri Jay
තැන් කූ තැන් කූ......

@ පුතා....
අයෙත් අහලා...ස්තුතියි මචෝ....

@ Naදී....
අම්මේ ඒක නම් ඇත්ත.....සින්හල හෝඩියෙන්ම ඇණ කෑවනම් ෂුවර් පිටගැස්මට බේත් ගහලාම බංකොලොත් වෙනවා මං....:)

@ දිල්....
හිතා ගන්න බැරුව ෆුල් ගේමක් දීලා තමා මේ ව්චන ටිකවත් ගැට ගහගත්තේ....ස්තුතියි....:)

@ පුබුදුවා....
උඹට හඳාම හොඳා එහෙම වුනු එක...සුබ පැතුම් ම්චෝ.....:)

@ වැම්පයර්.....
අයිති වුනා නම් එච්චරයි....එළම් කිරි...ස්තුතියි මචෝ....:)

@ ගීතික දිලෘක්....
නපුරු නයන්න තමා.......ස්තුතියි ප්‍රතිචාරයට......:)

@ තක්ෂිල.....
හැඟීම නම් පොදුයි...ලියැව්ල්ල නම් මගෙ නෙව...හැම දාම වගෙ අබ්ලික්...ස්තුතියි...

Shadow/හේමලයා said...

@ සෙනරත්...
ස්තුතියි මචෝ....:)

@ ප්‍රියන්ත ඒ.බී..
අනිවා සහෝ....ම යන්නෙන් තොර ලොවක් නැත මට.....

@ ඉලංදාරියා
බොහොමත්ම ස්තුතියි මචෝ පද ටිකට....:)

@ ස්වප්නා
අප්පේ...ඒක නේන්නම්..නැත්නම් න යන්නෙන්ම නාගන්නවා......

@ නොම්බරONE
ඇත්ත මචෝ...ස්තුතියි....:)

@ RanDil
ස්තුතියි පද ටිකට......:)

Chamila said...

නියම කවියක් මචන්........ උඹ නම් "න" යන්නෙන් ඇවිත් "ම"යන්න ලඟ කොහොම හරි නතර උනා... අපිට නන් මුලු හෝඩියම පීරන්ඩ වේද මන්දා. දැනටමත් අකුරු කීපයක්ම පපුවෙ කොටල තියන එකේ.....

අනේ මන්දා..?? said...

නියමයි යාළු..... "ම " ටයි ඔයාටයි මගේ සුබ පෑතුම්