Wednesday, August 11, 2010

ළමාවිය.....



අත්දැකීම් කියන
පාඩම් වලින් පිරිච්චි....
ජීවිතේ කියන
මහා පුස්ථකයත් එක්ක බැලුවාම....
උඹ නිකම් ම නිකම්
ඇක්සයි පොතක් විතරම වුනත්......
ඒකෙ තියෙන සටහන්
කොයිතරම් වටිනවාද...
කියා අමතක කරන්නේ
කොහොමද මම....
උඹේ අන්තර්ගතය
පිටපත් කරගෙන ජීවිතයට...
වනපොත් කරගෙන මතකයට.....
විසි කෙරුවට අතීතය කියන....
පරණ පෙට්ටගම ඇතුලට...
හැමදාමත් ඉඳීවි උඹ......
මගෙ හිත ලඟම
දැවටි දැවටි....
ඔච්චම් කර කර මට.....

22 comments:

චමිදේවා said...

කවදාවත් අමතක වෙන්නේ නැති
මතක් උනාම සතුටුවෙන්න පුළුවන්
ඉක්මනටම ගෙවිලා ගිය
කාලයක් තමයි ඒ....

Naදී said...

ජීවිතෙත් රිවයින්ඩ් කරන්න පුළුවන් වුණානම් ඔබ වගේම මාත් තව ගොඩක් දෙනෙකුත් ඔතන නතර වෙයි.

blog gadol said...

ආපහු ළමා කාලයට යන්න ඇත්නම්!

ඉලංදාරියා said...

ලස්සනයි මචෝ....

අතිතය කියන්නෙ
ගෙවිලා ගිය කාලය උනත්...
වර්තමානය කියන්නේ...
අතිතය විසින් වදපු දෙයක්..

මේ ගෙවෙන මොහොත ...
අනාගතයේ දවසක..
අතිතය උනහම...
සතු‍ටු වෙන්න අපුලුවන් විදිහට...
වර්තමානය ගෙවන්න අපුලුවන්නම්...
ආනාගතය කියන දුකකට..
හොදම උපත් පාලනය ඒක...

ලමාකාලය අයෙත් ගන්න පුලුවන්නම්..

වැප් said...

බොරුවෙන් තොර වූ
අවංකත්වයෙන් පිරිපුන් වූ
සුන්දරත්වයෙන් අනුවන වු
ඒ කාලය අයේ එන්නනේ නැහැලූ

Muthu Paba said...

Aththa !!

sampathjt said...

ඔව් මචං අපි නොවැදගත් කියලා හිතුවට අමතක කරන්න බෑ ඒ දේවල්.. ඒකාලේ දාපු අත්තිවාරම මත තමා අපේ ජීවිත ගොඩනැගෙන්නේ.. කොහේ හරි තැනක සිදුවන පොඩි වැරදීමත් ඇති මුලු ජීවිතේම කාලකණ්ණිවෙන්න.. මටත් දැන් හිතෙනව මගේ ළමා කාලයේ මට ගොඩක් දේවල් මඟඇරිලා කියලා... බඩගින්නයි භයයි මේ දෙක තමා මගෙන් ගොඩාක් ඒවා උදුරගත්තේ..සමහර ඒවයි විපාක අදටත් ගෙවනවා..
ලස්සන නිර්මාණයක් මචං...
ජයවේවා!!!

හෙළයා said...

ළමා විය වගේ කාලයක් ආයේ තියනවද ?
ලබන ආත්මේ තමයි ඉතින්.
නියමයි මචං.

පුබුදුවා said...

ඇත්ත ඒවගේ තවත් සුන්දර කාලයක් තවත් කොහෙද?

මැණික්(සුළඟ) said...

ආයෙම යන්න පුළුවන් නම් ජීවිතේ අළුතින් පටන් ගන්න.
මැණික්(සුළඟ)

ස්වප්නා said...

ඔව්. ළමා විය කියන්නෙ නං සුන්දරම සුන්දරම සුන්දරම මතකයන් පිරි සමරු පොතක් :)
මතක් වෙනකොටත් ආසයි :)

priyantha.ඒබී said...

හා පාටත් අවත් වෙලා තියෙන්නේ
තව මොනවද අළුත්....?

``` Outsider``` said...

නියමයි යාඵ..

priyantha.ඒබී said...

පාටත් අළුත්, රූපත් අළුත් ආව් ආව් ලස්සනේ බෑ.
මට ඉරිසියත් හිතෙනවා බං

ayesha said...

හැමදාම ආදරෙන් මතක්කරන්න පුලුවන් ළමා විය. අපූරුයි යාළු .

සනා said...

ජීවිතයේ සුන්දරම කාලය... විශිෂ්ඨයි!!!

wath said...

ෂැඩෝ....

ළමයි කියන්නේ කිසිම දෙයක් නොලියපු පිරිසුදු කඩදාසියක්.... ටිකින් ටික ඒ කඩදහිය ඉරි අදින්න බලි කුරුටු අදින්න ගන්නව මකනව ආයේ ලියනව... ඒ කියන්නේ ළමයා කාලයත් එක්ක ළමයාගේ හිත ටික ටික අපිරිසිදු වෙනව.. තරහව ඉරිසියාව ක්‍රෝධය වෛරය ආසාව ආදරය පිරෙනව... අන්තිමට මැරෙන්න යන්නේ කුණු ගෑවිච්ච කඩදාසියක්...

ලස්සන යි ෂැ‍ඩෝ...

හසී said...

ආයෙත් යන්න තියේනම්.. ඒ වගේ කාලයක් අයේ එන්නේ නෑනේ අපිට :(

පිස්සා පලාමල්ල said...

උබ හිත න විදිය හැමදාම වගේ අමුතුයි... වගේම එළ.

තක්ෂිල said...

මහා අද්දැකිම් ගොඩක්
අපලග
මහා අදහස් ගොඩක්
පෙර දැරිව
මේ මහා ඡිවිතය ගලායන්නේ
බොහො සිතුවිලි මැද්දේය

Shadow/හේමලයා said...

සියල්ලන්ටම ස්තුතියි අදහස් වලට........:)..

අනේ මන්දා..?? said...

නියමයි යාළු..... maxaaa