Monday, August 9, 2010

බූරුවාගේ චින්තනය ජෝකර්ගෙ ඇසින්...........



ධනාත්මක චින්තනය....
අතම රතු පාට
වුනාට මොකද...
තුරුම්පු
ඉස්කෝප්ප.....

ගේම.....
ඉල්ලුවට
කපන්න
පුලුවන්ද?

නෑම.........
කපෝතියක්
ගහන්න ගිහින්
කපෝතිවෙලා
ඉන්දෙද්දි
මේං
මේක බාල්දුවකුත්
කෙලළා........

භූමි දෝෂ.......
බූරුවා
ගහන කොට
නපුරු වුනාට...
ඕමි
ගහනකොට
නීච වුනාට...
304
ගහනකොට
9ත්..
පොරක් හරි.....


Strategic ප්ලෑනින්.......
කියන්නේ නම්
ආසි කපලා
ආසි ගහන්න එපැයි කියාලා....
ඒවුනාට..
එහෙමයි කියලා.....
අනිත් පැත්තේ චන්ඩියා
නෝන්ඩි වෙච්චි වෙලාවට....
අපේ ජෝකර්
ගෙනල්ල හරියනවැයි...
නයිට් වොච්මන් හැටියට
මං අහන්නේ......

සුභ සහ යස.......
ලෝකෙටම
ලොක්කයි කියලා
හිතාන උන්නට
මොකද….
304 ගහන කොට
ආසියත් බූරුවාට
කැපෙනවා...



24 comments:

Unknown said...

වෙනස් විදිහෙ අමුතුම සිතුවිල්ලක් සහෝ

Jay said...

පට්ට..

චේජනා said...

තවත් අමුතුම අදහසක්...

BLOG ගඩොල් said...

කියලා වැඩක් නෑ! එළකිරි මචෝ!! හොද බූරු දැනුමකුත් තියනවා නොවැ!:)

වැප් said...

හේමළයාගේ බූරු පාඩම :D

ඉලංදාරියා said...

දන්නට වැටහෙති..හේ ..හැමදාම වගේ අලුත් ..කෝනයක් සහෝ..

හෙළයා said...

මාත් කාඩ් පැක් එකක් හරව හරවා බැලුවා මොකක් හරි ලියන්න.
මේක නම් හතේ හතයි. පට්ට මචං. සිරා.
උඹට ජය !

මුදියන්සේ said...

anea man dhannenAa ba\n uBageth adhahas...

Unknown said...

උඹ නං එලම කොල්ලෙක් ඈ..

විහඟ ගීතය said...

දෑවටී ඉහල තැන්වල රජ වන කල්ලී
නොවටී පොඩි කොලේකට කැපුනම සෙල්ලී
‍රැවටී හැමදාම කූජීත වුන කල්හී
නොවැටී දෙකේ කොලයට අපි ඉමු මල්ලී

හරී - පිණිපළස said...

යාන්තං බූරු ගේම ගැන ටිකාක් දැන ගත්තා

``` Outsider``` said...

උපන් ගෙයි බූරු කප්පිත්තෙක් වගේ...
නියමයි..

මැණික්(සුළඟ) said...

අනේ මංදා අදත් හොඳටම මංමුලා වගෙයි.
මැණික්(සුළඟ)

RanDil said...

සූදු පොළක්නේ බලාගෙන ගියහම :)

අන්ෂ්ගේ අන්තිම තුරුම්පුව ඔස්සේම ආපු ගමනක්ද කියලා හිතුනා

priyantha said...

හරි හරි මේ ආසිත් කපල දාන්නකෝ.
"ලෝකෙටම
ලොක්කයි කියලා
හිතාන උන්නට
මොකද….
304 ගහන කොට
ආසියත් බූරුවාට
කැපෙනවා.."
එක නම් එල කතාව
ඔය මොනව කිව්වත් මම දන්නෙත් ඕමි ගහන්න විතරයි හේමලයෝ

Naදී said...

සමහර අපිත් ආසියෝ කියලා හිතං ඉන්නවා. දන්නේ නැතුව බූරුවන්ටත් ඔලුව නමන්න වෙනවා. කාඩ් කුට්ටමෙත් ඉගෙන ගන්නවනම් දේවල් ගොඩයි. හැමදාමත්වගේ ඇස් පාදන එකට ගොඩක් පිං.

Anonymous said...

කාඩ් ගැන ලියන කිසිම කවියක් නොතේරේ.කාඩ් ගැසීමට නොදන්නා බැවිනි.;-((((

Ravi said...

ආසියා මා සතුය,
එහෙයින් කුමට බියවම්ද? සිතා සැනසුනෙමි.
එහෙත් ,
අහෝ,
පිටියට අවතීර්ණ වූ සැණින්,
ආසියා හතේ කොලයටද,
බාල්දු වීය.

පිස්සා පලාමල්ල said...

හැමදාම වගේ නොහිතෙන නොබලන පැත්තක්. උබ ලස්සනට හිතනව කොල්ලො. හි හි බූරු 304 ඕමි ගැන හොඳටම දන්නවා නේ හික් හික්

Eranga Perera (Muthu Paba) said...

කාඩ් ගහලා හොඳට පුරුදුයි වගේ.. :)

තක්ෂිල said...

ඕය ගේම විතරක් ද නැත්තන් තවත් ඒවා කටපාතිද???

charmi said...

රැජිනට ප්‍රේම කල නිසා.....
ජීවිතේ ගමන වැරදුනු සූදු අන්තුවා....

මරු සින්දුවක්. හොයල බලන්න.
(කාගෙද මතක නෑ. /රොහාන් ශාන්ත බුලේගොඩ ?)

Chamila said...

මෙන්න බූරු තිප්පොලට කවියෙක් පැනලා....... ඉස්තරම් අදහස් ටික මිත්‍රයා...

Buddhi said...

ෆට්ට බුවෙක්මැයි! තොර තොරා කියවිය හැකි ලිපි බෝමැයි! කියවා කියවා කොමෙන්ට් කරමි!
හ් වගත් එසේ මැයි.....
සයිබර් යායෙන් බුද්ධි